ගෙවුනු දවස සැප්තැම්බර් 25 – හොන්ග් කොන්ග් අභියෝගයක් විය

601
Sep - 25

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

රග්බි –

ශ්‍රී ලංකාවට අනුශූරතාවය

ආසියා සත්සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේ දෙවන දිනය (25) ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සත්කාරක දේශය වූ දකුණු කොරියාවට එදිරිව සටන් වදිමිනි.

මෙම තරගය ඊයේ (25) උදෑසන දකුණු කොරියාවේ නොම් ඩොන්ග් ක්‍රීඩා පිටියේදි පැවැත්වුනු අතර ශ්‍රී ලංකාව ලකුණු 26 – 10 ලෙස සත්කාරක දේශය පරාජය කරමින් අවසන් මහා තරගයට අසුන් වෙන්කර ගන්නා ලදි.

අවසන් මහා තරගයේදි ශ්‍රී ලංකාවට කිසිදු ලකුණක පහස විඳීමට හොන්ග් ක්‍රීඩකයෝ ඉඩ ලබා දුන්නේ නැත. එම තරගයෙන් ශ්‍රී ලංකාව 36 – 00 ලෙස පරාජයට පත්විය. තරගාවලියේ 3 වන සහ අවසන් අදියර ඔක්තෝම්බර් 15 සහ 16 කොළඹ දී පැවැත්වෙනු ඇත.

සම්පූර්ණ ලිපිය: දෙවන අදියරේ අනුශූරතාවයත් ශ්‍රී ලංකාවට


ක්‍රිකට් –

මුරලි කුසලානය ගාල්ලේ මහින්ද විදුහලට

සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ අදහසකට අනුව නවක ක්‍රීඩකයින් සොයා යාමට 05 වන වතාවටත් සංවිධානය කරනු ලැබු “මුරලි සමගි කුසලාන 2015/2016” තරගාවලිය, කණ්ඩායම් 24කගේ සහභාගීත්වයෙන් කාණ්ඩ 6ක් ඔස්සේ පු‍රා දින 4ක් පුරා තරග වැදුණු අතර එම තරගාවලියේ අවසන් මහා තරඟ ඊයේ (25) පැවැත්විණි. මෙම තරඟ වලින් මහින්ද විද්‍යාලය හා නිට්ටඹුව යන කණ්ඩායම් ජයග්‍රහණය ලබාගන්නා ලදි.

නාලන්දා විද්‍යාලය – 117/09 (20): කසුන් සඳරුවන් 33, දසුන් සෙනවිරත්න 28, සචින්ත සුභසිංහ 22, රෙශාන් කාවින්ද 3/17, කේන් කවීන් 2/27

මහින්ද විද්‍යාලය – 120/02 (16.4): රවිදු වැලිහිද 49*, නිපුන් මාලිංග 30*, රෙශාන් කාවින්ද 28, ලක්ෂිත මානසිංහ 2/19

මාතලේ කාන්තා කණ්ඩායම – 84/10 (17.1): නිලූකා අමරසේන 20, ඩිල්රුක්ෂි අර‍ඹේගොඩ 14*, සඳමිණි ලංකා 14, ශානිකා තරුශි 2/13, ගයානි කාංචනා 2/29

නිට්ටඹුව කාන්තා කණ්ඩායම – 85/04 (15.3): පබසරා රන්බදු 26, මලීශා ශෂිනි 17*, රුවනි මදුශිකා 15*, රැබී රජින්තා 2/17

සම්පූර්ණ ලිපිය: මුරලි කුසාලනය ගාල්ලට හා නිට්ටඹුවට


කාන්තාවෝ එක්දින තරගාවලිය 04-00 ලෙස පරාදයි

2016 ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සිව්වැනි සහ අවසාන එක්දින තරගය ඊයේ (25) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. බෝල්ටන්ගේ අගනා ශතකයත්, ඕස්ට්‍රේලියානු කන්තා කණ්ඩායමේ විශිෂ්ඨ පිතිකරණයත් සමඟින් ලකුණු 137කින් තරගය ජය ගෙන, 4-0 ලෙස තරගාවලියද ජය ගැනීමට ඕස්ට්‍රේලියානු  කන්තා කණ්ඩායම සමත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම – 268/3 (15.4) නිකොල් බෝල්ටන් 113, එල්සි පේරි 77, චමරි අතපත්තු 2/48

ශ්‍රී ලංකා කණ්ඩායම – 131/10 (45.5) ප්‍රසාදිනී වීරක්කොඩි 33, චමරි අතපත්තු 26 , ක්‍රිස්ටීන් බිම්ස් 4/26, හොලී ෆ්ර්ලින්ග් 3/30, රෙනේ ෆාරේල් 3/17

සම්පූර්ණ ලිපිය: අවසන් තරගයේ ජයත් ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට


ලහිරුගෙන් මිලන්තගෙන් ශතකයක්

වෙළඳ සේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ පළමු වටයේ තරග දෙකක් ඊයේ (25) දිනයේදී පැවැත්වුණි. එම තරග වලින් ජයග්‍රහණය වාර්තා කරන්නට ජෝන් කීල්ස් සහ HNB කණ්ඩායම් සමත් වූහ. ජෝන් කීල්ස් කණ්ඩායමේ ක්‍රීඩක ලහිරු මිලන්ත රැස්කල අනර්ඝ ශතකය සහ අවසන් පන්දු වාරය තෙක්ම ඇදී ගිය HNB – ඩිමෝ තරගය ඊයේ කාගේත් වැඩි අවධානයට පාත්‍ර විය.

