අවසන් තරගයේ ජයත් ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට

299
Women's Cricket - SL v AUS

2016 ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සිව්වැනි සහ අවසාන එක්දින තරගය අද (25) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. බෝල්ටන්ගේ අගනා ශතකයත්, ඕස්ට්‍රේලියානු කන්තා කණ්ඩායමේ විශිෂ්ඨ පිතිකරණයත් සමඟින් ලකුණු 137කින් තරගය ජය ගෙන, 4-0 ලෙස තරගාවලියද ජය ගැනීමට ඕස්ට්‍රේලියානු  කන්තා කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: ඕස්ට්‍රේලියානු කාන්තාවෝ ජය තහවුරු කරගනි

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණි  ඕස්ට්‍රේලියානු  කන්තා පිලේ නිකොල් බෝල්ටන් සහ එල්සි විලැනි ලකුණු 48ක සබදතාවයක් ගොඩනැඟු අතර පළමු කඩුල්ල ලෙස එල්සි විලැනි දවා ගන්නට චමරි අතපත්තු සමත් විය. දෙවන කඩුල්ල ලෙස ලකුණු 43ක් ලබාගත් මෙග් ලෙනන් දවාගැනීමටද චමරි අතපත්තුට හැකිවිය.

ලකුණු 120ක අගනා සබදතාවයක් ගොඩ නැගීමට නිකොල් බෝල්ටන් සහ එල්සි පේරි සමත් වූ අතර තුන් වෙනි කඩුල්ල ලෙස බෝල්ටන් දැවී ගියේ තරගාවලියේ ප්‍රථම සහ එකම ශතකය ලබාගත් ක්‍රීඩිකාව ලෙසිනි. ඇයගේ ඉණිම හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් ද සමඟින් ලකුණු 113ක් ලෙස සටහන් විය. ඕස්ට්‍රේලියානු ඉනිමේ අවසාන කඩුල්ල ලෙස බෝල්ටන් දැවී ගියේ අමා කාංචනා විසින් රැක ගත් උඩ පන්දුව නිසාවෙනි. බෝල්ටන්ගේ ඉණිමට නොදෙවෙනි පිතිහරබයක නිරත වූ එල්සි පේරි හතරේ පහර 7ක් ද එක් හයේ පහරක් ද සමඟින් නොදැවී ලකුණු 77*ක් රැස් කිරීමට සමත් විය. ඇලෙක්ස්  බ්ලැක්වෙල් නොදැවී ලකුණු 3යි.

පන්දු යැවීමේදී චමරි අතපත්තු කඩුලු 2ක් ද, අමා කාංචනා එක් කඩුල්ලක් ද දවගන්නා ලදී.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම 268/3 (15.4) නිකොල් බෝල්ටන් 113, එල්සි පේරි 77, චමරි අතපත්තු 2/48

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ ප්‍රසාදිනී වීරක්කොඩි සහ හසිනි පෙරේරා යන පිතිකාරිනියන් යුගලයි. පළවෙනි කඩුල්ල ලෙස ලකුණු 2ක් ලබා සිටි හසිනි පෙරේරා, ෆෙර්ලින්ග්ගේ පන්දුවක් හමුවේ දැවි ගියේය.

වීරක්කොඩි සහ අතපත්තු විසින් ලකුණු 26ක් රැස් කරමින් ගොඩනැඟු සබඳතාවය බිඳලමින් ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 33කට පිටියෙන් ඉවත් විය. එම කඩුල්ලෙන් පසුව එක පිට එක කඩුලු දැවී ගිය අතර චමරි පොල්ගම්පොලගේ ලබාගත් ලකුණු 19න් පසුව කිසිම මැද පෙළ පිතිකාරිනියක් ලකුණු 10යේ සිමාව පසු කර ගියේ නැත. අවසානයේදි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45.5කදි සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 131ක් පමණි.

පන්දු යැවීමේදි ලකුණු 26කට කඩුලු 4ක් දවා ගැනීමට බිම්ස් සමත්විය. මේ ජයග්‍රහණයත් සමඟින් 4-0 ක් ලෙස එක්දින තරගාවලිය ජයගැනීමට ඕස්ට්‍රේලියානු  කන්තා පිල සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම131/10 (45.5) ප්‍රසාදිනී වීරක්කොඩි 33, චමරි අතපත්තු 26 , ක්‍රිස්ටීන් බිම්ස් 4/26, හොලී ෆ්ර්ලින්ග් 3/30, රෙනේ ෆාරේල් 3/17

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

schoolscricketcrawler