ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ යාපනය සාන්ත ජෝන් විද්‍යාලය අතර Rev A. J. C. Selvaratnam අභියෝගතා පලිහ වෙනුවෙන් (Rev A. J. C. Selvaratnam Challenge Shield) 10 වැනි වරටත් පැවති ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 35කින් ජය ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය අද (9) සමත් වුනා.
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිටියේ දී ඊයේ (8) ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාල නායක ශලින් ද මෙල් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
එහි දී සාන්ත තෝමස් විද්‍යාල පළමු කඩුල්ල ලෙස ලකුණු 9ක් ලබාගෙන සිටි ශලින්ව දවා ගැනීමට සමත් වූ සාන්ත ජෝන් පන්දු යවන්නෝ සමත් වුනා. පසුව අනුක් පලිහවඩන, විනෙත් බණ්ඩාරනායක, රයන් ප්‍රනාන්දු, ටිශෙන් ඇහැලියගොඩ සහ තෙනුක ලියනගේ යන ක්‍රීඩකයින් දවා ගැනීමට වමතින් දඟපන්දු යවන Jeyachandran Ashnath ඇතුළු සාන්ත ජෝන් පන්දු යවන්නට හැකියාව ලැබුණා.
ලකුණු 127කට කඩුලු 6ක් දැවී සිය සත්කාරක පිටිය මතම අසරණ වී සිටි සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම සඳහා යම් ජවයක් එක්කාසු කරමින් ඔවුන්ගේ ලකුණු සටහන යම් සැලකිය යුතු මට්ටමකින් ඔසවා තැබීමට දකුණතින් පිතිකරණයේ නිරත වන විනුජ විජේබණ්ඩාර සහ කඩුලු රකින පිතිකරු සෙනේෂ් හෙට්ටිආරච්චි සමත් වුනා. ඒ 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 114ක සබඳතාවයක් ගොඩනංවමිනි.
ඒ සබඳතාවය මේ තරගය පුරාවට වාර්තා වූ හොඳම සබඳතාවය වුනු අතර පන්දු 101ක දී 4 පහර 10ක් එල්ල කරමින් ලකුණු 71ක් ලබාගෙන සිය පළමු පෙළ පළමු අර්ධ ශතකය වාර්තා කරගත් විනුජ අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවුනා. අයහපත් ආලෝක තත්වය නිසාවෙන් තරගයේ පළමු දිනය තුල ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 76කුත් පන්දු 2ක් පමණක් වන අතර Jeyachandran Ashnath සාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවා ගත්තා.
තවත් ක්‍රිකට් පුවත්:
- SLC වෙතින් රත්නපුර දිස්ත්‍රික්කයට කොන්ක්‍රීට් විකට් 10ක්
- මිනෝද්, ඇන්ජලෝ, නුවනිඳු පිත්තෙන් පිටිය උණුසුම් කරයි
- මෙන්ඩිස්ට, දිල්රුවන්ට ස්ථාන අහිමි වෙද්දී පැතුම්ට දොර ඇරෙයි
- ත්‍රිත්ව විද්‍යාලය නූලෙන් බේරෙද්දී රාජකීයට ඉහළ ගෞරවයක්
- නවසීලන්ත නායකයාට බංග්ලාදේශ තරගාවලිය අහිමි වෙයි
තරගයේ දෙවන දිනය වූ අද දිනය උදෑසන 9.25ට ආරම්භ වූ අතර එහි දී සාන්ත තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ සාන්ත ජෝන් විද්‍යාලයට පිතිකරණය සඳහා අවස්ථාව ලබා දෙමින්. Turf තණතීරු මත වැඩි වශයෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන සාන්ත ජෝන් පළමු ඉනිම ලකුණු 61කට සීමා කිරීමට වමතින් දඟපන්දු යවන මනිත් පෙරේරා ඇතුළු සාන්ත තෝමස් පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.
රයන් ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත් අතර සාන්ත තෝමස් විද්‍යාල පන්දු රැකීම ද මේ තරගයේ දී ඉහළ මට්ටමක තිබුණා. දෙවන දිනයේ දිවා ආහාරයට මිනිත්තු 30ක් පමණ ඉතිරිව තිබිය දී ඔවුන්ගේ පළමු ඉනිමේ කඩුලු 10ම දැවී යාම මෙහි දී සිදුවුණු විශේෂ සිදුවීමක් වුනු අතර දිවා ආහාරය වන විට ඔවුන්ගේ දෙවන ඉනිමේ (F/O) කඩුලු 3ක් ද දවා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාල පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.