ටෙක්ස්චඩ් ජර්සි සියල්ලන්ම දැවී ලකුණු 234 (පන්දුවාර 48.5): ඩිලන් ජයලත් 58, මිලින්ද සිරිවර්ධන 49, විශාද් රන්දික 31, විකුම් බණ්ඩාර 2/35.

ජෝන් කීල්ස් කඩුලු 4ක් දැවී ලකුණු 236 (පන්දුවාර 35.4): ලහිරු මිලන්ත 121*, භානුක රාජපක්ෂ 47, රොශේන් සිල්වා 37, උපුල් බණ්ඩාර 2/17, ලහිරු සමරකෝන් 2/47.

ඩිමෝ සියල්ලන්ම දැවී ලකුණු 187 (පන්දුවාර 43.5): ජේසන් පෙරේරා 85, නිපුන් කරුණානායක 25, ප්‍රමෝද් හෙට්ටිවත්ත 23, මින්හාජ් ජලීල් 2/45, බුද්ධි පෙරේරා 3/20.

HNB කඩුලු 9ක් දැවී ලකුණු 191 (පන්දුවාර  49.5): අශේන් ප්‍රනාන්දු 78*, පුළිණ තරංග 3/35, රමේෂ් මෙන්ඩිස් 2/45.

සම්පූර්ණ ලිපිය: මිලන්තගේ ශතකයෙන් ජෝන් කීල්ස් ඉනිම පණ ලබයි

දවසේ නිමාව

අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

පසුගිය සතියෙන්

රඹුක්වැල්ල ඇප මත නිදහස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල 22 වැනිදා උදෑසන පොලිස් අත්අඩංගුවට පත් වූයේ බීමතින් රිය පැදවීම සහ කොළඹ 7 පිහිටි සුප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක තාප්පයකට අලාභ හානී කිරීම යන වැරදි මූලික කරගනිමිනි. කෙසේ වෙතත් මීට සුළු මොහොතකට ප්‍රථම ඔහුව පොලිස් ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වේ.


මහා ක්‍රීඩා උළෙලකට සියල්ල සූදානම්

42වන ජාතික මහා ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මස 29, 30 සහ ඔක්තෝබර් මස 01, 02 යන දිනයන් හීදී යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව 21 වැනිදා ක්‍රිඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මාධ්‍යට පැවසීය.

යාපනය හා කිලිනොච්චිය කේන්ද්‍රකොට ගනිමින් මෙම ක්‍රීඩා උළෙලඑම දිස්ත්‍රික්ක තුල පවතින ක්‍රීඩාංගන වලදි පවත්වන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නේවාසික පහසුකම් –  යාපනය මහා විදුහලයාපනය හින්දු විදුහලවෙම්බඩි කාන්තා විදුහලකුකුවිල් මහා විදුහල හා ස්ටැන්ලි විදුහල් තුල ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

සම්පූර්ණ ලිපිය: 42වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සියල්ල සූදානම


ක්‍රිකට් සම්මාන උළෙල කල් යයි

21 වැනිදා පවත්වන්නට නියමිතව තිබූ ඩයලොග් – ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් නොවැම්බර් 30 වැනිදා දක්වා කල් දමා ඇත.

මෙම තීරණය පිලිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කල නිල නිවේදනයේ සඳහන් වන්නේ, “මෙවර සම්මාන උළෙලේ දී ගෙවුනු වසර තුල අතිවිශිෂ්ට දක්ෂතා දැක්වූ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තෝරා ගැනීමට හැකිවන පරිදික්‍රමවත්ව තේරීම් සිදුකළ හැකි නව නිර්ණායකයන් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.”

සම්පූර්ණ ලිපිය: ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙල කල් යයි


රිය අනතුරකට කුලසේකර අත් අඩංගුවට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර විසින් කොළඹ – නුවර මාර්ගයේ කඩවත කිරිල්ලවල ප්‍රදේශයේදී  සිදුකරන ලද රිය අනතුරකින් 28 හැවිරිදි තරුණයෙකු මරණයට පත්ව ඇත.

නුවර සිට කොළඹ බලා ගමන් කරමින් සිටි කුලසේකරගේ රියට යටවී ඇත්තේ වයස අවුරුදු 28ක් වූ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකි. පොලීසිය විසින් වැඩිදුරටත් සදහන් කරන ලද්දේ තරුණයා ගමන් කරමින් සිටියදී රථයේ ගැටී ඇද වැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

සම්පූර්ණ ලිපිය: නුවන් කුලසේකර අත් අඩංගුවට