කාලිංග කුමාරගේ අවසන් පූර්ව වටයට

62 වැනි අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවය 2023

714

ඉන්දියාවේ දී පැවැත්වෙන 62 වැනි අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවයේ මූලික වටයේ තරග නියෝජනය කරමින් ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක කාලිංග කුමාරගේ සහ චමෝද් යෝදසිංහ අද (15) තරග බිමට පිවිසියා.

පිරිමි මීටර් 400 මූලික වටයට සහභාගී වූ කාලිංග සිය ඉසව්ව තත්පර 46.76ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කළ අතර එම දක්ෂතාවය ද සමඟින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට ඔහු සමත් වුනා.

කාලිංග පසුගිය වසර කිහිපයේ දී පැවති ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වෙමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා.

ඔහුට අමතරව අද පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා මීටර් 100 ජාතික ශූර චමෝද් යෝදසිංහ සහභාගී වූ නමුත් තරග ආරම්භයේ දී ලබා ගත් වැරදි ආරම්භය නිසා තරගයෙන් ඉවත් වීමට ඔහුට සිදු වුනේ ඉතා අවාසනාවන්ත ලෙසයි.

කාලිංග සහභාගී වන අවසන් පූර්ව තරගය හෙට (16) උදෑසන පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලිය සඳහා කාලිංග සහ චමෝද්ට අමතරව මීටර් 110 කඩුලු පැනීමේ ශූර ජනිඳු ලක්විජය ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තොරතුරු සහ මලල ක්‍රීඩා පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<