DSI වොලිබෝල් අවසන් වට අගෝස්තු මාසයේ දී

277
DSI volleyball tournament

DSI සුපර් ස්පෝට් අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් වටයේ තරග අගෝස්තු මස 02 වනදා සිට 07 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.

අවසන් වටයේ තරග පැවැත්වෙන්නේ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විදුහල් ක්‍රීඩා පිටියේ දී ය. තරගාවලිය වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ ලෙස වයස් කාණ්ඩ 04ක් යටතේ බාලක සහ බාලිකා අංශ දෙක ඔස්සේම පැවැත්වෙන අතර අවසන් වටයේ තරග සඳහා සුදුසුකම් ලැබීමේ දිස්ත්‍රික් මට්ටමේ තරග මේ වන විට ආරම්භ වී ඇත. ඒ අනුව මේ වන විට උතුරු මැද හා නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික් මට්ටමේ තරග පවත්වා අවසන්ව ඇති අතර මේ දිනවල ගම්පහ දිස්ත්‍රික් තරග පැවැත්වෙමින් තිබේ.  

වරාය අධිකාරිය – ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් ශූරතාවය

ආසියානු පිරිමි ක්‍රීඩා සමාජ වොලිබෝල් ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී..

මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ වයස අවුරුදු 13න් පහළ බාලක සහ බාලිකා තරග අංශ වෙනස් මුහුණුවරකින් පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබීමයි. එහි දී තරග වදින්නේ ළාබාල ක්‍රීඩකයින් වන බැවින් සාමාන්‍යයෙන් එහි තරගකාරීත්වය අවම මට්ටමක පවතියි. එමනිසා මෙවර තරගාවලියේ දී වයස අවුරුදු 13න් පහළ තරග පහේ ගුණිත ක්‍රමයකට පැවැත්වෙනු ඇත.

ඒ අනුව තරගයක දී දෙපිලේම ලකුණු එකතුව 05ක් සම්පූර්ණ වූ විට දෙපිලේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගයෙන් ඉවත්ව අතිරේක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරගය පවත්වා ගෙන යාමට අවස්ථාව ලබා දිය යුතුය. මෙසේ කණ්ඩායම් දෙකේම ලකුණු එකතුව පහෙන් පහට වැඩි වන සෑම අවස්ථාවක දී ම කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාරු කිරීමක් සිදු කිරීමට සිදු වනු ඇත. එමෙන්ම තරග වටයක් ලකුණු 21කට සීමා කර ඇත.

ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය මඟින් සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා මෙවරත් අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ ඩී. සැම්සන් සහ පුත්‍රයෝ (DSI පාවහන්) සමාගමයි.

ඉන් අනතුරුව තරගාවලියේ අවසන් මහා තරග සැප්තැම්බර් මස 01 වන දින සිට 03 වන දින දක්වා මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

  තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට