42වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සියල්ල සූදානම්

355
42nd National Sports Festival 2016

42වන ජාතික මහා ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මස 29, 30 සහ ඔක්තෝබර් මස 01, 02 යන දිනයන් හීදී යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව අද (21) ක්‍රිඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මාධ්‍යට පැවසීය.

පසුගිය ලිපි: පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වාර්තා පොත් අලුත් කරයි

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000 පමණ සහභාගීත්වයෙන් පවත්වන මෙහි මූලික තරග වට කිහිපයක් පවත්වා අවසන් අතර මලල ක්‍රීඩා, කඹ ඇදීම, පැසිපන්දු ,වෙරළ කබඩි, වොලිබෝල්, දැල්පන්දු, පිහිනුම්, පාපන්දු ඇතුලු ක්‍රීඩා 33කින් සමන්විතයි. මෙම තරගාවලියට ඔලිම්පික් හා ඔලිම්පික් නොවන ක්‍රීඩා ද ඇතුලත් වන අතර ඒවාට අමතරව නව ක්‍රීඩා 8ක් ද ඇතුලත් කර ඇත.

යාපනය හා කිලිනොච්චිය කේන්ද්‍රකොට ගනිමින් මෙම ක්‍රීඩා උළෙල, එම දිස්ත්‍රික්ක තුල පවතින ක්‍රීඩාංගන වලදි පවත්වන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නේවාසික පහසුකම් –  යාපනය මහා විදුහල, යාපනය හින්දු විදුහල, වෙම්බඩි කාන්තා විදුහල, කුකුවිල් මහා විදුහල හා ස්ටැන්ලි විදුහල් තුල ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මේ අතර මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් පල කල ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේ සංවර්ධනය වෙමින් පවතින උතුරු පළාත තුල මෙවන් ක්‍රීඩා උළෙලක් පැවැත්වීමෙන් එම පළාතේ වෙසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුල වුවද ක්‍රීඩාව කෙරේ උනන්දුවක් ඇතිවිය හැකි බවත්, දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ශ්‍රී ලංකාව තුල පවතින ජාතික සංහිදියාව ලොවට පෙන්වාලීමට මෙම ක්‍රීඩා උළෙල මගින් හැකි වන බවයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට