මරදාන බලකාය කොටහේන බලකොටුව බිඳ දමයි

190

2020 ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් මරදාන ආනන්ද විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර අද (12) සාන්ත බෙනඩික්ට් රග්බි ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. එහි දී සත්කාරකයන් පරදා ලකුණු 32-05ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ආනන්ද විද්‍යාලය සමත් විය.

ගාල්ලෙන් රග්බි පිටිය ආක්‍රමණය කරන ඇලෝසියස් රග්බි කණ්ඩායම

එතරම් දීර්ඝ රග්බි ඉතිහාසයකට හිමිකම් නොකීවද සාන්ත ඇලෝසියස් කණ්ඩායම මෙරට රග්බි ක්‍රීඩාව තුල පෙරළිකාරයන්…………………

තර්ස්ටන් විද්‍යාලය හමුවේ විද ගැනීමට සිදු වූ පරාජයෙන් පසුව මෙම තරග වාරයේ ප්‍රථම ජයග්‍රහණය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ආනන්ද විද්‍යාලය සත්කාරකයන්ගේ පිටියට ළඟා වූ අතර ඩී. එස්. සේනානායක විද්‍යාලය හමුවේ බෙනඩික්ට් කණ්ඩායම ලැබූ අවමන් සහගත පරාජයෙන් පසුව තම සුපුරුදු පිටියට පිවිසියේ කෙසේ හෝ මෙම තරගය ජය ගැනීමේ අධිෂ්ඨානය සමඟිනි.

විනිසුරුගේ නලා හඬත් සමඟම තම ආක්‍රමණය ආරම්භ කළ ආනන්ද විද්‍යාලයීය රග්බි කණ්ඩායම තමන්ට නුහුරු පිටියේ දී ප්‍රතිවාදීන්ට හොඳ අභියෝගයක් ලබා දෙන්නට සමත් විය.

එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ පස්වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ආනන්ද ක්‍රීඩක රෂ්මික ප්‍රතිවාදී සීමා ඉර පසුකර යමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර භානුක මධුෂාන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (ආනන්ද 07-00 සාන්ත බෙනඩික්ට්)

25 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ රෂ්මික තම දෙවැනි උත්සාහක දිනුමත් ලබා ගැනීමට සමත් වූයේ සත්කාරකයින් තවත් අමාරුවේ දමමිනි. (ආනන්ද 12-00 බෙනඩික්ට්) 

අවසන් මොහොතේ අත්වැරැද්දෙන් සාන්ත ජෝසප් බලය බිඳ වැටේ

රවීන් තිසේරාගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් තියුණු තරගයකට පසු සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 24-22ක් ලෙස පරාජය…………….

දිගින් දිගටම ආනන්ද ක්‍රීඩකයන්ගෙන් එල්ල වූ දැවැන්ත අභියෝගය හමුවේ නීති විරෝධී වැළැක්වීමකට හසුවීම නිසාවෙන් බෙනඩික්ට් ක්‍රීඩක එච්. පෙරේරා හට කහ කාඩ්පතක් විනිසුරුවරයා ලබා දෙන ලදි. 

ඒ් අනුව සිදු වූ ක්‍රීඩක අඩුපාඩුවෙන් ප්‍රයෝජනය ගත් ආනන්ද ක්‍රීඩක වයි. කුලතුංග තම කණ්ඩායමට තුන්වැනි උත්සාහක දිනුමත් වාර්තා කර දෙමින් පළමු අර්ධය නිමා කළේ සත්කාරකයින්ට ලකුණු ලබා ගැනීම සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙමිනි. (ආනන්ද 17-00 සාන්ත බෙනඩික්ට්)

පළමු අර්ධය: ආනන්ද විද්‍යාලය (3T,1C) 05 – 00 බෙනඩික්ට් විද්‍යාලය 

පළමු අර්ධයේ සිදු වූ අත්වැරදීම් මඟහැර ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමේ අරමුණින් පිටියට පිවිසි සත්කාරකයන් පළමු අර්ධයට වඩා ඉතා හොඳ ක්‍රීඩා විලාශයක් දෙවැනි අර්ධයේ දී පෙන්නුම් කරන්නට වූ නමුත් ක්‍රීඩකයන් අවසාන මොහොතේ පෙන්නුම් කළ දුර්වල ක්‍රීඩා විලාශය නිසාවෙන් ලකුණු ලබා ගැනීමට තිබූ අවස්ථාවන් කිහිපයක් මඟ හැරෙන්නට විය.

එම දුර්වල ක්‍රීඩා විලාශය ප්‍රයෝජනයට ගත් ආනන්ද ක්‍රීඩක ප්‍රභාෂ්වර විසින් තරගයේ 53 වැනි මිනිත්තුවේ දී ප්‍රතිවාදී සීමා ඉර පසු කරමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වෙමින් තරගයේ වැඩි වාසිය සිය කණ්ඩායමට ලබා දීමට සමත් විය. (ආනන්ද 22-00 බෙනඩික්ට්)

ඉන්පසු නැවතත් සුළු මොහොතකින් පන්දුව ලබා ගත් ප්‍රභාෂ්වර තම දෙවැනි උත්සාහක දිනුමත් වාර්තා කිරීමට සමත් වන්නේ තරගය මුළුමනින්ම ප්‍රතිවාදීන්ගෙන් උදුරා ගනිමිනි. (ආනන්ද 27-00 සාන්ත බෙනඩික්ට්) 

නව දශකයේ නව ගොදුරු සොයන කන්ද උඩරට රාජාලියෝ

පාසල් රග්බි පිටියේ පෙරළිකාර රග්බි කණ්ඩායමක් වන කටුගස්තොට සාන්ත අන්තෝනි රග්බි කණ්ඩායම මෙවර තරග…………….

තරගයේ 62 වැනි මිනිත්තුවේ දී බෙනඩික්ට් ක්‍රීඩක වී. ඇන්තනී සහ තරගයේ 68 වැනි මිනිත්තුවේ දී ආර්. ක්‍රිස්ටෝපර් යන දෙදෙනාම නීති විරෝධී ක්‍රීඩා විලාශය නිසාවෙන් කහ කාඩ්පත් ලබාගනිමින් පිටියෙන් ඉවත් වන්නේ සත්කාරකයන් පිටිය තුළ තවත් අසරණ කරමිනි.

ඒ අවසරයෙන් නැවතත් ක්‍රියාත්මක වූ රෂ්මික විසින් තම තුන්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද අසාර්ථකයි. (ආනන්ද 32-00 සාන්ත බෙනඩික්ට්) 

තරගයේ අවසන් මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ බෙනඩික්ට් ක්‍රීඩක වී. හිමවන්ත තරගයේ වාර්තා වූ එකම බෙනඩික්ට් උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ නමුත් තරගය අවසානයේ ආනන්ද ක්‍රීඩකයන් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වන්නේ ලකුණු 32-05ක් ලෙසිනි. 

අවසන් ලකුණු තත්වය: ආනන්ද විද්‍යාලය 32 (6T,1C) – 05 (1T) බෙනඩික්ට් විද්‍යාලය 

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්: 

  • ආනන්ද විද්‍යාලය – රෂ්මික (3T), ප්‍රභාෂ්වර (2T), භානුක මධුෂාන් (1C), වයි. කුලතුංග (1T)
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – වී. හිමවන්ත (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<