යාපනය සාන්ත ජෝන් පළමු ඉනිම වෙනුවෙන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු Theiventhiram Dinoshan ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුනා.
ලකුණු 180ක පළමු ඉනිමේ අවාසියක් ඇතිව පිටියට පිවිසි සාන්ත ජෝන් පිතිකරුවන් ඔවුන්ගේ දෙවන ඉනිමට සාපේක්ෂව යම් සාර්ථකත්වයක් ලබා ගනිම්න් ලකුණු 145ක් දක්වා සිය ඉනිම ඔසවා ගත් නමුත් ඉනිමක පරාජයෙන් බේරීමට ඔවුන්ට ඉඩක් ලැබුණ් නැහැ.
සමස්තයක් ලෙස සාන්ත ජෝන් පිතිකරුවන් වැරෙන් පන්දුවට පහර දුන් අතර 19 හැවිරිදි Thiyagarasa Vinojan දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 38ක දී ලකුණු 34ක් ලබා ගත්තේ 4 පහර 6ක් එල්ල කරමින්. පළමු ඉනිමේ දී මෙන් දක්ෂ සහ සුපිරි පන්දු යැවීමක නිරත වුනු මනිත් දෙවන ඉනිමේ දී ලකුණු 60කට කඩුලු 7ක් ද ඇතුළුව සමස්ත තරගය තුල කඩුලු 11ක් දවා ගනිමින් සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූවා. රන්දිව් ගුණසේකර කඩුලු 2යි.
අවසානයේ දී Rev A. J. C. Selvaratnam අභියෝගතා පලිහ වෙනුවෙන් 10 වැනි වරටත් පැවති මේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 35ක ජයක් ලබා ගත් සාන්ත තෝමස් විද්‍යාලය 6-0ක් ලෙස (තරග 4ක් ජය පරාජයෙන් තොරව අවසන්) මේ තරගාවලි ඉතිහාසය තුල සිය අණසක පැතිරවීමට සමත් වුනා. මේ තරගයේ දී ප්‍රගීත් රඹුක්වැල්ල සහ දර්ශන පෙරේරා යන මහත්වරුන් තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Vinesh Bandaranayake | b Jeyachandran Ashnath | 32 | 120 | 2 | 0 | 26.67 |
Shalin De Mel | c Vinojan Thiyagarajah b Dinoshan Theivendram | 9 | 17 | 2 | 0 | 52.94 |
Anuk Palihawadana | b Anton Saraan | 46 | 90 | 3 | 0 | 51.11 |
Ryan Fernando | lbw b Jeyachandran Ashnath | 2 | 6 | 0 | 0 | 33.33 |
Thenuka Liyanagae | b Jeyachandran Ashnath | 6 | 11 | 0 | 0 | 54.55 |
Thishen Ehaliyagoda | run out () | 7 | 16 | 0 | 0 | 43.75 |
Vinuja Wijebandara | run out () | 71 | 101 | 10 | 0 | 70.30 |
Shenesh Hettiarachchi | not out | 51 | 91 | 4 | 0 | 56.04 |
Caniston | not out | 2 | 7 | 0 | 0 | 28.57 |
Extras | 15 (b 4 , lb 4 , nb 2, w 5, pen 0) |
Total | 241/7 (76.2 Overs, RR: 3.16) |
Did not bat | Manith Perera, Randiv Goonasekara, |
Fall of Wickets | 1-18 (6.3) Shalin De Mel, 2-91 (31.4) Vinesh Bandaranayake, 3-95 (37.2) Ryan Fernando, 4-104 (40.2) Anuk Palihawadana, 5-105 (41.3) Thenuka Liyanagae, 6-127 (45.3) Thishen Ehaliyagoda, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dinoshan Theivendram | 17 | 2 | 46 | 1 | 2.71 | |
Vithushan Yogathas | 9 | 2 | 33 | 0 | 3.67 | |
Jeyachandran Ashnath | 25 | 5 | 82 | 3 | 3.28 | |
Sukethan Antonypillai | 2 | 1 | 4 | 0 | 2.00 | |
Anton Saraan | 12 | 3 | 29 | 1 | 2.42 | |
Thamilkathirabiranchan Kajnthiran | 8.2 | 0 | 29 | 0 | 3.54 | |
Vinojan Thiyagarajah | 3 | 0 | 10 | 0 | 3.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Karishan Kuganesaran | c & b Shalin De Mel | 3 | 20 | 0 | 0 | 15.00 |
Sachin Kanapathy Anderson | c Thenuka Liyanagae b Caniston | 10 | 19 | 2 | 0 | 52.63 |
Sukethan Antonypillai | c Shalin De Mel b Caniston | 5 | 14 | 1 | 0 | 35.71 |
