මිනෝද්,‌ ‌ඇන්ජලෝ,‌ ‌නුවනිඳු‌ ‌පිත්තෙන්‌ ‌පිටිය‌ ‌උණුසුම්‌ ‌කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

208
SLC Major Club T20 2021

ශ්‍රී ලංකා පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (07) කොළඹ සහ කටුනායක ක්‍රීඩාංගණ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුනා.

මිනෝද් භානුකගේ (85*) සහ අශාන් ප්‍රියන්ජන්ගේ (50) අගනා පිතිකරණය නිසාවෙන් මීගමුව ක්‍රීඩකයන් කඩුලු 7කින් පරාජය කිරීමට කොළඹ ක්‍රිකට් ක්‍රීඩකයන් අද සමත් වුනා. 

ඇන්ජලෝ පෙරේරාගේ (57*) සහ දිනෙත් වීරක්කොඩිගේ (57) පිතිකරණ දක්ෂතා මෙන්ම චාමික ගුණසේකර (3/05), චාමික කරුණාරත්න 3/09 සහ අශේන් ඩැනියල්ගේ (2/05) සුපිරි පන්දු යැවීම නිසාවෙන් Lankan ක්‍රීඩකයන් පරදා පහසු ජයක් ලබා ගැනීමට NCC ක්‍රීඩකයන් සමත් වුනා.

එමෙන්ම පන්දු යවන්නන්ගේ දස්කම් නිසාවෙන් Kaluthara Town ක්‍රීඩකයන් ලකුණු 55කින් පරාජය කිරීමට Kurunagala Youth ක්‍රීඩකයන් සමත් වූ අතර යසෝද මෙන්ඩිස්ගේ (3/14) සහ මහීෂ් තීක්ෂණගේ (2/11) පන්දු යැවීම නිසාවෙන් කඩුලු 7ක ජයක් ලබා ගන්නට යුද හමුදා ක්‍රීඩකයන් සමත් වුනා.

නිමන්ද මධුශංකගේ සුපිරි පන්දු යැවීම (5/19) සහ ටී. එම්. සම්පත්ගේ අගනා පිතිකරණය නිසාවෙන් Galle ක්‍රිකට් කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් තරගාවලියේ මුල්ම ජයග්‍රහණය ලබා ගන්නට බදුරලිය ක්‍රීඩකයන් සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

සංගීත් කුරේගේ තුන් ඉරියව් (37 සහ 3/19) දස්කම්  සහ කණ්ඩායම් සගයන්ගේ කැපී පෙනෙන ක්‍රීඩා විලාශය නිසාවෙන් ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 50කින් පරාජය කිරීමට Colts කණ්ඩායම සමත් වූ අතර නුවනිඳු ප්‍රනාන්දුගේ (61) අගනා අර්ධ ශතකය නිසාවෙන් Moors කණ්ඩායම කඩුලු 7කින් පරාජය කිරීමට SSC ක්‍රීඩකයන් සමත් වුනා.

ඉෂාන් ජයරත්නගේ තුන් ඉරියව් දස්කම් නිසාවෙන් තියුණු සටනකින් පසු Tamil Union කණ්ඩායම කඩුලු 2කින් පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට රාගම ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා.

දිනයේ කෙටි ලකුණු සටහන,

Group – A

  • Venue – P Sara Oval, Colombo
  • Toss – Nugegoda CC

Nugegoda Cricket Club- 155/9 (20) – ඇන්ජලෝ ජයසිංහ 43, ළහිරු මිලන්ත 39, රොස්කෝ තටිල් 34, මලින්ද පුෂ්පකුමාර 3/22

Colombo Cricket Club – 161/3 (19.3) – මිනෝද් බානුක 85*, අශාන් ප්‍රියන්ජන් 50, ඩිල්ෂාන් මුණවීර 1/20

CCC කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

Group – B

  • Venue – CCC Ground, Colombo
  • Toss – NCC

Nondescripts Cricket Club – 169/6 (20) – ඇන්ජලෝ පෙරේරා 57*, දිනෙත් ජයකොඩි 57, සාලිය සමන් 3/32, රොෂාන් ජයතිස්ස 2/35

