Home Sinhala ලක්ෂිත පාකිස්තානයට එරෙහිව පන්දුවෙන් දස්කම් පෙන්වයි

ලක්ෂිත පාකිස්තානයට එරෙහිව පන්දුවෙන් දස්කම් පෙන්වයි

පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

5566
Pakistan tour of sri lanka warm up day 2

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙර පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වුණු දෙදින පුහුණු තරගය ඊයේ (12) ජය පරාජයෙන් තොර ව අවසන් වුනා.

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මෙම තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රියාත්මක කරමින් සිටි පාකිස්තාන ක්‍රීඩකයින් විසින් කඩුලු 3ක් දැවී ලකුණු 160ක් ලබා සිටියේ, ශ්‍රී ලංකාව විසින් පළමු ඉනිමේ රැස් කළ ලකුණු 196ට පිළිතුරු වශයෙනුයි.

ඒ අනුව ආරම්භ වූ තරගයේ දෙවැනි දිනයේ උදෑසන කාලය පාකිස්තානය සිය ග්‍රහණයට නතු කර ගනිමින් ක්‍රීඩා කිරීමට සමත් වූ අතර Babar Azam සහ Saud Shakeel විසින් ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 130ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

Babar සහ Saud පිතිකරුවන් යුගලය විසින් පිළිවලින් ලකුණු 79ක් සහ 61ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් ව ගිය (Retired Out) අතර ඒ වන විට පාකිස්තාන ඉනිමේ ලකුණු තත්වය දිස් වුනේ ලකුණු 286ක් ලෙසයි.

නමුත් ඉන් පසුව පිටියට පිවිසි  පාකිස්තාන පිතිකරුවන්ට එතරම් සාර්ථක ලෙස පිතිකරණයේ යෙදීමට ඉඩ ලබා නොදුන් ප්‍රවීන් ජයවික්‍රම සහ ලක්ෂිත මනසිංහ විසින් පාකිස්තාන ඉනිම ලකුණු 342ක දී නවතාලීමට සමත් වුනා.

එහි දී මෑතකාලීන ව පිටදඟ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දක්වමින් සිටින ලක්ෂිත මනසිංහ විසින් කඩුලු 4ක් බිඳ හෙළූ අතර, ප්‍රවීන් ජයවික්‍රම විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව පාකිස්තාන ප්‍රථම ඉනිමට වඩා ලකුණු 146ක් පිටුපසින් සිටිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම ආරම්භ කළ අතර ඔවුන්ට එහි දී බලාපොරොත්තු වූ තරම් සාර්ථක ලෙස ඉනිම ගොඩ නැංවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ශතකයක් ලබා ගැනීමට සමත් වූ ඕෂද ප්‍රනාන්දු දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර එම ඉනිමේ මුල් කඩුලු 4ම ලකුණු 39ක් තුළ දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් විසින් සමත් වුනා.

නමුත් එතැන් පටන් පිටියේ එක් වූ නුවනිඳු ප්‍රනාන්දු සහ නිපුන් ධනංජය විසින් දිනය නිමා වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත් වූ වුනා.

ශ්‍රී ලංකාවට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හැකියාව ලැබුණේ පන්දුවාර 30කට පමණයි. දිනය නිමා වන විට ඔවුන් කඩුලු 4කට ලකුණු 88ක් ලබා ගැනීමට සමත් වූ අතර නොදැවී කඩුල්ලේ රැඳී සිටි නුවනිඳු ලකුණු 31ක් සහ නිපුන් විසින් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

මෙහි දී පාකිස්තානය වෙනුවෙන් Agha Salman විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

  • ශ්‍රී ලංකා පළමු ඉනිම 196/10 (46.3) ඕෂද ප්‍රනාන්දු 113, Hasan Ali 3/22, Shaheen shah Afridi 3/37
  • පාකිස්තාන පළමු ඉනිම 342/10 (78.3) Babar Azam 79, Shan Masood 83, Saud Shakeel 61, ලක්ෂිත මනසිංහ 4/82
  • ශ්‍රී ලංකා දෙවැනි ඉනිම 88/4 (30) නුවනිඳු ප්‍රනාන්දු 31, නිපුන් ධනංජය 26, Agha Salman 2/18

ඒ අනුව පාකිස්තානය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වුණු දෙදින පුහුණු තරගය ජය පරාජයෙන් තොර ව නිමා වුනා.

