2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ හොඳම සහ නරකම මිලදී ගැනීම්

534

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ජය ගන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වූයේ මාලිංග ගේ අවසන් පන්දුවාරයේ වික්‍රමයට පිංසිදු වන්නටයි. මාස දෙකක් පුරා ක්‍රිකට් පිටිය උණුසුම් කළ ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියේ සාර්ථක වූ සහ අසාර්ථක වූ ක්‍රීඩක මිලදී ගැනීම් කිහිපයක විස්තරයි මේ.

ක්‍රිකට් ක්‍රීඩකයන් සාමයට අත වනයි

පසුගිය දින කිහිපයේදී දිවයින තුළ ඇතිවූ අයහපත් තත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සාමය…

සාර්ථක වූ මිලදී ගැනීම්

ජොනී බෙයාර්ස්ටෝව් (සන්රයිසස් හයිද්‍රාබාද්, ඉන්දීය රුපියල් කෝටි 2.2)

(තරග 10, ලකුණු 445, ලකුණු ලබා ගැනීමේ වේගය 157.24, උඩපන්දු 9, ස්ටම්ප් කිරීම් 2)

ඉන්දීය කෝටි 2.2 කට අලෙවි වුනු ජොනී බෙයාර්ටෝව් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේම හොඳම මිලදී ගැනීමක්. 2008 වසරේ තරගාවලියට පසු සිය මංගල IPL තරගාවලිය ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු තරගාවලියකදී වාර්තා කළ වැඩිම ලකුණු ගණන වාර්තා කිරීමටත් මෙවර ඔහු සමත් වුනා. මෙවර තරගවාරයේදී ප්‍රහාරාත්මක වේගයෙන් ඔහු දෙවැනි වන්නේ ඔන්ඩ්‍රේ රසල්ට (204.81), හර්දික් පාන්ඩ්‍යාට (191.42) සහ රිශාබ් පන්ට් (162.66) ට පමණයි. ඔහු ඩේවිඩ් වෝනර් සමඟ එක්ව ආරම්භක කඩුල්ල සඳහා තරගාවලිය පුරා ලකුණු 791 ක් එකතු කළේ ශතක සබඳතා හතරක් සහ අර්ධ ශතක සබඳතා තුනක් සමඟින්.ඉෂාන්ට් ශර්මා (දිල්ලි කැපිටල්ස්, ඉන්දීය රුපියල් කෝටි 1.1)

(තරග 13, කඩුලු 13, සාමාන්‍ය 26.84, පන්දුවාරයකට සාමාන්‍ය 7.58)

කිසිඳු කණ්ඩායමක් විසින් 2018 වසරේ IPL තරගාවලිය සඳහා ඉෂාන්ට් ශර්මාව මිලදී ගත්තේ නැතත් මෙවර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඔහුව තෝරාගත්තේ ඔහුගේ අත්දැකීම් බහුලත්වය නිසාමයි. Powerplay අවස්ථාවල වැඩිපුර පන්දු යැවීම සිදුකළ ඔහු එහිදී පන්දුවාරයකට ලකුණු 6.85 බැගින් ලබා දෙමින් කඩුලු අටක් දවාගැනීමට සමත් වුනා. ඔහු මුල් පන්දුවාර ඉතා හොඳින් යැවීම දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට වැදගත් වූයේ අවසන් පන්දුවාර යැවීම සඳහා කගීසෝ රබාඩාගේ පන්දුවාර ඉතිරි කරගැනීමට එම නිසා ඔවුන්ට අවස්ථාව හිමිවූ නිසයි.

කීමෝ පෝල් (දිල්ලි කැපිටල්ස්, ඉන්දීය රුපියල් ලක්ෂ 50)

(තරග 8, කඩුලු 9, සාමාන්‍ය 26.33, පන්දුවාරයකට සාමාන්‍ය 8.72)

කගීසෝ රබාඩාට සහ ඉෂාන්ට් ශර්මාට අගනා සහයක් දුන් කීමෝ පෝල් Qualifier 2 තරගයට පෙර තරග 7කදී කඩුලු නවයක් දවාගෙන පස්වන පන්දු යවන්නාගේ කාර්යභාරය මැනවින් ඉටු කළා. සන්රයිසස් කණ්ඩායම එරෙහිව ඉතා හොඳින් ක්‍රීඩාකළ ඔහු සංචාරක තරගයේදී ලකුණු 17 කට කඩුලු 3ක් දවාගත් අතර තරගයේ වීරයා ලෙසද සම්මාන දිනා ගත්තා. Eliminator තරගයේ ලකුණු 32කට කඩුලු 3ක් දවාගත් ඔහු එම තරගයේ ජයග්‍රාහී ලකුණ හතරේ පහරක් මඟින් රැස් කිරීමටද සමත් වුනා.

