අභිෂේක් හා උවිඳු ත්‍රිත්වයින් ජයග්‍රහණය කරා රැගෙන යයි

85

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් ඊයේ (12) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය.

15 පොඩ්ඩෙක්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ….

කෙසේ නමුත් ඊයේ දිනයේ පැවති තරග 5න් කිහිපයකටම වර්ෂාවෙන් බාධා එල්ල වූ  නිසා බොහෝමයක් කණ්ඩායම්වලට ඔවුන්ගේ අපේක්ෂිත දස්කම් දැක්වීමට නොහැකි විය. කෙසේ නමුත් ත්‍රිත්ව විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවති D කාණ්ඩයේ තරගය ඉනිමකින් සහ ලකුණු 47කින් ජය ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් වූහ. 

  • දෙවන දිනයට පැවැත්වූ තරග

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය 

උවිඳු විමලධර්ම ඇතුළු ත්‍රිත්ව විද්‍යාල පන්දු යවන්නන්ගේ දස්කම් හමුවේ සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩකයින් තරමක් අපහසුතාවයට පත්වූ මේ තරගය ත්‍රිත්ව විදුහල් පිටියේ දී නිමා වූයේ සත්කාරක ත්‍රිත්ව විද්‍යාලයට දැවැන්ත ජයක් හිමි කරදෙමිනි.  

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ත්‍රිත්ව විද්‍යාලය මේ තරගයේ පළමුව පන්දු රකින ලදි. 

සාන්ත ජෝසප් විද්‍යාලය ඔවුන්ගේ පළමු සහ දෙවන ඉනිම වෙනුවෙන් පිළිවෙළින් ලකුණු 48ක් හා ලකුණු 67ක් ලබා ගත් නමුත් ත්‍රිත්ව විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිමට වාර්තා කර ගත් ලකුණු ප්‍රමාණය අභිබවා යාමට සංචාරක සාන්ත ජෝසප් වාස් ක්‍රීඩකයින් හට අවස්ථාව උදා වූයේ නැත. 

දක්ෂ පිතිකරණයක නිරත වූ අභිෂේක් ආනන්දකුමාර් ලකුණු 83ක් ලබා ගන්නා ලදි. තරගය D කාණ්ඩයේ තරගයක් ලෙස නිමාවට පත්විය.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය  – 48 (32.3): උවිඳු විමලධර්ම 7/18, රුවින් පීරිස්  2/05 සහ 67 (37.4): රනුද සෝමරත්න 4/02, අභිෂේක් ආනන්දකුමාර් 3/24.

ත්‍රිත්ව විද්‍යාලය – 162/5d (24.3): අභිෂේක් ආනන්දකුමාර් 83, දිනිත සිරිවර්ධන 37*.


සාන්ත පීතර විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත පීතර විද්‍යාලය මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙන ලදි. තරගය B කාණ්ඩයේ තරගයක් ලෙස අද නිමාව  දුටුවේ ජය පරාජයෙන් තොරවයි. 

දෙවන දිනය වූ අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට, සාන්ත පීතර විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 113ක් ලබාගෙන යම් අසීරු මට්ටමක සිටි නමුත් ලකුණු 83ක් වාර්තා කර ගත් වනුජ කුමාර දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 199ක් දක්වා ඔසවා තබන ලදි. එරන් හංසමාල් කඩුලු 3යි.

Photos: St. Peter’s College vs Moratu Maha Vidyalaya | U19 Cricket Tournament 2019/20

සාන්ත පීතර පළමු ඉනිමට පිළිතුරු දුන් මොරටු මහා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 104ක් ලබා ගත් අතර එම ඉනිම එවැනි මට්ටමකට සීමා වූයේ දඟපන්දු යවන ක්‍රීඩක කනිෂ්ක මදුවන්ත දවා ගත් කඩුලු 5 නිසාවෙනි. 

ලකුණු 95ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පිවිසි සාන්ත පීතරයින් කඩුලු 2ක් දැවී ලකුණු 17ක් ලබාගෙන සිටිය දී අයහපත් ආලෝක තත්වය නිසා තරගය නවතා දැමීමට තරග විනිසුරුවරුන් තීරණය කළේය.

සාන්ත පීතර විද්‍යාලය – (41): 199 (69.1): වනුජ කුමාර 83, එරන් හංසමාල් 3/35, චමල්ක පුෂ්පකුමාර 2/25 සහ 17/2 (11.1):

මොරටු මහා විද්‍යාලය – 104 (38.5): මදුර ගිම්හාන 39, කනිෂ්ක මදුවන්ත 5/40, ප්‍රභාසර හේරත් 2/13, රුවින් සෙනෙවිරත්න 2/25. 

කමිඳු අදත් ගඟට ඉනි කපයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තෙවන….

