Home Sinhala අවිශ්කගේ ශතකයත් සමඟින් ශ්‍රී ලංකාව පළමු ජයග්‍රහණයට

අවිශ්කගේ ශතකයත් සමඟින් ශ්‍රී ලංකාව පළමු ජයග්‍රහණයට

ACC Men's Emerging Teams Asia Cup 2023

4364
ACC Men's Emerging Teams Asia Cup 2023

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන 2023 නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ්‍රී ලංකා A කණ්ඩායම සහ බංග්ලාදේශ A කණ්ඩායම අතර පැවැත්වුණු තරගයෙන් ලකුණු 48ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද (13) සමත් වුනා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී අද උදෑසන ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායක Saif Hassan විසින් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

නමුත් බංග්ලාදේශ නායකයාගේ තීරණය කෙතරම් නුවණක්කාර එකක් දැයි ප්‍රශ්නයක් ඉතිරි කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 349ක් සිය ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුනා.

ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණේ අවිශ්ක ප්‍රනාන්දු සහ ලසිත් කෲස්පුල්ලේ යුගලය වන අතර ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. ලකුණු 31ක් ලබා සිටි කෲස්පුල්ලේගේ දැවී යාමෙන් එම සබඳතාව නිමා වුනා.

නමුත් ඉන්පසුව පිටියට අවතීර්ණ වූ මිනෝද් භානුක සමඟ එක් වූ අවිශ්ක විසින් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 125ක විශිෂ්ට සබඳතාවක් පැවැත්වුවා.

හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් පන්දු 55ක් තුළ වේගවත් ලකුණු 57ක් ලබා ගත් මිනෝද් ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස දවා ගැනීමට Ripon Mondol විසින් සමත් වුනා. ඉන්පසුව පිටියට පිවිසුණු සහන් ආරච්ච්ගේ ලකුණු 2කට දැවී ගිය අතර, සහන්ගෙන් පසුව පසිඳු සූරියබණ්ඩාර පිටියට පිවිසුණා.

එතැන් පටන් අවිශ්ක සහ පසිඳු විසින් ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර පන්දු 32කින් ලකුණු 43ක් ලබා ගත් පසිඳුගේ දැවී යාමෙන් එම සබඳතාව නිමාව දුටුවා.

එමෙන්ම ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 271ක් වන විට එතෙක් වෙලා අතිවිශිෂ්ට ඉනිමක් දියත් කරමින් සිටි අවිශ්ක ප්‍රනාන්දුගේ ඉනිම නිමා කිරීමට Soumya Sarkar විසින් සමත් වුනා.

මෙහි දී අවිශ්ක විසින් පන්දු 124ක් තුළ ලකුණු 133ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 13ක් අන්තර්ගත වී තිබුණා.

අවිශ්කගේ දැවී යාමෙන් පසුව හෝ ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල වීමට ඉඩ ලබා නොදුන් අශේන් බණ්ඩාර සහ නායක දුනිත් වෙල්ලාලගේ විසින් ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී අශේන් විසින් 35ක් සහ දුනිත් විසින් ලකුණු 31ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

ඒ අනුව මේ සියලු දෙනාගේ දායකත්වය නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා A ඉනිම ලකුණු 349ක් ලෙස සටහන් වුනා.

ශ්‍රී ලංකාව විසින් ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹා යාමේ අරමුණින් යුතු ව පිටියට පිවිසුණු බංග්ලාදේශ ආරම්භක පිතිකරු යුගලය වූ Tanzim Hasan Sakib සහ Mohammad Naim විසින් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා.

නමුත් සහන් ආරච්ච්ගේගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසු වී ලකුණු 22ක් ලබා සිටි Tanzim හට දැවී යාමට සිදු වූ අතර, ඉනිමේ ලකුණු 74ක් වන විට අනෙක් ආරම්භක පිතිකරුවා වූ Naimව දවා ගැනීමට චාමික කරුණාරත්න විසින් සමත් වුනා.

නමුත් ඉන්පසු පිටියේ එක් වූ Zakir Hasan සහ නායක Saif Hassan විසින් ලකුණු 88ක සබඳතාවක් පිහිටුවමින් නැවතත් බංග්ලාදේශ ඉනිම ස්ථාවර කළා.

එම නිසා වරෙක බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 2කට ලකුණු 152ක් ලෙස දිස් වූ නමුත් නැවත ක්‍රියාත්මක වූ සහන් ආරච්ච්ගේ සහ දුශාන් හේමන්ත විසින් බංග්ලාදේශය මැදපෙළ ඉතා ඉක්මනින් බිඳ දැමීමට සමත් වීමත් සමඟ බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 191ක් ලෙසට පරිවර්තනය වුනා.

කෙසේ වෙතත් එතැන් පටන් බංග්ලාදේශය පසු පෙළ පිතිකරුවන් විසින් සිය උපරිමය කණ්ඩායමට ලබා දෙමින් ලකුණු පුවරුව 300 කඩඉම තෙක් ඔසවා තැබීමට සමත් වුනා.

