ThePapare Most Popular Schoolboy Cricketer SMS මනාප සටන ඇරඹෙයි

196

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් නොකඩවා දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන “ThePapare Most Popular Schoolboy Cricketer 2022” නොහොත් “ThePapare වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා” තේරීමේ දෙවැනි වටය අද (2) උදෑසන 9ට ආරම්භ වුනා.

ඒ අනුව පසුගිය දා (22) සවස 4 සිට (ශ්‍රී ලංකා වේලාවෙන්) ආරම්භ වුන මෙහි පළමු වටය අගෝස්තු 31 වැනිදා රාත්‍රි 11.59ට අවසන් වුනා.

ඒ සඳහා  2021/22 තරග වාරයේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටියේ 19න් පහළ පළමු පෙළ (Division 1) පාසල් ක්‍රිකට් කණ්ඩායම් 36ම ආවරණය වන පරිදි තෝරා ගත් ක්‍රීඩකයින් 108 දෙනා අතරින් වැඩිම මනාප ලබා ගත් ක්‍රීඩකයින් 36 දෙනා මෙතැන් සිට දෙවැනි වටය නොහොත් තීරණාත්මක SMS තරග වටයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා.

එම තීරණාත්මක දෙවැනි වටය (SMS වටය) අද (2) උදෑසන 9 සිට සැප්තැම්බර් 16 වැනිදා සවස 5.59 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙවර ක්‍රියාත්මක වුනු පළමු වටයේ දී ගාල්ල මහින්ද විද්‍යාලයේ හිරුණ මන්දිල (පළමු වටයේ මනාප – 9584) වැඩිම මනාප ප්‍රමාණයක් දිනාගෙන දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තා. ඊට අමතරව තර්ස්ටන් විද්‍යාලයේ තරිඳු හර්ෂණ සහ ඉසිපතන විද්‍යාලයේ කෙවින් සැමුවෙල් පළමු වටයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගන්නට සමත් වුනා.

පළමු වටයෙන් දෙවැනි වටය සඳහා තේරී පත්වූ ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ SMS මනාප කේතයන්

Hiruna Mandila – Mahinda College Type HM<space>MCG & send to 6633
Tharindu Harshana – Thurstan College Type TH<space>TC & send to 6633
Kevin Samuel – Isipathana College Type KS<space>IC & send to 6633
Mithul Senarath – De Mazenod College Type MS<space>DMC & send to 6633
Shane Adithya – Maris Stella College Type SA<space>MSC & send to 6633
Ashen De Soyza – St. Benedict’s College Type AZ<space>SBC & send to 6633
Caniston Gunaratnam – S. Thomas’ College, Mt. Lavinia Type CG<space>STC & send to 6633
Hansaja Hiruna – Maris Stella College Type HH<space>MSC & send to 6633
Sachintha Dissanayake – Dharmaraja College Type SD<space>DCK & send to 6633
Kavishka Imesh – St. Sylvester’s College Type KI<space>SSCK & send to 6633
Pasan Suwahas – St. Benedict’s College Type PS<space>SBC & send to 6633
Kushan Herath – St. Sebastian’s College Type KH<space>SSC & send to 6633
Risitha Perera – St. Anne’s College Type RP<space>SAC & send to 6633
Raaed Rizwan – Zahira College Type RR<space>ZC & send to 6633
Dunith Wellalage – St. Joseph’s College Type DW<space>SJC & send to 6633
Jayamin Muthukumarana – Maliyadeva College Type JM<space>MCK & send to 6633
Mahith Perera – S. Thomas’ College, Mt. Lavinia Type MP<space>STC & send to 6633
Mahindu Malith – Maris Stella College Type MM<space>MSC & send to 6633
Hasitha Suranga – St. Aloysius College, Galle Type HS<space>SACG & send to 6633
Dasis Manchanayake – Royal College Type DM<space>RC & send to 6633
Shenith Fernando – St. Sebastian’s College Type SHF<space>SSC & send to 6633
Abdul Rahuman – St. Anthony’s College Wattala Type AR<space>SACW & send to 6633
Manaan Muzammil – St. Anne’s College Type MM<space>SAC & send to 6633
Sandeesh Fernando – St. Sebastian’s College Type SF<space>SSC & send to 6633
Navija De Seram – St. Thomas’ College, Matara Type NS<space>STCM & send to 6633
Anjala Bandara – Mahanama College Type AB<space>MC & send to 6633
Deneth Sithumina – Moratu Maha Vidyalaya Type DS<space>MMV & send to 6633
Charuka Herath – Maliyadeva College Type CH<space>MCK & send to 6633
Lahiru Abeysinghe – St. Anthony’s College, Kandy Type LA<space>SACK & send to 6633
Adithya Abeyawardana – St. Aloysius College, Galle Type AB<space>SACG & send to 6633
Devindu Kakirideniya – Mahanama College Type DK<space>MC & send to 6633
Koojana Perera – Mahanama College Type KP<space>MC & send to 6633
Amitha Perera – St. Anthony’s College Wattala Type AP<space>SACW & send to 6633
Dulara Bandulasena – Dharmaraja College Type DB<space>DCK & send to 6633
Vishwa Rajapaksha – St. Joseph Vaaz College Type VR<space>SJV & send to 6633
Abisheak Liyanaarachchi – D.S.Senanayake College Type AL<space>DSSC & send to 6633

