“අනාගතය ගැන බයයි. ඒත් ජයග්‍රහණ අපිට බලාපොරොත්තුවක්” – සචින් සහ බුවනෙක

1537

කනිෂ්ඨ ක්‍රීඩකයින් ලෙස ක්‍රීඩා කරන කාලයේ සිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ ඉදිරියට රැගෙන එන මේ තරුණයින් දෙදෙනා දැන් ජාතික වාර්තා අලුත් කරන්නට පවා සමත්ව තිබේ.

නිමාවූ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ද ශ්‍රී ලංකාව වෙනුවෙන් අමතක නොවන සටනක නිරත වූ මේ තරුණයින් දෙදෙනා පිරිමි යුගල ඉසව්වේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව වනු ඇත.

ස්කොෂ් ක්‍රීඩාවෙන් කිරුළු පැලදී ලාංකීය කුමරිය, මිහිලියා

අතිදක්ෂ ශ්‍රී ලාංකික ස්කොෂ් ක්‍රීඩිකාවක් වන මිහිලියා මෙත්සරණි සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ උච්චතම අවස්ථාවකට ළඟා වීමට පසුගිය දා සමත් විය.

සචින් ඩයස් හා බුවනෙක ගුණතිලක; විසි එක් හැවරිදි මේ ක්‍රීඩකයින් දෙදෙනා වයස අවුරුදු 11 සිටම යුගල ඉසව් ක්‍රීඩා කරන අතර 2013 දී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල අටවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔවුන් සමත් වුනා. ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එමින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ  යුගල ඉසව්වේ අවසන් පූර්ව වටයට පිවිසි පළමු ශ්‍රී ලාංකිකයින් වන්නට ද ඔවුන් සමත් වුනා.

ක්‍රීඩාව උදෙසා වූ උපරිම කැපවීමෙන් යුතුව මේ ක්‍රීඩකයින් දෙදෙනා බැඩ්මින්ටන් ක්‍රීඩාව සිය ජීවිතය කරගෙන තිබෙන නමුත් ක්‍රීඩාවෙන් ඉදිරියට යද්දී ඔවුන්ට හැඟෙන අනාරක්ෂිත බව ඔවුන්ගේ දස්කම්වල ඉක්මන් වර්ධනයට බලපෑමක් එල්ල කරනවා.

ඉතිහාසය වෙනස් කළ සචින්ගේ හා බුවනෙකගේ කතාවයි මේ.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<