ධර්මරාජය දිනවීමේ වගකීම ජූඩ්ට!

150

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා ධර්මරාජ විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරන තුන්වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩක විශාල් ජූඩ් පත් කිරීමට ධර්මරාජ විද්‍යාලයීය රග්බි කමිටුව තීරණය කර ඇත.

ඉසිපතන රග්බි නායකත්වය පළපුරුදු සුපුරුදු අතකට

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා ඉසිපතන ………

විශාල් ජූඩ් පසුගිය වසර කිහිපයේ දී ම ධර්මරාජ විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් ඉහළම දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනෙන අතර ඔහුගේ එම දක්‍ෂතා හා ජ්‍යේෂ්ඨත්වය හේතුවෙන් ඔහුට එළඹෙන තරග වාරය සඳහා කණ්ඩායමේ නායකත්වය හිමි වී ඇත.

2018 වර්ෂයෙන් පසු ධර්මරාජ විදුහල A කාණ්ඩයට පා තබා ඇති අතර A කාණ්ඩයේ අභියෝගවලට ඉතා හොඳින් පිළිතුරු සපයමින් තම කණ්ඩායමේ තත්වය රැක ගැනීමට ජූඩ් ඇතුළු කණ්ඩායමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වනු ඇත.

ත්‍රිත්ව කණ්ඩායමේ වගකීම නව නායකයෙකුට

2020 අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ඇරඹීමට ………..

නමුත් කණ්ඩායමේ පුහුණුකරු ධූරයට පසුගිය තරග වාරයේ ඉසිපතන විදුහලේ පුහුණුකරු ලෙස කටයුතු කළ ලසින්ත ද කොස්තා මෙවර පළමු වතාවට මහනුවර කණ්ඩායමක් බාර ගනිමින් ධර්මරාජ විදුහල සියතට ගෙන ඇති නව නායකයෙකු හා කනිෂ්ඨ – ජ්‍යෙෂ්ඨ සුසංයෝගයක් සමඟ ධර්මරාජ විදුහල මෙවර තම A කාණ්ඩයේ වැඩ ඇල්ලීමට සූදානමින් සිටියි

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<