කාවින්ද ද මෙල් වේල්ස් කුමරුවන් ගොඩ දමයි

114

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ දෙදින සුපිරි 16 වටයේ තරග අතරින් අද (24) නිමා වූ තරගයක දී වේල්ස් කුමාර විද්‍යාලයේ දකුණත් පිතිකරු කාවින්ද ද මෙල් ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනි. 

චානක සහ රජිත බ්ලූම්ෆීල්ඩ් අසරණ කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier B බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය සහ කැන්ඩි………….

කොළඹ රාජකීය විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය 

කොළඹ රාජකීය ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු  ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට වේල්ස් කුමරුවෝ සමත් වූහ. එම ජයග්‍රහණයත් සමගින් ඔවුන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ.

Photos: Royal College vs Prince of Wales College – U19 Cricket Tournament 2019/20 – Pre QF

එම තරගයේ දී වේල්ස් කුමාර විද්‍යාලයේ කාවින්ද ද මෙල් පන්දු 249කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 135ක් ලබා ගත්තේය. 

රාජකීය විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 215 (64.4) අහන් වික්‍රමසිංහ නොදැවී 113, කමිල් මිශාර 24, ඉසිවර දිසානායක 21, නදුක ප්‍රනාන්දු 3/48, කුංචන පෙරේරා 2/23 සහ දෙවැනි ඉනිම කිසිවෙක් නෙදැවී 70 (11) කමිල් මිෂාර නොදැවී 46, කෞෂාන් කුලසූරිය නොදැවී 22

වේල්ස් කුමර විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනය අවසානයේ පන්දුවාර 34ක දී කඩුලු 5ක් දැවී  108) සියලුම දෙනා දැවී 311 (117.5) ඔමේෂ් මෙන්ඩිස් 23, කාවින්ද ද මෙල් 135, පසිඳු පැතුම් 23, තරිඳු අමරසිංහ 21, විදත් දිරේන්ද්‍ර නොදැවී 39, අශාන් ප්‍රනාන්දු 27, ගිශාන් බාලසූරිය 5/79, තෙවිඳු සෙනෙවිරත්න 2/27, ලහිරු මධුශංක 2/45

චමරිගේ වෑයම අපතේ ගියත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ හොඳ දියුණුවක්

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි තරගයට…………….

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කැළණිය ගුරුකුල විද්‍යාලය

ගල්කිස්සේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගුරුකුල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දු යැවීම තොරා ගත්හ. ඒ අනුව පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට 

එම ඉනිම වෙනුවෙන් ශලින් ද මෙල් පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තේය. 

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 290 (95) ශලින්ද මෙල් 71, ඩිල්මින් රත්නායක 48, රයන් ප්‍රනාන්දු 37, කිශාන් මුණසිංහ 22, මනීෂ රූපසිංහ 20, තෙවින් ඊරියගමුව 29, යසිරු රොද්‍රිගෝ නොදැවී 37, තුෂාර මධුශාන් 2/48, රිශිත සංකල්ප 2/44

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කඳාන ද මැසිනෝද් විද්‍යාලය

මහනුවර දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 206ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් රනුද සෝමරත්න සහ ශේන් ගුණතිලක අර්ධ ශතක වාර්තා කිරීම කැපී පෙණුනි. 

තරගය පළමු දිනයට නතර කරන විට ද මැසිනෝද් ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 42ක් ලබා සිටියහ.

ත්‍රිත්ව විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 206 (56.2) රනුද සෝමරත්න 66, ශේන් ගුණතිලක 65, රුවින් පීරිස් 21, සෙනාශ් ප්‍රනාන්දු 4/55, අසිත සිල්වා 3/53, සිතුම් ප්‍රනාන්දු 2/23

ද මැසිනෝද් විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 70 (28) රුවින් ෆොන්සේකා නොදැවී 32, උවිඳු විමලධර්ම 2/08

කොදෙව්වන්ට ICCයෙන් දඩයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පසුගිය 22 වැනිදා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී…………….

කොළඹ නාලන්දා විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය 

මොරටුවේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නාලන්දා ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 225ක් ලබා ගත්හ. 

මෙම තරගයේ දී සාන්ත සෙබස්තියන් ඉනිම වෙනුවෙන් දුනිත් ජයතුංග පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ද, නාලන්දා ඉනිම වෙනුවෙන් අවිශ්ක පෙරේරා පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 65ක් ද වාර්තා කළහ. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 225 (70) දුනිත් ජයතුංග 59, සුකිත ප්‍රසන්න 48, ඉඳුවර ද අල්විස් 38, බිහඟ මෙන්ඩිස් 21, රවීන් ද සිල්වා 5/68, මහීම වීරකෝන් 3/15

නාලන්දා විද්‍යාලය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 98 (19) අවිශ්ක පෙරේරා නොදැවී 65, රවිඳු ද සිල්වා නොදැවි 33 

කොළඹ රාජකීය විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අතර තරගය අද අවසන් වූ අතර අනෙකුත් තරග හෙට (25) දෙවැනි දිනයට ක්‍රියාත්මකය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<