පිතිකරුවන්ට වඩා පන්දු යවන්නෝ ඉදිරියට එති

84

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙවන පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් පසුගිය සතියේ දී නිමාවට පත්විය.

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට හා ශ්‍රී ධර්මාලෝකයට දැවැන්ත ජයක්

අනාගත ක්‍රිකට් පිටියේ දිදුලන තාරකා සඳහා වේදිකාවක් ………..

ඔක්තෝබර් මස තෙවැනි සතියේ දී තරග 7ක් ක්‍රියාත්මක වූ  අතර ඉන් තරග 6ක්ම ජය පරාජයෙන් තොරව අවසන් විය. හලාවත සාන්ත මරියා විද්‍යාලය කඩුලු 7කින් පරාජයට පත් කළ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය මේ සතියේ ජයග්‍රහණයක් වාර්තා කර ගත් එකම දෙවන පෙළ කණ්ඩායම බවට පත්විය.

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය, සංචාරක සාන්ත මරියා කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීම සඳහා ආරාධනා කළේය. 

වමතින් දඟපන්දු යවන සිතුම් අකලංක තරගය පුරාවට කඩුලු 9ක් දවා ගනිමින් දැක්වූ දස්කම් නිසා ඔවුන්ගේ පළමු ඉනිම හා දෙවන ඉනිම පිළිවෙළින් ලකුණු 85කට හා ලකුණු 128කට සීමා විය. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඔවුන්ගේ දෙවන ඉනිම සඳහා ලකුණු 64ක ඉලක්කයක් ලැබී තිබුණු අතර ඔවුන් එම ඉලක්කය පන්දු 68ක් තුල පහසුවෙන්ම හඹා ගියේය. 

සිතුම් අකලංකට අමතරව, සාන්ත මරියා විද්‍යාලයේ නවිඳු සත්සර, පානදුර සාන්ත ජෝන් විද්‍යාලයේ සසිත මනුප්‍රිය. කළුතර තිස්ස විද්‍යාලයේ දනුක නිශාද් හා අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විද්‍යාලයේ කවීෂ සත්සර පන්දු යැවීමෙන් දස්කම් දක්වන ලදි. 

බදුරලියේ දැවී ගිය කඩුලු සියල්ල බදුරලියේ මලින්ද නමට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ……

තරග සියල්ලමේ ලකුණු සාරාංශය මෙසේයි,

ජා ඇළ ක්‍රයිස්ට් කිං විද්‍යාලය හා පානදුර රාජකීය විද්‍යාලය,

  • ක්‍රයිස්ට් කිං විද්‍යාලය – 99 (33): දර්ශන චතුරංග 47*, රොෂාන් ද මෙල් 22, මිලින්ද ප්‍රනාන්දු 4/31, ජයෝද් සිල්වා 2/07, හිමේෂ් ප්‍රනාන්දු 2/13 & 135/7 (48): රාජ්කුමාර් සූරියආරච්චි 29*, අමේෂ් දිදුලංග 25, රොෂාන් ද මෙල් 25, මිලින්ද ප්‍රනාන්දු 3/37, ලකිඳු චංචල 2/12.
  • රාජකීය විද්‍යාලය – 137 (44.2): තරුෂ සිල්වා 24, උදාන රවිඳු 4/42, රාජ්කුමාර් සූරියආරච්චි 3/40, රුචිර නිර්මාල් 2/28.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය හා පානදුර සාන්ත ජෝන් විද්‍යාලය 

  • ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය – 184 (70.5): අකාෂ් කුමාර 58, කවිෂ්ක ගිහාන් 37, ජයසුන්දර සෙනෙවිරත්න 27, සසිත මනුප්‍රිය 5/53, අභිෂේක් සංජු 3/54.
  • සාන්ත ජෝන් විද්‍යාලය – 142/1 (26.4): සචින් දනංජය 72, තුරුවන් පෙරේරා 51*.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

පාදුක්ක සිරි පියරත්න මධ්‍ය මහා විද්‍යාලය හා කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය 

සිරි පියරත්න මධ්‍ය මහා විද්‍යාලය – 214 (49.2): මනිඳු ශේමාල් 67, සවීන් දෙවමින 47, මදුශාන් පීරිස් 29, ජිත්මින් කොළඹගේ 23, පියුමික මැදවත්ත 3/37, චමෝද් සුලක්ෂණ 2/72 හා 47/3 (16.3): කාවින්ද ඊශ්වර 20*, හසිඳු පියුමාල් 2/20.

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – 120 (44.2): රුසිරි රන්දුනු 32, ඩිල්ශාන් කෞශික 22, මධුශාන් පීරිස් 4/20, කාවින්ද ඊශ්වර 4/47.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

බෙන්තොට ගාමිණි ජාතික පාසල හා දෙහිවල ශාස්ත්‍රානන්ද මහා විද්‍යාලය 

  • ගාමිණි ජාතික පාසල – 53/3 (19.1): ප්‍රවීෂ හංසන 31, නදීප ලක්ෂිත 2/02.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

පාකිස්තාන ක්‍රිකට්වලින් සෆ්‍රාස්ට අසුබ ආරංචියක්!

ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ 3-0ක් ලෙස දරුණු පරාජයක් …….

කොළඹ අශෝක විද්‍යාලය හා කළුතර තිස්ස විද්‍යාලය 

  • අශෝක විද්‍යාලය – 113 (34.3): විහඟ චාමික 36, සහන් විමුක්ති 26, දනුක නිශාද් 5/15, අවිශ්ක දේවින්ද  2/24 හා 183/8 (61): අනූෂ මදීෂ 55, පංචාල් සංදීපන 45, චන්දුල ඉඳුසර 38, නෙතිස්ළු පසිඳු 20, මිගාර දිසානායක 2/24, දනුක නිශාද්  2/31, චාමල් සාරංග 2/35.
  • කළුතර තිස්ස විද්‍යාලය – 157 (41.2): අශේන් චනුල 40, ඉරඳ දෙව්මිත් 36, හිරුෂ නෙත්සර 21, මිගාර දිසානායක 20*, රාහුල් රශ්මික 6/41, රමිත ප්‍රනාන්දු 2/13.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

හලාවත සාන්ත මරියා විද්‍යාලය හා කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය

  • සාන්ත මරියා විද්‍යාලය – 85 (44.3): චාරුක තරිඳු 33, සිතුම් අකලංක 5/33, දුලාජ් අශේන් 2/24 හා 128 (45.3): මිනෝන් දේශාන්  30, චන්න මලිත් 29, දිලේෂ් ශෙනාල් 28, දුලාජ් අශේන් 4/25, සිතුම් අකලංක 4/58.
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 150/9d (54): අයෝන් හර්ෂණ 57, සෙනුර දිනාල් 28, තිමිර අභිෂේක් 20, නවිඳු සත්සර 5/45, අකිත පෙරෝෂ  3/52, හසිත චමෝද්‍ය 2/13 හා 64/3 (11.2): දුලාජ් අශේන් 30.

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 7ක ජයක් 

මාතර රාහුල විද්‍යාලය හා අම්බලන්ගොඩ හා පී. ද. එස්. කුලරත්න විද්‍යාලය

  • රාහුල විද්‍යාලය – 196 (61.2): සුලක්ෂණ අශාන්  61, බිනර සංකේත් 47, භාග්‍ය එදිරිවීර 37, තරුෂ ජයසේකර 21, කවීෂ සත්සර 6/69, රවිශාන් නෙත්සර 2/50.
  • පී. ද. එස්. කුලරත්න විද්‍යාලය – 11/3 (7): චමෝද් පුෂ්ප 2/09.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<