ThePapare Most Popular Schoolboy Cricketer පළමු අදියර පසුගිය වසරේ දී ඉතාමත් සාර්ථකව පැවැත්වුණු අතර එහි දෙවැනි වටය සඳහා සහභාගී වූ ක්‍රීඩකයින් 36 දෙනා සඳහා SMS මනාප 2,174,779ක දැවැන්ත ප්‍රමාණයක් ලැබී තිබුණා.

එහි දී රාජකීය විද්‍යාලයේ වත්මන් ශ්‍රී ලංකා 19න් පහළ  තුන් ඉරියව් ක්‍රීඩක හැවිරිදි සදීෂ රාජපක්ෂ 1,034,559ක දැවැන්ත SMS මනාප ප්‍රමාණයක් ලබා ගනිමින් 2021 ThePapare Most Popular Schoolboy Cricketer ලෙස අභිෂේක ලබා ගත්තා.

එසේම කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ තුන් ඉරියව් දස්කම් දක්වන ත්‍රිමල්ෂ සිල්වා එහි දෙවැනි ස්ථානය දිනා ගත්තේ SMS මනාප 631,804ක ප්‍රමාණයක් ලබා ගෙනයි. තවද එවර තරග වාරයේ දී කොළඹ ඉසිපතන විද්‍යාලයේ නායකයා ලෙස කටයුතු කළ තෙවිඳු දික්වැල්ල SMS මනාප 275,343ක් ලබා ගනිමින් තුන්වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා.

2022 ThePapare Most Popular Schoolboy Cricketer දෙවැනි තරග වටයේ (SMS වටයේ) කොන්දේසි,

  • පළමු තරග වටය අවසානයේ වැඩිම මනාප ලබා ගත් ක්‍රීඩකයින් 36 දෙවැනි තරග වටය සඳහා තරග වදිනු ලබනවා.
  • SMS මනාප අදියර සැප්තැම්බර් 2 වැනිදා (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9 සිට) සිට 16 වැනිදා (සවස 5:59) ක්‍රියාත්මක වනු ඇත.
  • සෑම අයෙක්ටම වෙන්වූ SMS කේතයක් මෙහි දී ලබා දී තිබෙනවා.
  • Dialog සබඳතා හරහා පමණක් SMS මනාප පළ කළ හැකියි.
  • එක් දුරකථන සබඳතාවයකින් දිනකට ඕනෑම ප්‍රමාණයක SMS ප්‍රමාණයක් යොමු කිරීමට හැකි.
  • විදෙස් දුරකථන සබඳතා ඔස්සේ මනාප පළ කිරීමට හැකියාවක් නොමැත.
  • එක් SMS පණිවිඩයක් සඳහා රුපියල් 5/=ක් සහ අදාළ බදු අය කෙරේ.
  • පළමු තරග වටයේ දී ලබා ගත් මනාප දෙවැනි වටය සඳහා එකතු කරන්නේ නැත.
  • සැප්තැම්බර් 16 වැනිදා සවස 6ට, වැඩිම SMS ප්‍රමාණයක් දිනා ගෙන ඇති ක්‍රීඩකයා, ThePapare Most Popular Schoolboy Cricketer 2022 ලෙස අභිෂේක ගන්වනු ලැබේ.
  • අවසන් තීරණය com සතුයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<