Dialog ජාතික දැල්පන්දු තරගාවලියට සාර්ථක ආරම්භයක්

Dialog ජාතික දැල්පන්දු ශූරතාවය - 2021

468
Dialog National Netball Championships 2021

2021 Dialog ජාතික දැල්පන්දු ශූරතාවලිය අද (22) දිගන ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ වුනා. කණ්ඩායම් 32සහභාගීත්වයෙන්.

2021 වසරේ දී Dialog Axiata PLC විසින් සංවිධානය කළ ජාතික දැල්පන්දු තරගාවලිය කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟින් අවලංගු කිරීමට සිදු වුනා. එවන් වටපිටාවක් තුළ මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 32ක් මූලික වශයෙන් එක්ව සිටි අතර ඉන් කණ්ඩායම් 30ක් අද තරගාවලිය සඳහා සහභාගී වී තිබීම විශේෂත්වයක්.

මෙවර තරගාවලියේ දී කණ්ඩායම් 32 කාණ්ඩ 8ක් යටතේ තරග වදිනු ලැබුවා. ඒ A1, A2, B1, B2, C1, C2, D1 සහ D2 ලෙසින්. එක් කාණ්ඩයක් සඳහා කණ්ඩායම් 4ක් ඇතුළත්ව තිබුණා.

තරගාවලියේ පළමු දිනය වූ අද මූලික වටයේ තරග පැවති අතර එහි දී එක් එක් කාණ්ඩවල පෙරමුණ ගත් කණ්ඩායම් හෙට උදෑසන අර්ධ අවසන් පූර්ව වටයේ තරග සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

පළමු දිනයේ මූලික වටයේ තරග අතරින් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම, හැටන් නැෂනල් බැංකු කණ්ඩායම, ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ කුරුණෑගල දිස්ත්‍රික් දැල්පන්දු කණ්ඩායම ප්‍රබල දස්කම් දැක්වීමට සමත් වුනා.

අද දිනයේ වාර්තා වූ විශාලම ජයග්‍රහණය වාර්තා කිරීමට කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම සමත් වුනේ නුවරඑළිය කණ්ඩායම ලකුණු 36-02ක් ලෙස පරාජය කරමින්.

මඩකළපුව දිස්ත්‍රික් කණ්ඩායම සහ FTZ කණ්ඩායම අතර පැවති තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර එම තරගය නිමා වුනේ ලකුණු 11-11ක් ලෙස ජය පරාජයකින් තොරවයි.

දිනය අවසානයේ එක් එක් කාණ්ඩවල ලකුණු සටහන් දැක්වුනේ මෙසේයි,

*DNP – තරගයට සහභාගී නොවූ කණ්ඩායම්.

ඒ අනුව හෙට දිනයේ පැවැත්වීමට නියමිත අර්ධ අවසන් පූර්ව වටයේ තරග සඳහා හැටන් නැෂනල් කණ්ඩායම, කුරුණෑගල, යුද හමුදාව, කොළඹ, ගුවන් හමුදාව, කළුතර, මහනුවර සහ වරාය අධිකාරි කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

ඒ අනුව හෙට දිනයේ දී පැවැත්වෙන අර්ධ අවසන් තරග මෙසේයි.

    • පළමු තරගය – හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සහ වරාය අධිකාරි කණ්ඩායම
    • දෙවැනි තරගය – මහනුවර සහ කුරුණෑගල
    • තෙවැනි තරගය – යුද හමුදාව සහ කළුතර
    • සිව්වැනි තරගය – ගුවන් හමුදාව සහ කොළඹ

හෙට දිනයේ පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරග, තුන්වැනි ස්ථානය සඳහා වන තරගය මෙන්ම අවසන් තරගය ද හෙට පස්වරු 12 සිට සජීවව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳීසිටින්න, ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<