ප්‍රබල සටනකින් පසුව ගුවන් හමුදාවට ගෞරවාන්විත පරාජයක්

416

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ දෙවන වටයේ තුන්වැනි සතියේ ආරම්භක තරගය CH&FC කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතර අද (18) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර 29-22ක් ලෙස තරගය ජය ගත්තේ CH කණ්ඩායම විසිනි.

CH කණ්ඩායම පසුගිය සතියේ CR කණ්ඩායම පරාජය කළ අතර එම සතිය නිමා වන විට CH ක්‍රීඩකයෝ ලකුණු සටහනේ 3 වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වූයේ මහනුවරට හා හැව්ලොක් කණ්ඩායම්වලට පමණක් තෙවැනි වෙමිනි.

ගුවන් හමුදා කණ්ඩායම ද මෙම තරගයට ජයග්‍රාහී මානසිකත්වයෙන් පිවිසුණේ පසුගිය දා පොලිස් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ඔවුන් ජයග්‍රහණය ලබා ගත් නිසාවෙනි. මෙවර තරගාවලියේ දී ලබා ගත් පළමු ජයග්‍රහණය එය වූ අතර ඔවුන් තවමත් ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ පසුවෙයි.

CH එල්ල කළ අභියෝගය හමුවේ CR නිරුත්තර වෙයි

2018/19 ඩයලොග්’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ සත්කාරක…

ගයන්ත ඉද්දමල්ගොඩගේ පා පහරින් ආරම්භ වූ තරගයේ දෙවන මිනිත්තුවේ දී ම ගුවන් හමුදාව විසින් සිදු වූ වැරැද්දකින් උපරිම ප්‍රයෝජනය ගත් CH ක්‍රීඩකයන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ සැමුවෙල් මදුවන්ත ලබාගත් උත්සාහක දිනුමත් සමඟිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ද මදුවන්ත සමත් විය. (CH 7–0 ගුවන්)

ඉන්පසු CH සීමා ඉරට මීටර් 5ක දුරක සිට ලබා ගත් ඉක්මන් දඩුවම් පහරක් සාර්ථකව උත්සාහක දිනුමක් බවට පත් කිරීමට ගුවන් හමුදාවේ නුවන් පෙරේරා සමත් විය. එහි ප්‍රවර්තනය ගයාන් ඉද්දමල්ගොඩට සාර්ථක කරගැනීමට නොහැකි වීම නිසා තරගයේ පෙරමුණ ගැනීමට CH ක්‍රීඩකයන් සමත් විය. (CH 7–5 ගුවන්)

තම අත්දැකීම් ප්‍රයෝජනයට ගත් CH ක්‍රීඩකයන් වැඩි වෙලාවක් යාමට පෙර තම දෙවන උත්සාහක දිනුම වාර්තා කළ අතර එය ප්‍රසාද් මදුසංක විසින් 9 වැනි මිනිත්තුවේ දී වාර්තා කළේය. තම දක්ෂතාවයන් මනාවට පෙන්වූ සැමුවෙල් මදුවන්ත එම ප්‍රවර්තනයත් සාර්ථක කර ගත්තේය. (CH 14–05 ගුවන්)

CH ක්‍රීඩකයන්ට දැඩි අභියෝගයක් වෙමින් ගුවන් හමුදාව වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට තිලිණ මදුසංක සමත් වූ අතර ඒත් සමඟම ගුවන් හමුදා ලකුණු තත්වය 10ක් දක්වා ඉහළ ගියේය. එහි ප්‍රවර්තනය ද සාර්ථක නොවූ නිසා ඔවුන්ට ලකුණු 10කින් සෑහීමකට පත්වීමට සිදු විය. (CH 14–10 ගුවන්)

තමන් දුර්වල කණ්ඩායමක් නොවන බව පෙන්වමින් ක්‍රීඩා කළ ගුවන් හමුදාව තරගයේ මීළඟ මිනිත්තු කිහිපයේ දී පන්දුව ඉතා දක්ෂ ලෙස CH සීමා ඉර ආසන්නයේ තබා ගැනීමට සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අති දක්ෂ උත්සාහක දිනුමක් 21 වැනි මිනිත්තුවේ දී සාරක වැරැල්ල විසින් වාර්තා කළේ CH ඉදිරිපෙළ අසරණ කරමිනි. මෙහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ගුවන් හමුදාවේ නුවන් පෙරේරා සමත් වීමත් සමඟම තරගයේ පෙරමුණ ගැනීමට ගුවන් හමුදාව සමත් වූයේ CH කණ්ඩායමට දැඩි අභියෝගයක් වෙමිනි. (CH 14–17 ගුවන්)

හැව්ලොක් ක්‍රීඩකයෝ වැලිසර ගිනියම් කරති

2018/19 ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ පෙරළිකාරම සති අන්තය වූ දෙවන වටයේ…

තරගයේ මීළඟ මිනිත්තු කිහිපය ඉතාමත් තීරණාත්මක වූ අතර දෙපිලම අතින් සිදු වූ අත්වැරදීම් නිසා දෙපසටම දඩුවම් පහරවල් කිහිපයක්ම ලැබුණු අතර ඒවා සාර්ථක කරගැනීමට කණ්ඩායම දෙකම අසමත් විය.

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවති දැඩි සුළඟ නිසා ක්‍රීඩකයන්ට පා පහරවල් වලට යාමේ අපහසුතාවයක් පෙන්වූ අතර සැමුවෙල් මදුවන්ත තම කාර්යය මනාව ඉටු කරමින් ක්‍රීඩා කරන බවක් දක්නට ලැබුණි.

