17න් පහළ ආසියානු කුසලාන තේරීම් වටයේ ශ්‍රී ලංකාව J කාණ්ඩයට

වයස අවුරුදු 17න් පහළ ආසියානු කුසලානය 2023

162

2023 වසරේ බහරේන් හිදී පැවැත්වීමට නියමිත වයස් අවුරුදු 17න් පහළ ආසියානු කුසලානය පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ කණ්ඩායම් කාණ්ඩවලට බෙදා වෙන්කිරීම මැලේසියාවේ Kuala Lampur නුවර දී සිදු කෙරුණා. 

කණ්ඩායම් 44කින් යුත් මෙම සුදුසුකම් ලැබීම වටයෙහි කණ්ඩායම් කාණ්ඩ 10කට බෙදා වෙන්කර ඇති අතර එම සුදුසුකම් ලබා ගැනීමේ තරග ඔක්තෝබර් 01 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව J කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත අතර උස්බෙකිස්තානය සත්කාරකත්වය දරන එම කාණ්ඩයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් Brunei Darussalam සහ ප්‍රබල දකුණු කොරියාව සමඟ තරග වැදීමට නියමිතයි.

වත්මන් ආසියානු ශූරයන් වන ජපානය A කාණ්ඩයෙන් තරගාවලියට පිවිසෙන අතර ජෝර්දානය, පිලිපීනය සහ ටර්ක්මෙනිස්තානය තරග වදින එම කාණ්ඩයේ සත්කාරකත්වය හිමිව ඇත්තේ ජෝර්දානයටයි.

B කාණ්ඩයේ සත්කාරකත්වය ඉන්දුනීසියාවට හිමි වෙද්දී, මැලේසියාව, පලස්තීනය, Guam සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම කාණ්ඩයට අයත් වන අතර ඕමානය සත්කාරකත්වය දරන C කාණ්ඩයෙන් ඉරාකය, කටාර්, ලෙබනනය සහ බහරේන් තරග වැදීමට නියමිතයි.

බහරේනය මෙම තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටය ක්‍රීඩා කළත් එහි සත්කාරකයන් ඔවුන් වන නිසාවෙන් බහරේනය ප්‍රධාන තරගාවලියට දැනටමත් සුදුසුකම් ලබා අවසන්.

මෙම තරගාවලියේ දෙවතාවක් ශූරයන් වන සවුදි අරාබිය D කාණ්ඩයේ සත්කාරකත්වය දරද්දී ඉන්දියාව, මියන්මාරය, මාලදිවයින සහ කුවේට් කණ්ඩායම් එම කාණ්ඩයට ඇතුළත් වන අතර බංග්ලාදේශය සත්කාරකත්වය දරන E කාණ්ඩයට යේමනය, සිංගප්පූරුව, භූතානය ඇතුළත්.

වියට්නාමය, තායිලන්තය, චීන තායිපේ සහ නේපාලය තරග වදින F කාණ්ඩයේ සත්කාරකත්වය වියට්නාමයට හිමිව ඇති අතර ඕස්ට්‍රේලියාව සත්කාරකත්වය දරන G කාණ්ඩය සඳහා දෙවතාවක් ශූරයන් වූ චීන තායිපේ, කාම්බෝජියාව සහ Northern Mariana Islands කණ්ඩායම් අයත් වනවා.

I කාණ්ඩයේ සත්කාරකත්වය Kyrgyz Republic හට හිමි වෙද්දී ලාඕසය, ඉරානය සහ හොංකොං යන කණ්ඩායම් එම කාණ්ඩයට ඇතුළත්.

මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ මුල් ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් 10 සහ හොඳම දෙවැනි කණ්ඩායම් 5 ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

කණ්ඩායම් කුසපත් ඇදීමේ ප්‍රතිඵල,

  • Group A: Japan, Jordan (H), Syria, Philippines, Turkmenistan
  • Group B: Indonesia (H), Malaysia, Palestine, Guam, UAE
  • Group C: Oman (H), Iraq, Qatar, Lebanon, Bahrain
  • Group D: India, Saudi Arabia (H), Myanmar, Maldives, Kuwait
  • Group E: Yemen, Bangladesh (H), Singapore, Bhutan
  • Group F: Thailand, Vietnam (H), Chinese Taipei, Nepal
  • Group G: Australia (H), China PR, Cambodia, N. Mariana Islands
  • Group H: Tajikistan (H), Afghanistan, Timor-Leste, Mongolia
  • Group I: IR Iran, Hong Kong, Kyrgyz Republic (H), Laos
  • Group J: Korea Republic, Brunei Darussalam, Uzbekistan (H), Sri Lanka

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<