පාරමී වසන්තිගේ තවත් වාර්තාවක් සමඟින් දෙවන දිනය හමාර වේ

513

ශ්‍රී ලංකාවේ පැරණිතම හා ප්‍රධානතම පාසල් මලල ක්‍රීඩා තරගාවලියක් වන සර් ජෝන් ටාබට් (ජ්‍යෙෂ්ඨ) මලල ක්‍රීඩා උළෙලේ දෙවන දිනය (20) නිමා වූයේ තවත් නව තරගාවලි වාර්තා රැසක් සමඟිනි.

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන මෙම තරගාවලියට මෙවර අනුග්‍රහය දක්වන්නේ Ritzbury Chocolates සමාගමයි. 1930 වසරේ ආරම්භ වුන 88 වන වරටත් ක්‍රියාත්මක වන 2018 සර් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය අවසන් වුණේ නව තරග වාර්තා තුනක් සමඟිනි.

තරගාවලිය ආරම්භ කරමින් වාර්තා 3ක්

ශ්‍රී ලංකාවේ පැරණිම සහ ගෞරවාන්විතම පාසල් මලල ක්‍රීඩා තරගාවලිය වන ‘රිට්ස්බරි’ ශ්‍රීමත් ජෝන්.

දිනයේ පළමු තරග වාර්තාව පිහිටුවීමට සමත් වුණේ මා කඳුර මධ්‍ය විද්‍යාලයේ කේ. ශෂිකලා දිල්ශානි. වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර 5000 ඇවිදීමේ ඉසව්ව මිනිත්තු 27:58.35කින් නිමා කරමින් ඇය මෙම දක්ෂතාව දැක්වූ අතර එම ඉසව්වේ දෙවන ස්ථානය සාන්ත ඇන්ඩෘස් බාලිකා මහා විද්‍යාලයේ සඳුනි නිසංසලා දිනා ගත්තේ මිනිත්තු 29:37.00කින් තරගය නිමා කරමිනි.

එළඹෙන ඔක්තෝබර් මාසයේ ආර්ජෙන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වන කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ පාරමී වසන්ති ඊයේ අවුරුදු 18න් පහළ බාලිකා මීටර 2000 බාධක දිවීමේ ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් පිහිට වූ අතර එයින් සෑහීමට පත් නොවූ ඇය අදත් නව තරග වාර්තාවක් බිහි කළේ සුපිරි දක්ෂතා දක්වමිනි.

වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර 3000 ධාවන ඉසව්ව මිනිත්තු 9:58.3කින් නිමා කළ ඇය මෙම දක්ෂතාව දැක්වූ අතර එම ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන සී. එස්. හේරත් (10:45.8) හා පී. කේ සොයිසා (10:55.5) දිනා ගැනීමට සමත් විය. ඔවුන් දෙදෙනාම වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයකි.  

“LSR කොළඹ මැරතන්” ජයග්‍රාහකයින්ට මිලියන 2.5ක්!

18 වැනි වරටත් සංවිධානය කරන ශ්‍රී ලංකා “LSR කොළඹ මැරතන්” තරගය එළඹෙන ඔක්තෝබර්..

නිමා වූ ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 400 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කළ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පී. එම් පී. එල් කොඩිකාර වයස අවුරුදු 20න් පහළ මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.

පසිඳු පසුගිය කාලයේ දී මීටර 400 ඉසව්වට වැඩි අවධානයක් යොමු කළත් අද මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ද සුපිරි දක්ෂතා පෙන්නුම් කළ ඔහු එම ඉසව්ව නිමා කළේ තත්පර 52.69කින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවමිනි. එම ඉසව්ව තත්පර 53.50කින් නිමා කළ ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද්‍ය සංකල්ප එම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගත් අතර මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ ෂෙහාන් බියන්වල තත්පර 54.06කින් ඉසව්ව නිමා කරමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

කොළඹ බිෂොප් විද්‍යාලයේ ඔවිනි චන්ද්‍රසේකර වයස අවුරුදු 16න් පහළ යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිට වූයේ මීටර 13.15ක දක්ෂතාවයක් වාර්තා කර ගනිමිනි.

කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ ක්‍රීඩකයින් මෙවර තරගාවලියේ දී සුපිරි දක්ෂතා දැක්වීමට සමත් වූ අතර මේ වන විට ලකුණු සටහනේ පළමු ස්ථානය ද ඔවුන්ට හිමිව තිබේ. සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් වයස අවුරුදු 16න් පහළ කව පෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කිරීමට රුමේෂ් තරංග සමත් වූයේ මීටර 61.67 ක දක්ෂතාවයක් දක්වමිනි. පේදුරු තුඩුව හාට්ලි විද්‍යාලයේ සුසින්තිරකුමාර් මිතුන්රාජ් සිය හොඳම පෞද්ගලික දක්ෂතාව ලෙස මීටර 53.79ක දුරක් වාර්තා කරමින් එම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 106 දෙනෙකුගෙන් සමන්විත ජාතික මලල ක්‍රීඩා සංචිතයක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය (AASL) විසින් ක්‍රීඩකයින් 106 දෙනෙකුගෙන් සමන්විත…

ඉතා උණුසුම් ඉසව්වක් වූ බාලක වයස අවුරුදු 18න් පහළ මීටර 200 ධාවන ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවන්නට රමේෂ් මල්ෂාන් සමත් විය. මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය නියෝජනය කරන ඔහු මෙම ඉසව්ව නිමා කිරීමට ගත කළේ තත්පර 21.92ක් පමණි. එම ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් සාන්ත පීතර විද්‍යාලයේ දිනෙත් සේනානායක (22.44) හා හලාවත සාන්ත මේරි විද්‍යාලයේ ශේමාල් පෙරේරා (22.47) දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලාංකික පාසල් ධාවන පිටියේ දිගු දුර හා මැදි දුර ආධිපත්‍ය හිමිකරගෙන සිටින වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩිකාවන් බාලිකා වයස අවුරුදු 20න් පහළ මීටර 800 ඉසව්ව සම්පූර්ණයෙන්ම තමන් සතු කර ගත්තේ නව තරග වාර්තාවක් ද සමඟිනි. එම විද්‍යාලයේ කේ. ජි. ඩී. එම්. එස්. කුමාරසිංහ මිනිත්තු 2:12.67කින් ඉසව්ව නිමා කරමින් නව තරග වාර්තාවක් පිහිට වූ අතර එම විද්‍යාලයේම පී. එන්. රත්නායක (2:19.45) දෙවන ස්ථානයත් ජී. එන්. අබේසිංහ (2:19.86) තෙවන ස්ථානයත් දිනා ගන්නා ලදි.

වයස අවුරුදු 16න් පහළ පිරිමි මීටර 800 ධාවන ඉසව්වෙන් ද නව තරග වාර්තාවක් බිහි වූ අතර මාදම්පේ සේනානායක ජාතික පාසලේ ලහිරු අවිශ්ක ගරුසිංහ එම වාර්තාව පිහිටුවන ලදි. ඒ සඳහා ඔහුට ගත වූ කාලය මිනිත්තු 1:59.02කි.

තරගාවලිය තෙවැනි සහ අවසන් දිනය වන හෙට (21) දිනයේ තොරතුරු සඳහා රැඳී සිටින්න.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<