පළමු අර්ධය : CH&FC කණ්ඩායම 14 – 17 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන අර්ධයේ ආරම්භයේ දී කණ්ඩායම් දෙකම කරට කර සටන් කළ අතර පන්දුව දෙපිලම අතර දෝලනය වූයේ කණ්ඩායම් දෙකම සිදු කළ වැරදි නිසාවෙනි.

තරගයේ 45 වැනි මිනිත්තුවේ දී ගුවන් හමුදා ක්‍රීඩක පරාක්‍රම රත්නායකට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරුවන් ක්‍රියා කළේ ඔහු නියමිත දුර තබා නොගැනීම නිසාවෙනි. තරගයේ 47 වැනි මිනිත්තුවේ දී CH ක්‍රීඩක සුදම් සූරියආරච්චි ලබා ගත් උත්සාහක දිනුම CH කණ්ඩායමට නැවතත් පෙරමුණ ලබා දුන් අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. එය සැමුවෙල් මදුවන්තට මෙම තරගයේ මග හැරුණු පළමු ප්‍රවර්තනය විය. (CH 19–17 ගුවන්)

මීළඟ මිනිත්තු කිහිපයේ දී තරගයට අවතීර්ණ වීමට ගුවන් හමුදාව දැඩි උත්සහයක් ගන්නා ආකාරයක් දක්නට ලැබුණි. ගුවන් හමුදාවට දෙවන කහ කාඩ්පත තරගයේ 52 වැනි මිනිත්තුවේ දී ලබා දීමට විනිසුරුවන් ක්‍රියා කළේය. ඒ ඉදිරිපෙළ ක්‍රීඩක චාල්ස් ප්‍රවීන් ස්ක්‍රම් අවස්ථාවක දී කළ නීති විරෝධි ක්‍රියාවක් හේතුවෙනි.

රත්මලානට ගිය පොලිස් ක්‍රීඩකයෝ හිස් අතින් ගෙදර එයි

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ දෙවන සති…

තරගයේ 53 වැනි මිනිත්තුව වන විට ගුවන් හමුදාවේ ක්‍රීඩකයන් 13 දෙනකු පමණක් ක්‍රීඩා කළ අතර CH කණ්ඩායම තම ග්‍රහණය දැඩි කරන ආකාරයක් දක්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 57 වැනි මිනිත්තුවේ දී  උත්සාහක දිනුමක් ලබා ගැනීමට CH නායක රෝහිත රාජපක්ෂ සමත්වූ අතර සැමුවෙල් මදුවන්තට එම ප්‍රවර්තනයත් සාර්ථක කර ගැනීමට නොහැකි විය. (CH 24–17 ගුවන්)

තරගයේ 60 වැනි මිනිත්තුවේ දී CH වෙනුවෙන් සුදම් සූරියආරච්චි සහ සැමුවෙල් මදුවන්ත ඉතා දර්ශනීය අයුරින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. සැමුවෙල් මෙම අර්ධයේ ප්‍රවර්තන සියල්ල අසාර්ථක කර ගත්තේ දැඩි සුළං තත්වය නිසා විය හැක. (CH 29–17 ගුවන්)

තරගයට අවතීර්ණ වීමට ගුවන් හමුදාව ගත් දැඩි උත්සහය කෙමෙන් කෙමෙන් CH ඉදිරි පෙළ ආක්‍රමණය කරන ආකාරයක් දක්නට ලැබුණු අතර ගුවන් හමුදාව වෙනුවෙන් යොහාන් පෙරේරා 64 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරන ලදි. ඒ සමඟම ගුවන් හමුදා ලකුණු තත්වය ලකුණු 22ක් දක්වා ඉහළ නැංවිය. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (CH 29–22 ගුවන්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අවසන් මිනිත්තු 10 දී තරගය ඉතාමත් තරගකාරී වූ අතර කණ්ඩායම් දෙකම ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණි. ගුවන් හමුදාව ප්‍රබල ලෙස CH සීමා ඉර ආක්‍රමණය කළ අතර එහි දී CH කණ්ඩායම පන්දුව ලබා ගැනීමට උත්සාහ කළ නමුත් පන්දුව නිදහස් නොකිරීම නිසා ගුවන් හමුදාවට ලැබුණු දඩුවම් පහරක් උත්සාහක දිනුමක් බවට පත්කිරීමට තිබූ අවස්ථාවක් මග හැරී ගියේ CH කණ්ඩායම ප්‍රබල ලෙස ගුවන් හමුදාවට අභියෝග කළ නිසාවෙනි.

තරගාවලියේ තරග 9කට මුහුණ දී එක් තරගයක් පමණක් ජයගෙන තරමක් පසුබැස සිටින ගුවන් හමුදාව මෙම තරගයේ දී CH කණ්ඩායමට දැඩි අභියෝගයක් වූ බව අවිවාදයෙන් පිළිගත යුතුය. තරගයේ 80 වැනි මිනිත්තුවේ දී දඩුවම් පහරක් ගුවන් හමුදාවට ලැබුණු අතර එය සාර්ථක කර ගැනීමට නොහැකි වූයේ අවාසනාවන්ත ලෙස පන්දුව ගිලිහී යාම නිසාවෙනි. එම නිසා තරගයේ අවසන් ලකුණු තත්වය 29-22ක් ලෙස CH කණ්ඩායමට ජයගෙන දෙමින් අවසන් විය.

අවසන් ලකුණු තත්වය: CH&FC කණ්ඩායම 29 (5T,2C) – 22 (4T, 1C) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • CH&FC: සැමුවෙල් මදුවන්ත (2T, 2C), ප්‍රසාද් මදුසංක (1T), සුදම් සූරියආරච්චි (1T), රෝහිත රාජපක්ෂ (1T)
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය: නුවන් පෙරේරා (1T,1C), තිලිණ බණ්ඩාර (1T), සාරක වැරැල්ල (1T), යොහාන් පෙරේරා (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<