ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායකයා වසර 13ක ශතක නියඟයට තිත තබයි

137
(Photo by Paul ELLIS / AFP)

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන ටෙස්ට් නායකයා වන ටිම් පේන් වසර 13කට අධික කාලයකට පසුව සිය පළමු පෙළ ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා කළ පළමු ශතකය ලබා ගැනීමට ඊයේ (12) සමත් වුනා. ඒ මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ෂෙෆීල්ඩ් ශීල්ඩ් ක්‍රිකට් තරගාවලිය අතරතුරයි.

අභිෂේක් හා උවිඳු ත්‍රිත්වයින් ජයග්‍රහණය කරා රැගෙන යයි

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ….

ටස්මේනියා කණ්ඩායම හා බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන ඒ තරගයේ ටස්මේනියා පළමු ඉනිම තුල ශතකයක් ලබාගෙන පේන් ඔහුගේ වසර 13ක් තිස්සේ පැවත ආ ශතක නියඟය අවසන් කළා. පන්දු 208ක දී වාර්තා වූ එම ඉනිමට 4 පහර 13ක් හා එක් 6 පහරක් ඇතුළත් වුනා.

2005 වසරේ දෙසැම්බර් මාසයේ දී සිය මංගල දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කළ පේන් ටස්මේනියා කණ්ඩායමට ක්‍රීඩා කරමින් එදා සිට මේ දක්වා පළමු පෙළ ක්‍රිකට් තරග 125ක් ක්‍රීඩා කර තිබෙනවා. 

එම තරග 125 තුල ශතක දෙකක් සමඟින් ලකුණු 5200කට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ඇති පේන්, ඔහුගේ මංගල පළමු පෙළ ශතකය ලබාගත්තේ 2006 වසරේ දී බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති තරගයක් අතරතුරයි. 

ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් දැනට ටෙස්ට් තරග 26ක්, එක්දින තරග 35ක් හා විස්සයි විස්ස තරග 12ක් ක්‍රීඩා කර ඇති පේන්, 2018 වසරේ සිට මේ දක්වා අවස්ථාවන් කිහිපයක දී ම ඔවුන්ගේ එක්දින හා ටෙස්ට් නායකයා ලෙස කටයුතු කර තිබෙනවා. 

කමිඳු අදත් ගඟට ඉනි කපයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තෙවන….

ඕස්ට්‍රේලියාවට නැවතත් අළුබඳුන ශූරතාව තමන් සතුව තබා ගැනීමට අවස්ථාව හිමිකර දෙමින් 2-2ක් ලෙස නිමා වූ අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ දී ද ඔවුන්ගේ කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ පේන් විසින්. 

තවද 2019 වසර ආරම්භයේ ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ඕස්ට්‍රේලියාව පහසුවෙන් ජය ගත් අතර එහි දී ද ඔවුන්ගේ ටෙස්ට් කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ පේන්ය. 

පේන් මේ වන විට (2019 ඔක්තෝබර් 13) ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අංශයන් තුනේම ජාත්‍යන්තර ක්‍රිකට් තරග 78ක් ක්‍රීඩා කර තිබෙනවා. එහි දී පේන් වාර්තා කරගෙන ඇත්තේ එක් ශතකයක් හා අර්ධ ශතක 11ක් පමණයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<