ආනන්ද විද්‍යාලය හා සහිරා විද්‍යාලය 

ආනන්ද පිටියේ දී ක්‍රියාත්මක වූ මේ තරගයේ දී ශෂික උමයංග, නෙත්ම කරුණාරත්න යන ක්‍රීඩකයින් අර්ධ ශතක ලබා ගත් අතර පන්දු යැවීමේ දී ඉසුරු අයේෂ් කඩුලු 7ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාලය ඔවුන්ගේ මුල් ඉනිම ලකුණු 276ක් දක්වා රැගෙන ගියේය. 

සහිරා විද්‍යාලය ආනන්ද විද්‍යාල පළමු ඉනිමට පිළිතුරු ලෙස ඉනිම දෙකක දී පිතිකරණයේ නිරත වුවත් ඔවුන්ට පළමු ඉනිමේ පරාජයෙන් බේරිමට නොහැකි විය. කෙසේ නමුත් තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ආනන්ද විද්‍යාලය ලබා ගැනීමට වැඩි ඉඩකඩක් තිබූ පූර්ණ තරග ජයග්‍රහණය ගිලිහී ගියේය.

Photos: Ananda College vs Zahira College – U19 Cricket Tournament 2019/20

D කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සංචාරක සහිරා විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ආනන්ද විද්‍යාලය – 276 (60.3): ශෂික උමයංග 76, නෙත්ම කරුණාරත්න 52, සුදීප අගුළුගහ 30, මොහොමඩ් මහධී 3/28.

සහිරා විද්‍යාලය – 140 (57): අරවින්ත් රාජේන්ද්‍රන් 40, රිස්වාන් රාහීඩ් 34, ඉසුරු අයේෂ් 5/21, අදීශ පෙරේරා 3/34 සහ (F/O) 48/5 (25.3): ඉම්තියාස් ස්ලාසා 35, ඉසුරු අයේෂ් 2/13.


මහින්ද විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 

කාසියේ වාසිය දිනා ගත් සංචාරක සාන්ත බෙනඩික්ට් විද්‍යාලය මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙන ලදි. තරගය A කාණ්ඩයේ තරගයක් ලෙස නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි. 

මහින්ද විද්‍යාල පළමු ඉනිම ලකුණු 114කට සීමා කළ තේනුක නන්දලාල් කඩුලු 4ක් දවා ගන්නා ලදි. එයට පිළිතුරු දුන් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 147ක් ලබාගෙන ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටු වූයේ ඉනිමක ජයක් අපේක්ෂාවෙන් වුවත් ඔවුන්ගේ එම බලාපොරොත්තුව ඉටු කර ගැනීමට අවස්ථාව උදා වූයේ නැත.

මහින්ද විද්‍යාලය – 114 (51): තේනුක නන්දලාල් 4/31 සහ 17/1 (7.3):

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය  – 147/9d (48.3): විහඟ රුවනාර 62, කුෂාන් මදූෂ 4/32, සුභානු රාජපක්ෂ 3/43.

කෝලිගේ පිත්ත තවත් වාර්තාවකට ඔහුව රැගෙන යයි

ඉන්දීය නායක සුපිරි පිතිකරු විරාත් කෝලි දකුණු අප්‍රිකානු සමඟ පැවති දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී වාර්තා….

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත අන්තෝනි විද්‍යාලය මේ තරගයේ පළමුව පන්දු යවන ලදි. තරගය B කාණ්ඩයේ තරගයක් ලෙස නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරවයි. කෙසේ නමුත් සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට හැකි විය. 

තරගයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ සසිත් හිරුදික සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් කඩුලු 6ක් දවගන්නා විට, සාන්ත තෝමස් විද්‍යාලයේ  දිල්මින් රත්නායක කඩුලු 4ක් දවා ගත්තේය 

සාන්ත තෝමස් විද්‍යාලය – 178/9d (64): මනීෂ රූපසිංහ 37, උමයංග සුවාරිස් 34, කිෂාන් මුණසිංහ 30*, දිල්මින් රත්නායක 26, සසිත් හිරුදික 6/40, නිම්නක ජයතිලක 2/44 සහ 21/1 (5.1):

සාන්ත අන්තෝනි විද්‍යාලය – 128 (31.3): නිලුක්ශාන් උදයකුමාර 37, දිල්මින් රත්නායක 4/36, කිෂාන් මුණසිංහ 2/16.


  • පළමු දිනයට පැවැත්වූ තරගය 

කුරුණෑගල මලියදේව විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය 

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ධර්මාශෝක විද්‍යාලය මේ තරගයේ පළමුව පන්දු යවන ලදි. තරගය සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වේ. 

මලියදේව විද්‍යාලය – 150 (60): මුදිත ප්‍රේමදාස 62, චලුක අතපත්තු 21, අරෝෂණ ද සොයිසා 8/41.

ධර්මාශෝක විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 151/4 (43): අරෝෂණ ද සොයිසා 49*, සසිඳු මල්ෂාන් 46, සනුල ගුණරත්න 30, ගයාන් වීරසිංහ 2/32.

පළමු දිනයට පැවැත්වූ තරගය අද (13) දෙවන දිනයටත් පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තතු, තරග වාර්තා, තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දේ  ඔබේ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<