ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට සමුදෙයි

828

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර වරම් දිනා ගත් ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියෙන් ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් වහාම ඉවත් වීමට අද (8) තීරණය කර ඇත. ඒ බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ද දැනුම් දී තිබේ.

ජයසූරිය මෙම තීරණය ගෙන ඇත්තේ ඔහු සිය පවුලේ සාමාජිකයින් සමඟ ඇමරිකා එක්සත් ජනපදයට පදිංචියට යාමට තීරණය කර ඇති හෙයිනි. එසේම ඔහු සිය ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යමින් ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට සැලසුම් කර තිබෙන බව ද වාර්තා වේ.

තවත් ක්‍රිකට් පුවත්:

2015 වසරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මුලින්ම ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගත් ශෙහාන් ඉන් මාස දෙකකට පසුව ජාත්‍යන්තර එක්දින වරම් ද දිනා ගත්තේය. ඔහු එදා සිට අද දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග 30කට ක්‍රීඩා කරමින් ලකුණු 490ක් ලබාගෙන තිබෙන අතර පන්දු යවමින් කඩුලු 6ක් දවාගෙන තිබේ.

පළමු පෙළ ක්‍රිකට් පිටියේ දස්කම් සලකා බැලීමේ දී හලාවත මේරියන්ස් සහ මුවර්ස් ක්‍රීඩා සමාජය ඇතුළු පළමු පෙළ කණ්ඩායම් කිහිපයකම ක්‍රීඩා කරමින් 2019 වසරේ සිට මේ දක්වා ලකුණු 5431ක් සහ කඩුලු 193ක් දවා ගනිමින් ඔහු දස්කම් දක්වා තිබේ.

ශෙහාන් සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු සියලුම දෙනාට ස්තුතිය ද පුද කර තිබෙන අතර ඔහු කළ සේවය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සිය මාධ්‍ය නිවේදනය හරහා ස්තුතිය පුද කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<