දෙරට අතර පැවැත්වීමට නියමිත පළමු නිල ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන ඉරිදා (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඒ පිළිබඳ ව ද සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result

Match drawn

Sri Lanka Board President’s XI
196/10 (46.3) & 88/4 (30)

Pakistan
342/10 (78.3)

Batsmen R B 4s 6s SR
Oshada Fernando c Mohammad Nawaz b Aamir Jamal 113 127 18 0 88.98
Sandun Weerakkody b Hasan Ali 0 1 0 0 0.00
Nuwanidu Fernando b Abrar Ahmed 5 19 0 0 26.32
Kamindu Mendis c Sarfaraz Ahmed b Shaheen Shah Afridi 21 41 2 1 51.22
Niroshan Dickwella c Sarfaraz Ahmed b Hasan Ali 0 5 0 0 0.00
Nipun Dhananjaya c & b Aamir Jamal 14 21 1 1 66.67
Ahan Wickramasinghe c Abdullah Shafique b Shaheen Shah Afridi 2 12 0 0 16.67
Lakshitha Manasinghe c Abdullah Shafique b Hasan Ali 10 26 1 0 38.46
Kavishka Anjula b Shaheen Shah Afridi 2 5 0 0 40.00
Milan Rathnayake b Abrar Ahmed 15 22 3 0 68.18
Praveen Jayawickrama not out 1 3 0 0 33.33


Extras 13 (b 6 , lb 2 , nb 3, w 2, pen 0)
Total 196/10 (46.3 Overs, RR: 4.22)
Bowling O M R W Econ
Shaheen Shah Afridi 12 3 37 3 3.08
Hasan Ali 7.3 1 22 3 3.01
Abrar Ahmed 11 1 52 2 4.73
Aamir Jamal 9 1 33 2 3.67
Nauman Ali 7 0 44 0 6.29
Batsmen R B 4s 6s SR
Abdullah Shafique c Praveen Jayawickrama b Kavishka Anjula 25 44 3 0 56.82
Imam-ul-Haq c Niroshan Dickwella b Lakshitha Manasinghe 36 75 5 0 48.00
Shan Masood c Kamindu Mendis b Lakshitha Manasinghe 83 67 9 3 123.88
Babar Azam retired 79 113 7 1 69.91
Saud Shakeel retired 61 96 6 0 63.54
Agha Salman lbw b Mohammad Shiraz 12 6 3 0 200.00
Sarfaraz Ahmed not out 17 25 0 0 68.00
Mohammad Rizwan b Praveen Jayawickrama 12 25 0 1 48.00
Mohammed Huraira c Sandun Weerakkody b Praveen Jayawickrama 12 15 1 0 80.00
Shaheen Shah Afridi c Ahan Wickramasinghe b Lakshitha Manasinghe 3 14 0 0 21.43
Nauman Ali c Niroshan Dickwella b Lakshitha Manasinghe 0 1 0 0 0.00


Extras 2 (b 0 , lb 0 , nb 1, w 1, pen 0)
Total 342/10 (78.3 Overs, RR: 4.36)
Bowling O M R W Econ
Milan Rathnayake 11 0 32 0 2.91
Mohammad Shiraz 10 2 40 1 4.00
Kavishka Anjula 9 2 39 1 4.33
Asanka Manoj 7 0 29 0 4.14
Lakshitha Manasinghe 18.3 1 82 4 4.48
Praveen Jayawickrama 19 2 89 2 4.68
Shashika Dulshan 4 0 31 0 7.75


Batsmen R B 4s 6s SR
Oshada Fernando c Sarfaraz Ahmed b Naseem Shah 6 31 0 0 19.35
Sandun Weerakkody c Nauman Ali b Shaheen Shah Afridi 8 14 2 0 57.14
Nuwanidu Fernando not out 31 42 2 1 73.81
Kamindu Mendis st Sarfaraz Ahmed b Agha Salman 1 9 0 0 11.11
Niroshan Dickwella b Agha Salman 12 9 2 0 133.33
Nipun Dhananjaya not out 26 45 1 0 57.78


Extras 4 (b 0 , lb 4 , nb 0, w 0, pen 0)
Total 88/4 (30 Overs, RR: 2.93)
Bowling O M R W Econ
Shaheen Shah Afridi 4 2 2 1 0.50
Naseem Shah 4.1 0 13 1 3.17
Abrar Ahmed 7 0 26 0 3.71
Agha Salman 6.5 1 18 2 2.77
Hasan Ali 4 2 6 0 1.50
Mohammad Nawaz 4 0 19 0 4.75