කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම
සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක්ම ඊයේ (20) පළමු දිනය සඳහා ක්‍රියාත්මක විය. මේ ඒ තරග පිළිබඳ සංක්ෂිප්ත සටහනකි.
සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 138 (44.3): ජොයෙල් පින්ටෝ 46, නිසල් සිල්වා 29, ඉමිතියාස් සල්සා 7/25.
සහිරා විද්‍යාල පළමු ඉනිම – 89 (20.5): රිද්මික නිමේෂ් 32, දිල්සර සමින්ද 23, අශේන් මලිත් 3/14, විශාල් සිල්වා 2/13.
සාන්ත අන්තෝනි විද්‍යාල දෙවන ඉනිම – 149 (63): කවීෂ දුලංජන 51, අශේන් මලිත් 30*, මොහොමඩ් ඩිල්ෂාන් 3/31, මොහොමඩ් රිෆාත් 3/43, ඉමිතියාස් සල්සා 3/51
සහිරා විද්‍යාල දෙවන ඉනිම – 100/4 (21): මොහොමඩ් ශමාස් 55, සංචිත හිරුශාන් 2/10, කවිශ දුලංජන 2/20.
සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 278/7d (89): ගිශාන්තික ජයවීර 111*, මිහිසල් අමෝද 77, ඉරුෂික තිමිර 3/106.
දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 28/2 (13):
සම්පූර්ණ ලකුණු සඳහා පිවිසෙන්න: මාතර උයන්වත්ත වර්ණවත් කළ ජයවීර සුපිරි ශතකයට
ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලියේ දෙවැනි දිනය නිමා වෙයි

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන මෙම තරගාවලියට මෙවර අනුග්‍රහය දක්වන්නේ Ritzbury Chocolates සමාගමයි. 1930 වසරේ ආරම්භ වුන 88 වන වරටත් ක්‍රියාත්මක වන 2018 සර් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය අවසන් වුණේ නව තරග වාර්තා තුනක් සමඟිනි.
සම්පූර්ණ වාර්තාව: පාරමී වසන්තිගේ තවත් වාර්තාවක් සමඟින් දෙවන දිනය හමාර වේ
ඉරාකය හමුවේ ශ්‍රී ලංකාව පරාජය වේ

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා ශූරතා බලාපොරොත්තු ඉරාකය විසින් උදුරා ගනී
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්





















