ආසියානු වොලිබෝල් සංගමයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ඩයලොග් 4G Home Broadband එක්ව සංවිධානය කරන ප්‍රථම ආසියානු පිරිමි වොලිබෝල් අභියෝගතා කුසලාන ශූරතාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාවට අද (20) සිදු විය. ඒ ඉරාක කණ්ඩායම සමඟ පැවති තරගයෙන් වට 3-1ක් ලෙසින් පරාජය වීමත් සමඟයි. තරගය පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ය.
තරගය ඉතා උණුසුම් තරගයක් වනු ඇතැයි බොහෝ දෙනා සිතූ අතර එම උපකල්පනය නිවැරදි විය.
UAE අසරණ කරමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු වොලිබෝල් සංගමයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ඩයලොග් 4G..
පළමු වටයේ ප්‍රථම ලකුණු කිහිපය දෙපිල අතරේ සම සමව බෙදුණු නමුත් ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් තරගයේ ඉදිරියට යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. දෙවැනි තාක්ෂණික කෙටි විවේකයේ දී 16-13ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි අතර ඉන්පසු පළමු වටය අවසන් වන තෙක්ම ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකාවට හැකි විය. පළමු වටයේ ප්‍රතිඵලය වූයේ 25-22කි.
පළමු වටයේ දී නොකළ යුතු වැරදීම් රාශියක් ශ්‍රී ලංකාව විසින් සිදු කළ ද වටය ජය ගැනීමට සමත් වීම කැපී පෙනුණි. පිරිනැමීමේ වැරදි 4ක් දෙපිල විසින්ම සිදු කළ අතර දැලෙහි දැවටීම නිසා ඉරාක කණ්ඩායමට ලකුණු 4ක් පූජා කිරීම ද ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලදි. නමුත් පළමු වටයේ දී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි කණ්ඩායම විය.
දෙවැනි වටයේ දී විවිධාකාරයේ සිදුවීම් රාශියක් සිදු විය. වටයේ මුල සිටම ලකුණු පරතරය වැඩි කර ගැනීමට ඉරාක කණ්ඩායමට හැකි වූ අතර වරෙක ලකුණු මට්ටම දැක්වුණේ 10-19ක් ලෙසිනි. එම අවස්ථාවේ දී තවත් ලකුණක් ලබා ගැනීමට ඉරාක කණ්ඩායමට හැකි වූ නමුත් ඉරාක ක්‍රීඩකයෙකු දැලෙහි දැවටුණ බව දෙවැනි විනිසුරු විසින් සංඥා කිරීමත් සමඟින් දෙවැනි වටයෙහි තත්වය වෙනස් වන්නට ආරම්භ විය.
ඉන්පසු ශ්‍රී ලංකාව ද ලකුණු එකිනෙක ලබා ගනිමින් ලකුණු පරතරය ලං කිරීමට සමත් විය. අවසානයේ දී 24-24ක් ලෙසින් වටය සම විය. නමුත් කෙසේ හෝ තවත් ලකුණු දෙකක් ලබා ගනිමින් වටය ජයග්‍රහණය කරමින් තරගය 1-1ක් ලෙසින් සම කිරීමට ඉරාකයට හැකි විය.
>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
තුන්වැනි වටයේ දී ද මුල සිටම ලකුණු කිහිපයක පරතරය පවත්වා ගැනීමට ඉරාකයට හැකි විය. තාක්ෂණික කෙටි විවේක කාල දෙකේ දී ලකුණු තත්වය දැක්වුණේ පිළිවෙළින් 6-8ක් සහ 13-16ක් ලෙසිනි. එම වටයේ ද 20-21ක් ලෙසින් ලකුණු තත්වය ආසන්නයටම ගෙන ඒමට ශ්‍රී ලංකාවට හැකි වුවද, ඉතිරි ලකුණු 4 පිට පිට ලබා ගනිමින් 20-25ක් ලෙසින් වටය ජය ගැනීමට ඉරාකයට හැකි විය.
එම අවස්ථාව වන විට ශ්‍රී ලංකාවේ ශක්තිය ඉරාකය විසින් හොඳින් හඳුනා ගෙන සිටි අතර ඉරාක කණ්ඩායම ඒ අනුව ක්‍රීඩා කරන බවක් පෙනෙන්නට විය.
තරගාවලියේ රැඳී සිටීමට නම් සිව්වැනි වටය ජය ගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්යය සාධකයක් වී තිබුණි. සිව්වැනි වටයේ දී වරෙක 12-11ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකාවට හැකි වූවත්, ඉන්පසු පිට පිට ලකුණු කිහිපයක් ලබා ගැනීමට ඉරාකය සමත් වීමත් සමඟින් දෙවැනි තාක්ෂණික කෙටි විවේකයේ දී ලකුණු මට්ටම 13-16ක් වශයෙන් පැවතුනි. ඉන්පසු තරගය ජය ගැනීම සඳහා තමාට කළ හැකි සියලුම දෑ ශ්‍රී ලංකාවේ පුහුණුකරු සහ ක්‍රීඩකයන් විසින් සිදු කළ ද ඒ වන විටත් තරගයේ පාලනය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගොස් තිබුණි. ඒ අනුව 20-25ක් ලෙසින් සිව්වැනි වටය ද ජයග්‍රහණය කළ ඉරාකය වට 1-3ක් ලෙසින් තරගය ජයගෙන ආසියානු වොලිබෝල් ශූරතාවයේ අවසන් සටනට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
තරගය පුරාම ශ්‍රී ලංකාවට වඩා ඉරාකය ඉදිරියෙන් සිටි අතර තරගය පුරාවටම පිරිනැමීම්වල දී ලකුණු 36ක් ඉරාකය ලබාගෙන තිබුණි. ශ්‍රී ලංකාව ලකුණු 27ක් පමණක් පිරිනැමීමෙන් ලබාගත් අතර එය දෙපිල වෙන් කළ ප්‍රධානම සාධකය විය. ඒ සඳහා බලපෑ ප්‍රධානම හේතුව වූයේ ආවරණයි. ශ්‍රී ලංකාවේ ආවරණ යම් අවස්ථාවල දී ඉතා දුර්වල වූ අතර ඉරාකයේ පන්දු සකසා දෙන්නාගේ හැකියාව කැපී පෙනුණි.
මාස 7ක් අපි පුහුණු වුනේ අද තරගයට – ජාතික වොලිබෝල් පුහුණුකරු
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මේ දිනවල පැවැත්වෙන පළමුවැනි…
අනෙක් අතින් ශ්‍රී ලංකාවේ පන්දු සැකසීම ඉතා දුර්වල මට්ටමක පැවති අතර පන්දුව ලබා ගැනීම ද වෙනදා මෙන් නොවීය. වේගවත් පහරවල් පිළිබඳ පමණක් ශ්‍රී ලංකාව විශ්වාසය තබා ඇති බව පෙනුනි. නමුත් ඉරාකය ඒ මතින්ම යැපුණේ නැත.

හෙට දිනයේ දී තෙවැනි ස්ථානය සඳහා වන තරගයට ශ්රී ලංකාව ක්රීඩා කිරීමට නියමිතයි. එම තරගය ද Thepapare.com වෙතින් සජීවීව නරඹන්නට ඔබට හැක. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<






