Lankan Cricket Club – 49 (13.1) – විමුක්ති පෙරේරා 10, චාමික ගුණසේකර 3/05, චාමික කරුණාරත්න 3/09, අශේන් ඩැනියල් 2/05

NCC කණ්ඩායමට ලකුණු 120ක ජයක් 

Group – C

  • Venue – Marians Cricket Ground, Katunayake
  • Toss – Kaluthara TC

Kurunagala Youth Club- 161/5 (20) – මුදිත ප්‍රේමදාස 39*, ගයාන් මනීෂාන් 30, ධනුෂ්ක ධර්මසිරි 34, සමීර සදමල් 27, ඉන්සක සිරිවර්ධන 2/28

Kaluthara Town Club – 106/9 (20) – පන්සිළු දේශාන් 23, ළහිරු ජයරත්න 2/08, සමීර සඳමල් 2/15, රංදීර රණසිංහ 2/29

Kurunagala Youth කණ්ඩායමට ලකුණු 55ක ජයක් 

Group – D

  • Venue – NCC Ground, Colombo
  • Toss – Army CC

Panadura Sports Club – 75 (17.3) – කොෂාන් ධනුෂ්ක 25, යසෝධ මෙන්ඩිස් 3/14, මහීෂ් තීක්ෂණ 2/11, සීකුගේ ප්‍රසන්න 2/18

Army Cricket Club – 76/3 (11.2) – අසේල ගුණරත්න 31*, දුෂාන් විමුක්ති 22

යුද හමුදා කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

Group – A

  • Venue – P Sara Oval, Colombo
  • Toss – Baduraeliya CC

Galle Cricket Club – 114/9 (20) – එරංග රත්නායක 30, ඉමේෂ් උදයංග 23, නිමන්ද මධුශංක 5/19

Badureliya CC – 115/5 (20) – තිලකරත්න සම්පත් 55, යසෝද ලංකා 29, නිමේෂ් පෙරේරා 2/26

බදුරලිය කණ්ඩායමට කඩුලු 5ක ජයක් 

Group – B

  • Venue – CCC Ground, Colombo
  • Toss – Air Force SC

Colombo Colts Cricket Club – 177/8 (20) – ජෙහාන් ඩැනියල් 44*, සංගීත් කුරේ 37, ධනංජය ලක්ෂාන් 31, ප්‍රියමාල් පෙරේරා 23, ලසන්ද රුක්මාල් 3/38, අසන්ත සිංහපුලි 2/23, නිමේෂ් මෙන්ඩිස් 2/50

Air Force Sports Club – 127 (18.4) – චාමර ප්‍රනාන්දු 33, උදයවංශ පරාක්‍රම 28, ලසන්ද රුක්මාල් 24, නලින් ප්‍රියදර්ශන 3/17, සංගීත් කුරේ 3/19

Colts කණ්ඩායමට ලකුණු 50ක ජයක් 

Group – C

  • Venue – Marians Cricket Ground, Katunayake
  • Toss – SSC

Moors Sports Club – 156/6 (20) – පබසර වඩුගේ 43, මහේල උඩවත්ත 38, මොහොමඩ් ශමාස් 29, ජීවන් මෙන්ඩිස් 24, කලන පෙරේරා 2/18

Sinhalese Sports Club – 159/3 (20) – නුවනිඳු ප්‍රනාන්දු 61*, ක්‍රිශාන් සංජුල 50, අදීශ තිලන්චන 2/21

SSC කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Group – D

  • Venue – NCC Ground, Colombo
  • Toss – Ragama CC

Tamil Union Cricket Club & Athletic Club – 118 (19.1) – යොහාන් මෙන්ඩිස් 25, රවිදු ප්‍රනාන්දු 25, ඉශාන් ජයරත්න 3/24, බිනුර ප්‍රනාන්දු 3/22, ජනක සම්පත් 2/11

Ragama Cricket Club – 119/8 (20) – ඉශාන් ජයරත්න 22, ශිරාන් ප්‍රනාන්දු 3/20, ප්‍රමෝද් මදුශංක 3/27

Ragama කණ්ඩායමට කඩුලු 2ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<