Vinojan Thiyagarajah | c & b Manith Perera | 6 | 19 | 1 | 0 | 31.58 |
Dinoshan Theivendram | c Anuk Palihawadana b Ryan Fernando | 21 | 23 | 2 | 1 | 91.30 |
Piranavan Sivarajah | c Anuk Palihawadana b Manith Perera | 3 | 12 | 0 | 0 | 25.00 |
Anton Saraan | c Thenuka Liyanagae b Manith Perera | 0 | 1 | 0 | 0 | 0.00 |
Sritharan Sajith | lbw b Ryan Fernando | 0 | 4 | 0 | 0 | 0.00 |
Vithushan Yogathas | b Manith Perera | 0 | 3 | 0 | 0 | 0.00 |
Thamilkathirabiranchan Kajnthiran | c Vinuja Wijebandara b Ryan Fernando | 1 | 5 | 0 | 0 | 20.00 |
Jeyachandran Ashnath | not out | 0 | 6 | 0 | 0 | 0.00 |
Extras | 12 (b 6 , lb 0 , nb 4, w 2, pen 0) |
Total | 61/10 (20.2 Overs, RR: 3) |
Fall of Wickets | 1-21 (5.4) Karishan Kuganesaran, 2-21 (6.2) Sachin Kanapathy Anderson, 3-29 (10.2) Sukethan Antonypillai, 4-45 (13.2) Vinojan Thiyagarajah, 5-55 (15.5) Piranavan Sivarajah, 6-55 (16) Anton Saraan, 7-56 (17) Sritharan Sajith, 8-59 (17.5) Vithushan Yogathas, 9-59 (18.5) Dinoshan Theivendram, 10-61 (20.2) Thamilkathirabiranchan Kajnthiran, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Caniston | 6 | 1 | 21 | 2 | 3.50 | |
Shalin De Mel | 5 | 2 | 9 | 1 | 1.80 | |
Manith Perera | 5 | 0 | 23 | 4 | 4.60 | |
Ryan Fernando | 4.2 | 2 | 2 | 3 | 0.48 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Karishan Kuganesaran | c Anuk Palihawadana b Manith Perera | 0 | 5 | 0 | 0 | 0.00 |
Sachin Kanapathy Anderson | c Thenuka Liyanagae b Randiv Goonasekara | 5 | 28 | 1 | 0 | 17.86 |
Sukethan Antonypillai | b Manith Perera | 18 | 14 | 3 | 0 | 128.57 |
Vinojan Thiyagarajah | st Shenesh Hettiarachchi b Manith Perera | 34 | 38 | 6 | 0 | 89.47 |
Dinoshan Theivendram | lbw b Manith Perera | 20 | 29 | 3 | 0 | 68.97 |
Piranavan Sivarajah | c Vinuja Wijebandara b Randiv Goonasekara | 2 | 7 | 0 | 0 | 28.57 |
Anton Saraan | c Caniston b Manith Perera | 1 | 5 | 0 | 0 | 20.00 |
Thamilkathirabiranchan Kajnthiran | st b Anuk Palihawadana | 25 | 31 | 2 | 2 | 80.65 |
Sritharan Sajith | lbw b Manith Perera | 12 | 12 | 2 | 0 | 100.00 |
Jeyachandran Ashnath | b Manith Perera | 0 | 7 | 3 | 0 | 0.00 |
Vithushan Yogathas | not out | 22 | 25 | 0 | 0 | 88.00 |
Extras | 6 (b 2 , lb 1 , nb 3, w 0, pen 0) |
Total | 145/10 (33 Overs, RR: 4.39) |
Fall of Wickets | 1-1 (1.3) Karishan Kuganesaran, 2-20 (5.1) Sukethan Antonypillai, 3-32 (9) Sachin Kanapathy Anderson, 4-61 (14.4) Vinojan Thiyagarajah, 5-66 (16.5) Piranavan Sivarajah, 6-67 (17.4) Anton Saraan, 7-67 (18) Dinoshan Theivendram, 8-100 (25.1) Sritharan Sajith, 9-145 (33) Jeyachandran Ashnath, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Caniston | 6 | 2 | 32 | 0 | 5.33 | |
Manith Perera | 13 | 1 | 60 | 7 | 4.62 | |
Anuk Palihawadana | 4 | 0 | 8 | 1 | 2.00 | |
Randiv Goonasekara | 10 | 1 | 42 | 2 | 4.20 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<