​රශ්මික සහ කෙමිරට ලියැවුණු 31 වැනි කැළණි සටන

285

කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර 31 වැනි වරටත් පැවති “කැළණි සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය” (27) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

ගුරුකුල විද්‍යාලයේ රශ්මික මෙවන් සහ කෙමිර නයනතුරු දැක්වූ දක්ෂතා තරගයේ කැපී පෙණුන අතර තරග ඉතිහාසයේ ජය පරාජයෙන් තොරව අවසන් වූ 28 වැනි තරගය ලෙසින් මෙය ඉතිහාසයට එක් විය.

සුලෝහිත සංග්‍රාමයේ 90 වැනි අදියර ලබන මස මුලදී

කොළඹ …

කාසියේ වාසිය දිනා ගත් ගුරුකුල විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ධර්මාලෝක ක්‍රීඩකයන්ට තම කණ්ඩායම වෙනුවෙන් වැඩි යමක් කිරීමට හැකි වූයේ නැත. ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 118කට සීමා විය. තරගයේ ආරම්භක දිනයේ දිවා විවේකය වෙද්දී ම ඔවුන්ගේ කඩුලු 6ක් බිඳ වැටී තිබුණි. ඒ වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 56ක් ලෙසිනි.

කෙසේ වෙතත් ශ්‍රී ධර්මාලෝක ඉනිමේ කැපී පෙනෙන ක්‍රීඩකයා වූයේ නායක යුගීෂ ඩිෂාන් ය. ඔහු පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේ ය. ඩිෂාන්ට අමතරව හරිත කොෂාන් ලකුණු 12ක් ලබා ගත් අතර අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාව පසු කිරීමට ගුරුකුල ක්‍රීඩකයෝ ඉඩ තැබුවේ නැත.

Photos: Sri Dharmaloka College vs Gurukula College | 31st Battle of the Kelaniya

පන්දු යැවීමේ දී දිලිප් චාමර ලකුණු 7කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව නුවන්ත මධුශාන් සහ ප්‍රවීන් නිමේෂ් කඩුලු 2ක් බැගින් දවා ගත්හ.

ගුරුකුල ඉනිමේ ආරම්භක කඩුල්ල පළමු පන්දු වාරයේ දෙවැනි පන්දුවේ දී නිමා කිරීමට ශ්‍රී ධර්මාලෝක ක්‍රීඩකයෝ සමත් වූව ද එතැනින් පසුව ඔවුන්ට හිස එසවීමට අවස්ථාවක් ලබා නොදීමට ගුරුකුල ක්‍රීඩකයෝ වග බලා ගත් හ. තරගයේ පළමු දිනය අවසන් වෙද්දී ගුරුකුල ක්‍රීඩකයෝ දැවී ගිය එම කඩුල්ල පමණක් ශ්‍රී ධර්මාලෝක ක්‍රීඩකයන්ට හිමිකර දෙමින් ලකුණු 147ක් ලබා සිටිය හ.

දෙවැනි දිනයේ දී පෙර දිනයේ මෙන්ම තම අභිමානය ඒ ලෙසින්ම පවත්වා ගෙන ගිය ගුරුකුල ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 266ක් ලබා සිටිය දී ඉනිම අත්හිට වූහ.

පන්දු යවන්නන් ලුම්බිණි ජය ඉක්මන් කරයි

මහා ක්‍රිකට් තරග උණුසුම ආරම්භ වීමත් සමඟ වයස …

ඒ අනුව ඔවුන්ගේ ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු රශ්මික මෙවන් පන්දු 168කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 104ක් ලබා ගත්තේ ය. ඊට අමතරව කෙමිර නයනතරු පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 90ක් ලබා ගත්තේ ය.

ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ලකුණු 116ක සබඳතාවක් එක් වෙද්දී කෙමිර නයනතරු ආබාධයකට ලක්ව පිටියෙන් තාවකාලිකව ඉවත් විය. ඒ වෙද්දී ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 73කි.

අනතුරුව යුගීෂ ඩිෂාන් හා එක් වූ නුවන් චානක තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98ක සබඳතාවක් එක් කළහ. නුවන් චානක පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තේ ය.

ලකුණු 148ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ධර්මාලෝක ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 9ක් දැවී ලකුණු 199ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් සුභූති නිල්ෂාන් නොදැවී ලකුණු 62ක් ලබා ගනිමින් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේය.

ජය සොයන සාන්තුවරයෝ 85 වැනි වරටත් ගැටෙන්නට පෙර

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය …

ඔහු පන්දු 167කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් තම  ඉනිමට ඇතුළත් කර ගත්තේ ය. ඔහුට අමතරව ලක්ෂිත බොතේජු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ලකුණු සබඳතාව 40කි.

කඩුලු ලබා ගැනීමේ දී රවීන් නිමේෂ්, ලික්ෂාන සසංග සහ දිලිප් චාමර කඩුලු දෙක බැගින් දවා ගත්හ.   

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 118 (44.1) යුගීෂ ඩිෂාන් 51, හරිත කොෂාන් 12, ප්‍රවීන් නිමේෂ් 2/22, නුවන්ත මධුශාන් 2/15, දිලිප් චාමර 3/07

ගුරුකුල විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 266 (60) රශ්මික මෙවන් නොදැවී 104, කෙමිර නයනතරු නොදැවී 90, නුවන් චානක 54

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 199 (83) සුභූති නිල්ෂාන් නොදැවී 62, ලක්ෂිත බොතේජු 28, රවීන් නිමේෂ් 2/55, ලික්ෂාන් සසංග 2/38, දිලිප් චාමර 2/42

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<