ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩකයෙකුටත් කොරෝනා!

521
Glenn Maxwell

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Glenn Maxwell හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ බව Melbourne Stars විසින් නිල වශයෙන් සනාථ කර තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන බිග් බෑෂ් ලීග් තරගාවලියේ Melbourne Stars හි නායකයා ලෙස කටයුතු කරන Glenn Maxwell පසුගිය දා Rapid Antigen පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණු අතර එහි දී ඔහුට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

පසුව ඔහු PCR පරීක්ෂණයක් සඳහා යොමු කර තිබෙන අතර එහි ප්‍රතිඵල එන තෙක් ඔහු මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

Stars කණ්ඩායමේ ක්‍රීඩකයින් අතරින් වයිරසයේ නවතම ගොදුර බවට පත් වූ ක්‍රීඩකයා Maxwell වන අතර මින් පෙර කණ්ඩායමේ ක්‍රීඩකයින් 12 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකුට වයිරසය ආසාදනය වී තිබුණා.

උද්ගත වී ඇති වතාවරණය හමුවේ ඔවුන්ට තරගාවලියේ අවසන් වරට ක්‍රීඩා කළ තරගවල දී එතරම් හොඳින් දක්ෂතා දක්වන්නට නොහැකි වූයේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් වයිරසයට නිරාවරණය වීම නිසාවෙන් ඔවුන් නිරෝධායනයට ලක් කර තිබීම හේතුවෙනුයි.

කෙසේ නමුත් Starts කණ්ඩායමට තරමක් හෝ සතුටු විය හැකි කාරණය වන්නේ, ඉදිරි දින කිහිපයේ දී Adam Zampa, Marcus Stoinis සහ Nathan Coulter-Nile ඇතුළු ක්‍රීඩකයින් 10 දෙනෙකුට ආසන්න පිරිසක් සිය දින 7ක නිරෝධායනය අවසන් කරමින් නැවතත් කණ්ඩායමට එකතු වීමට සිටින නිසාවෙන්.

Cricbuzz ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<