රියාන් පරාග් (රාජස්ථාන් රෝයල්ස්, ඉන්දීය රුපියල් ලක්ෂ 20)  

(තරග 7, ලකුණු 160 , සාමාන්‍ය 32, ප්‍රහාරක වේගය 126.98, කඩුලු 2)

මෙවර තරගාවලියේ නව සොයාගැනීමක් වන පරාග්, තුන් ඉරියව්වෙන්ම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූවා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව තරගයේදී ඔහු පන්දු 29කින් අගනා ලකුණු 43ක් වාර්තා කළේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත්ගේ පැසසුම් ද ලබමින්. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව තරගයේදී ලකුණු 47ක් වාර්තා කළ ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව තරගයේදී ලකුණු 50ක් වාර්තා කරමින් IPL තරගාවලියේ අර්ධ ශතකයක් වාර්තා කළ ළාබාලතමයා බවට ද පත්විය. ඔහු පා දඟපන්දුවෙන්ද දස්කම් දැක්වූයේ මෙවර තරගවාරයේ නැගී එන තරුවක් බවට පත් වෙමින්.

AK-47 සහ තලෙයිබාන් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ

‘සටන්කරුවන් විසින් සතුටින් විඳින එකම දෙය ක්‍රීඩාව විය හැකි’ යැයි යුධ ප්‍රධානීන් කියයි. ඒ සටන් නොමැති…

මුරලි අශ්වින් (කිංග්ස් ඉලෙවන් පංජාබ්, ඉන්දීය රුපියල් ලක්ෂ 20)

(තරග 10, කඩුලු 5, පන්දුවාරයකට සාමාන්‍ය 7.50)

මුජිබර් රහ්මාන් සහ වරුන් චක්‍රවර්ති ආබාධ වලට ලක්වීම නිසා එම්. අශ්වින් හට පංජාබ් කණ්ඩායමේ ස්ථානය හිමිවුනු අතර ඔහු එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට සමත් වුනා. සිය කණ්ඩායම වෙනුවෙන් එක් පන්දුවාරයකට දෙවැනියට අඩුම ලකුණු ගණනක් ලබාදෙන ක්‍රීඩකයා වූ ඔහු මුම්බායි කණ්ඩායමට එරෙහිව ලකුණු 25කට කඩුලු 2ක් දවාගත්තේ සිය කණ්ඩායමට ජය ගෙන එමින්.

මිල වැඩි වුණත් දස්කම් දැක්වීමට අසමත් වූ ක්‍රීඩකයන්

ජයදේව් උනද්කට් (රාජස්ථාන් රෝයල්ස්, ඉන්දීය රුපියල් කෝටි 8.4)

(තරග 11, කඩුලු 10, සාමාන්‍ය 39,80, පන්දුවාරයකට සාමාන්‍ය 10.66)

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයෙකු වන ජයදේව් උනද්කට් ව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මිලදී ගත්තේ සිය මූලික වටිනාකමටත් වඩා පස් ගුණයක මුදල් ගෙවමින්. කෙසේ වෙතත් ඔහු 2018 වසරේදී මෙන්ම මේ වසරේදීත් දස්කම් දක්වන්නට සමත් වූයේ නැහැ. ඔහු ක්‍රීඩාකළ තරග 11න් ඔහු පන්දුවාරයකට ලකුණු 9ට වඩා අඩුවෙන් ලබාදුන්නේ තරග 3ක පමණයි.

වරුන් චක්‍රවර්ති (කිංග්ස් ඉලෙවන් පංජාබ්, ඉන්දීය රුපියල් කෝටි 8.4)

(තරග 1, කඩුලු 1, සාමාන්‍ය 35, පන්දුවාරයකට සාමාන්‍ය 11.66)

තමිල්නාඩු ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතා හොඳින් ක්‍රීඩාකළ වරුන් චක්‍රවර්ති, එහිදී දැක්වූ දක්ෂතා නිසාම මෙවර IPL තරගාවලියේද ඉහළ මිලකට අලෙවි වුනා. ඔහුගේ මූලික අගය වූයේ ඉන්දීය රුපියල් ලක්ෂ 20ක් පමණක් වුනත් ඔහු අලෙවි වූයේ ඊට 40 ගුණයකටත් වඩා වැඩි (කෝටි 8.4) මුදලකටයි. කෙසේ වෙතත් ආබාධයක් නිසා ඔහුට මෙවර තරග වාරයේ ක්‍රීඩා කිරීමට හැකි වූයේ එක් තරගයක් පමණයි. ඔහුගේ මංගල පන්දුවාරයට සුනිල් නරීන් ලකුණු 25 ක් රැස් කළේ මංගල තරගය ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු යැවූ අසාර්ථකම පන්දුවාරය එය බවට පත් කරමින්.

