ආසියාවේ ස්ථානයක් සොයා ශ්‍රී ලංකා කාන්තාවන් දකුණු කොරියාවට

158

2019 ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලිය එළඹෙන අගෝස්තු 18 වැනිදා දකුණු කොරියාවේ දී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම ඊයේ (15) උදෑසන එරට බලා පිටත්ව ගියේය. 

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෝ මාලදිවයින බිංදුවට මට්ටු කරයි

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම හා මාලදිවයින් වොලිබෝල් කණ්ඩායම අතර පැවති වොලිබෝල්…

තරගාවලිය අගෝස්තු මස 18 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරගාවලිය සඳහා කණ්ඩායම් 13ක් එක්ව සිටියි. මූලික වටයේ තරග කාණ්ඩ 4ක් යටතේ පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම එහි D කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය. 

මූලික තරග වටය සඳහා සහභාගි වන කණ්ඩායම්

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය D කාණ්ඩය
දකුණු කොරියාව  ජපානය  තායිලන්තය  චීනය 
ඉරානය කසකස්ථානය  චීන තායිපේ  ඉන්දුනීසියාව 
හොංකොං  ඕස්ට්‍රේලියාව  නවසීලන්තය  ශ්‍රී ලංකාව
ඉන්දියාව 

තරගාවලියේ පළමු වටයේ තරග අවසානයේ දී එක් එක් කාණ්ඩවල මුල් ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් දෙවන වටයේ E හා F කාණ්ඩවලට ද, අනෙකුත් කණ්ඩායම් G හා H කණ්ඩවලට ඇතුළත් වේ. එම කාණ්ඩ තරගවලින් අනතුරුව මුල් ස්ථාන 8 සඳහා වන තරගාවලිය ද 9, 10, 11, 12 සහ 13 යන ස්ථාන සඳහා වන තරග ද පැවැත්වීමට නියමිතය. 

මීට පෙර මෙම තරගාවලිය 2017 වසරේ පැවති අතර එහි දී ශූරතාව දිනා ගැනීමට ජපානය සමත් විය. දෙවන ස්ථානය තායිලන්තයත්, තුන්වැනි ස්ථානය දකුණු කොරියාවටත් හිමි විය. කණ්ඩායම් 14ක් එක්වූ එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 13 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. 

පොඩි මිනිස්සුන්ගේ ක්‍රීඩාවේ දක්ෂයෝ සොයා යන්න නව වේදිකාවක්

ඩයලොග් රන් කුසලාන වොලිබෝල් තරගාවලිය යටතේ පැවති වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයින් සඳහා වන…

මෙවර තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වාසනා මධුමාලිට හිමි වී ඇති අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රොබේටෝ සෙපෙරෝ මහතා කටයුතු කරයි. සහාය පුහුණුකරු ලෙස ජානක ඉන්ද්‍රජිත් මහතා ද, අභ්‍යාසක ලෙස අමිල විජේපාල මහතා ද, කණ්ඩායම භාර නිලධාරිනිය ලෙස රේණුකා නිලිමිණි මිය සහ කණ්ඩායම් කළමනාකරු වශයෙන් තුෂාර පෙරේරා මහතා කටයුතු කරනු ලබයි.

සංචාරයට පිටව යාමට පෙර කණ්ඩායම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ. එස්. නාලක මහතා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදි.

පළමු පේලිය අසුන්ගෙන (වමේ සිට)

රේණුකා නිලිමිණි මිය (කණ්ඩායම භාර නිලධාරිනිය), අමිල විජේපාල මහතා (අභ්‍යාසක), රොබේටෝ සෙපෙරෝ මහතා (ප්‍රධාන පුහුණුකරු), ආචාර්ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා (ගරු සභාපති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය), ඒ. එස්. නාලක මහතා (ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය), ජානක ඉන්ද්‍රජිත් මහතා (සභාය පුහුණුකරු), වාසනා මධුමාලි (කණ්ඩායම් නායිකාව)

 දෙවන පේලිය – වමේ සිට

දිලුෂා සංජීවනි, අශානී චමෝදිකා ජයතුංග, අමානි කෞෂල්‍යා, රුවනි තක්ෂලා, අනුත්තරා සඳමාලි, අයේෂා මධුරිකා, කවීෂා ලක්ෂානි, සංජීවනී කරුණාරත්න, හෂිනි ලක්ෂිකා, අප්සරා සෙව්මාලි, තිළිණි වාසනා, කාන්චනා චතුරානි, සඳුනි දිනේෂිකා රණතුංග

ඕස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉහළම දස්කම දක්වයි

2019 ආසියානු කුසලාන වයස අවුරුදු 23න් පහළ පිරිමි වොලිබෝල් තරගාවලිය මේ වන විට මියන්මාරයේ දී…

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මූලික වටයේ තරග අගෝස්තු මස 18 වැනිදා ආරම්භ වීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා චිනය අතර තරගය අගෝස්තු 18 වැනිදා ද, ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර තරගය අගෝස්තු මස 20 වැනිදා ද පැවැත්වීමට නියමිතයි. සියලු තරග මෙරට වේලාවෙන් පස්වරු 1ට පැවැත්වේ. 

2019 ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<