නමුත් ලකුණු 300 සීමාව ඉක්මවීමෙන් පසුව ඔවුන්ට තවත් දුර යා නොහැකි වූ අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් පන්දුවාර 48 පන්දු තුනක් තුළ බංග්ලාදේශ සියලු ම පිතිකරුවන් ක්‍රීඩාගාරය වෙත හරවා යැවුවා.

මෙහි දී ප්‍රමෝද් මදුශාන් සහ දුශාන් හේමන්ත කඩුලු 3 බැගින් දවා ගනිද්දී, සහන් ආරච්ච්ගේ විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. ඊට අමතරව චාමික කරුණාරත්න සහ දුනිත් වෙල්ලාලගේ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව බංග්ලාදේශ A ඉනිම ලකුණු 301කින් නතර වූ අතර, ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 48ක ජයග්‍රහණයක් හිමි වුනා.

Result


Sri Lanka A Team
349/8 (50)

Bangladesh A
301/10 (48.3)

Batsmen R B 4s 6s SR
Avishka Fernando b Soumya Sarkar 133 124 13 3 107.26
Lasith Croospulle c Mohammad Naim b Mahedi Hasan 31 28 6 1 110.71
Minod Bhanuka c Mahedi Hasan b Ripon Mondol 57 55 4 3 103.64
Sahan Arachchige c Akbar Ali b Ripon Mondol 2 9 0 0 22.22
Pasindu Sooriyabandara c Tanzim Hasan b Rakibul Hasan 43 32 4 2 134.38
Ashen Bandara c Zakir Hasan b Soumya Sarkar 35 25 4 0 140.00
Dunith Wellalage c Ripon Mondol b Soumya Sarkar 31 19 3 1 163.16
Chamika Karunarathne c Akbar Ali b Ripon Mondol 8 5 1 0 160.00
Dushan Hemantha not out 3 3 0 0 100.00
Pramod Madushan not out 0 1 0 0 0.00


Extras 6 (b 0 , lb 2 , nb 1, w 3, pen 0)
Total 349/8 (50 Overs, RR: 6.98)
Bowling O M R W Econ
Ripon Mondol 10 0 71 3 7.10
Musfik Hasan 9 0 68 0 7.56
Soumya Sarkar 5 0 52 3 10.40
Rakibul Hasan 10 0 63 1 6.30
Mahedi Hasan 10 0 48 1 4.80
Saif Hassan 4 0 29 0 7.25
Mahmudul Hasan Joy  2 0 16 0 8.00


Batsmen R B 4s 6s SR
Tanzim Hasan st Minod Bhanuka b Sahan Arachchige 22 25 1 2 88.00
Mohammad Naim c Minod Bhanuka b Chamika Karunarathne 51 39 11 0 130.77
Zakir Hasan c Lasith Croospulle b Sahan Arachchige 23 20 3 0 115.00
Saif Hassan c Lasith Croospulle b Dushan Hemantha 56 50 4 3 112.00
Mahmudul Hasan Joy  c Avishka Fernando b Dushan Hemantha 11 21 1 0 52.38
Soumya Sarkar c Pasindu Sooriyabandara b Pramod Madushan 42 46 6 0 91.30
Akbar Ali lbw b Dushan Hemantha 0 1 0 0 0.00
Mahedi Hasan c Minod Bhanuka b Dunith Wellalage 31 30 3 2 103.33
Rakibul Hasan c Pasindu Sooriyabandara b Pramod Madushan 40 36 3 2 111.11
Ripon Mondol not out 16 24 1 0 66.67
Musfik Hasan c Sahan Arachchige b Pramod Madushan 0 1 0 0 0.00


Extras 9 (b 0 , lb 4 , nb 2, w 3, pen 0)
Total 301/10 (48.3 Overs, RR: 6.21)
Bowling O M R W Econ
Binura Fernando 6 0 30 0 5.00
Pramod Madushan 6.3 0 50 3 7.94
Sahan Arachchige 10 0 62 2 6.20
Chamika Karunarathne 8 0 60 1 7.50
Dunith Wellalage 8 0 41 1 5.12
Dushan Hemantha 10 0 54 3 5.40



විශිෂ්ට ශතකයක් රැස් කරමින් ශ්‍රී ලංකාවට ජයග්‍රාහී මාවත විවර කර දුන් අවිශ්ක ප්‍රනාන්දු තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

මීට අමතරව මෙම තරගාවලියට අදාළව අද දිනයේ පැවැත්වුණු ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සහ ඕමාන A කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 72ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමත් වුනා.

මෙම තරග ද්විත්වය ම තරගාවලියේ A කාණ්ඩයේ තරග ලෙස පැවැත්වුණු අතර එම තරග ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව A කාණ්ඩයේ ලකුණු සටහනේ පළමු සහ දෙවන ස්ථාන දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

තරගාවලියේ දෙවැනි දිනය වන හෙට (14) දිනයේ දී තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරමින් තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

එහි දී ඉන්දීය A සහ එක්සත් අරාබි එමීර් A කණ්ඩායම් කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී තරග වැදීමට නියමිත අතර, නේපාල A කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී තරග වැදීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<