කොලින් ඉන්ග්‍රම් (දිල්ලි කැපිටල්ස්, ඉන්දීය රුපියල් කෝටි 6.4)

(තරග 12, ලකුණු 184, සාමාන්‍ය 18.40, ප්‍රහාරක වේගය 119.48)

කොලින් ඉන්ග්‍රම් ලොව පුරා විස්සයි විස්ස තරගාවලි වල දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු වන අතර ඔහුගේ සුපුරුදු අංක 3 ස්ථානය නොලැබීම ඔහුට ප්‍රබල අවාසියක් විය. ශිකර් ධවාන්, ප්‍රිත්වී ෂෝ සහ ශ්‍රෙයාස් අයියර් ඉහළ ස්ථාන වල ක්‍රීඩා කිරීම නිසා ඔහුට සිදුවූයේ අංක 5 ස්ථානයේ ක්‍රීඩා කිරීමටයි. ඔහු අංක 4 ස්ථානයට ඉහළින් ක්‍රීඩා කළ අවස්ථා දෙකේ ඔහු ලකුණු 47ක් සහ ලකුණු 22ක් රැස් කිරීමට සමත් වීම විශේෂත්වයක්.

ශිවම් ඩියුබ් (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, ඉන්දීය රුපියල් කෝටි 5)  

(තරග 4, ලකුණු 40, සාමාන්‍ය 13.33, ප්‍රහාරක වේගය 121.21, කඩුලු 0)

වේගවත් ප්‍රහාරකයෙකු වන ශිවම් ඩියුබ් මත රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම බලාපොරොත්තු රැසක් තබාගත්තේ ඔහු ඉතා හොඳ තරග අවසන් කරන්නෙකු වූ නිසයි. එමෙන්ම ඔහු වමතින් වේගපන්දු යවන්නෙකු ලෙසද ක්‍රීඩාකළේ කණ්ඩායමට අමතර වාසියක් එකතු කරමින්. ඩියුබ්, ඔහුගේ පළමු තරග 3දීම අසාර්ථක වූ අතර අනතුරුව ඔහුට අවස්ථාවක් ලැබුනේ තරගාවලියේ අවසන් භාගයේදීයි. ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 16කදී ලකුණු 24ක් රැස් කළත් ඔහුට තවත් අවස්ථාවක් නම් ලැබුනේ නැහැ.

ලෝකයේ හොඳම පන්දු යවන්නා බුම්රාහ් – තෙන්ඩුල්කාර්

ජාස්ප්‍රිට් බුම්රාහ් මේ වන විට ලොව හොඳම පන්දු ‍යවන්නා බවට පත්ව ඇති බව හිටපු ඉන්දීය සුපිරි…

ප්‍රභ්සිම්රාන් සිං (කිංග්ස් ඉලෙවන් පංජාබ්, ඉන්දීය රුපියල් කෝටි 4.8)

(තරග 1, ලකුණු 16, සාමාන්‍ය 16.00, ප්‍රහාරක වේගය 94.11)

වේගයෙන් පන්දුවට පහරදෙන ක්‍රීඩකයෙකු වන ප්‍රභ්සිම්රාන් සිං, ශ්‍රී ලංකාවට එරෙහිව වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන අවසන් මහා තරගයේ සහ සයිඩ් මුෂ්ටාක් අලි කුසලානයේ ඉහළ දක්ෂතා දැක්වූ නිසා ඔහු IPL තරගාවලියේ අලෙවි වූයේ ඉතා ඉහළ මුදලකටයි. කෙසේ වෙතත් කේ. එල්. රාහුල් කඩුලු රැකිම නිසා ඔහු කඩුලු රැකීමේ අවස්ථාව අහිමි වූ අතර ඔහු ක්‍රීඩා කළේද එක් තරගයක් පමණයි.

ESPNcricinfo ඇසුරිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<