ධනංජය, නිපුන්, කමිඳු සහ රමේෂ් පළමු දිනයේම වැඩ පෙන්වයි

107

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 27 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ 2019 තරග අද (13) ක්‍රීඩාංගණ තුනක දී ආරම්භ විය. මෙම තරගවල දී LB ෆිනෑන්ස්,  MAS හෝල්ඩිංග්ස් යුනිචෙලා සහ ජෝන් කීල්ස් (A) කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන ලදි. 

19න් පහළ කණ්ඩායමත් වෙළඳසේවා ක්‍රිකට්වලට

27 වැනි වරටත් සංවිධානය කරනු ලබන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට්…

LB ෆිනෑන්ස් සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 

කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 73ක ජයග්‍රහණයක් ලබා ගැනීමට LB ෆිනෑන්ස් කණ්ඩායම සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් LB ෆිනෑන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 8ක් දැවී ලකුණු 285ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට ලබා ගෙන සිටියේ කඩුලු 8ක් දැවී ලකුණු 180ක් පමණි. එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් එම අවස්ථාව වන විට වාර්තා කර ගෙන සිටිය යුතු ලකුණු ප්‍රමාණය වූයේ 253කි. 

Photos: LB Finance vs Sri Lanka U19 – 27th Singer-MCA Premier League

LB ෆිනෑන්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ධනංජය ද සිල්වා ය. ඔහු පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 79ක් ලබා ගත්තේය. ඊට අමතරව ෂෙහාන් ජයසූරිය පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේය. ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම ද පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තේය. 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ නිපුන් ධනංජය ය. ඔහු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 75ක් ලබා ගත්තේය. 

LB ෆිනෑන්ස් කණ්ඩායම; කඩුලු 8ක් දැවී 285 (50) සධීර සමරවික්‍රම 47, ලහිරු උදාර 31, ධනංජය ද සිල්වා 79, ඇන්ජලෝ පෙරේරා 30, ෂෙහාන් ජයසූරිය 65, ඩිල්ශාන් මධුශංක 2/53, යසිරු රොද්‍රිගෝ 2/50, රොහාන් සංජය 2/51

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; කඩුලු 8ක් දැවී 180 (28.3) අවිශ්ක පෙරේරා 21, නිපුන් ධනංජය 75, චමිඳු විජේසිංහ 18, ඉසුරු උදාන 2/24, ධනංජය ද සිල්වා 2/42, කවික ඩිල්ශාන් 2/30, ෂෙහාන් ජයසූරිය 2/36

ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායකයා වසර 13ක ශතක නියඟයට තිත තබයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන ටෙස්ට් නායකයා වන ටිම් පේන් වසර 13කට අධික කාලයකට පසුව සිය…

MAS හෝල්ඩිංග්ස් යුනිචෙලා සහ ඩිමෝ 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට MAS යුනිචෙලා කණ්ඩායම සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් යුනිචෙලා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගනිමින් පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 259ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 78ක් ලබා ගත්තේය. ඔහු චාමර සිල්වා සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 79ක සබඳතාවක් ගොඩ නැගීමට ද දායක විය. 

චාමර සිල්වා පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේය. කඩුලු ලබා ගැනීමේ දී ආරම්භක වේග පන්දු යවන නිසල තාරක ලකුණු 52කට කඩුලු 3ක් දවා ගත්තේය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඩිමෝ ක්‍රීඩකයන්ට පන්දුවාර 50 අවසානයේ ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 250ක් පමණි. 

එම ඉනිම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් සහ නිපුන් කරුණානායක අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙණුණි. රමේෂ් මෙන්ඩිස් පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 66ක් ලබා ගත්තේය. නිපුන් කරුණානායක පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තේය. 

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යැවූ ලහිරු මධුශංක ලකුණු 59කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

MAS යුනිචෙලා කණ්ඩායම; සියලුම දෙනා දැවී 259 (48.4) කුසල් පෙරේරා 43, මහේල උඩවත්ත 22, ප්‍රියමාල් පෙරේරා 23, චාමර සිල්වා 43, කමිඳු මෙන්ඩිස් නොදැවී 78, නිසල තාරක 3/52, රමේෂ් මෙන්ඩිස් 2/31, තික්ෂිල ද සිල්වා 2/52

ඩිමෝ කණ්ඩායම; කඩුලු 8ක් දැවී 250 (50) දිනේෂ් චන්දිමාල් 32, නිපුන් කරුණානායක 54, සම්මු අශාන් 23, රමේෂ් මෙන්ඩිස් නොදැවී 66, නිසල තාරක 23, ඩිල්රුවන් පෙරේරා 2/44, ලහිරු මධුශංක 3/59

අභිෂේක් හා උවිඳු ත්‍රිත්වයින් ජයග්‍රහණය කරා රැගෙන යයි

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු…

ජෝන් කීල්ස් (A) සහ  සම්පත් බැංකුව 

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 87ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ජෝන් කීල්ස්  (A) කණ්ඩායම සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් සම්පත් ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජෝන් කීල්ස් කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 195ක් ලබා ගත්තේය. එම ඉනිම වෙනුවෙන් ඉෂාන් ජයරත්න ලකුණු 40ක් ලබා ගත් අතර පන්දු යැවීමේ  පා දඟපන්දු යැවූ ජීවන් මෙන්ඩිස් ලකුණු 43කට කඩුලු 3ක් දවා ගත්තේය. 

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඩිමෝ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 32ක් පමණි. පැවති අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය එම අවස්ථාවේ දී නතර කළ අතර ඉන් අනතුරුව තරගය ආරම්භ කිරීමට තරම් තත්ත්වයක් නොවීය. ඒ වෙද්දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තරගය ඩිමෝ ක්‍රීඩකයෝ ජයග්‍රහණය කළ යුතු නම් ලකුණු 186ක් ලබා සිටිය යුතු විය. නමුත් ඔවුන් ලබා සිටියේ කඩුලු 9ක් දැවී ලකුණු 99ක් පමණි. 

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ රුමේෂ් බුද්ධික ය. ඔහු ලබා සිටියේ ලකුණු 14ක් පමණි. කඩුලු ලබා ගැනීමේ දී නුවන් ප්‍රදීප්, මොහොමඩ් ශිරාස් සහ ඉෂාන් ජයරත්න කඩුලු 2 බැගින් ලබා සිටිය හ. 

ජෝන් කීල්ස් (A) කණ්ඩායම; සියලුම දෙනා දැවී 195 (48.2) ඉෂාන් ජයරත්න 40, මිනෝද් භානුක 37, ජෙහාන් ඩැනියෙල් 35, දිමුත් කරුණාරත්න 21, ජීවන් මෙන්ඩිස් 4/43, දසුන් ශානක 3/28, මාලින්ද පුෂ්පකුමාර 2/33

සම්පත් බැංකු කණ්ඩායම; කඩුලු 9ක් දැවී 99 (32) රුමේෂ් බුද්ධික 14, නුවන් ප්‍රදීප් 2/22, මොහොමඩ් ශිරාස් 2/18, ඉෂාන් ජයරත්න 2/19

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<