2020 හැඩකරන්නට අනාගතයෙන් ආ ඔලිම්පික් සුරතලා

335
The 2020 Summer Olympics

ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා තදින්ම සබැඳුණු ඔලිම්පික් තේමා පාඨය, ධජය, නිල ගීතය වැනි සංකේතාත්මක අංගයන් කිහිපය අතරින් නිල සුරතලා හෙවත් “මැස්කොට්” හට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

රුසියාවට සියලු අන්තර්ජාතික තරග තහනම්!

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ 2022 ලෝක කුසලාන තරගාවලිය ඇතුළු..

වර්ෂ 1968 දී ප්‍රංශයේ ග්‍රෙනොබ්ලි හීදී පැවති 19 වැනි නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ප්‍රථම වතාවට මෙම නිල සුරතලා පිළිබඳ සංකල්පය කරළියට පැමිණි අතර ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ සෑම ඔලිම්පික් තරගාවලියක් සඳහාම ඊට අනන්‍ය වූ සුවිශේෂී සුරතල් චරිතයක් එක්කර ගන්නට සත්කාරක රාජ්‍යයන් දැක්වූයේ විශාල උනන්දුවක්.

මෙම වසරේ දී ඉතාමත් උත්කර්ෂවත් අයුරින් දියත් කිරීමට බලාපොරොත්තු වන 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහාත් මේ ආකාරයෙන්ම ඉතාමත් ආකර්ෂණීය මෙන්ම අරුත් සම්පන්න නිල සුරතලෙකු එක්කර ගැනීමට එරට තරගාවලි සංවිධායක කමිටුව පියවර ගෙන තිබෙනවා.

දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් සියලු ලෝකවාසීන් එකම අරමුණක් කරා රැගෙන ඒමට වෙහෙස වන, නිතරම සිනහවකින් තම මුවඟ සරසාගෙන සිටින මිරයිටෝවා නමින් හැඳින්වෙන සොඳුරු සුරතල් සත්ත්වයා/රොබෝවරයා මෙවර තරගාවලිය ආරම්භ වීමටත් මත්තෙන් බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වී තිබීම වඩාත් කැපී පෙනෙනවා.

අඩි හයයි අඟල් දහයයි – මැට් ඇන්ඩර්සන්

ලොව ප්‍රමුඛතම වොලිබෝල් ක්‍රීඩා සමාජවලින් වැඩිම ඉල්ලුමක් ලැබෙන…

ජපන් භාෂාවට අනුව ‘මිරයි’ සහ ‘ටෝවා’ යන වචනයන්ගෙන් අරුත් ගැන්වෙන්නේ අනාගතය සහ සදාතනිකත්වය වන අතර ලොව පුරා විසිරී සිටින සියලු දෙනාගේම හදවත් සදාතනික පැතුමන්ගෙන් පුරවාලමින් යහපත් හෙට දිනයක් වෙනුවෙන් සැවොම ඒකරාශී වී කටයුතු කිරීමෙහි වැදගත්කම ඉස්මතු කිරීම මෙම මිරයිටෝවා නාමය තෝරාගැනීමට සඳහා මූලිකවම හේතුපාදක වී තිබේ.

මිරයිටෝවා සුදු සහ නිල් පැහැති වර්ණයන්ගෙන් හැඩගැන්වුනු හුරුබුහුටි සත්ත්ව වෙස් ගැන්වුනු රොබෝවරයකු වන නමුත් ඔහු ආසාධාරණයට එරෙහිව නැඟී සිටීමට පසුබට නොවන අතරම සාධාරණත්වය අගයමින් ක්‍රීඩාශීලී පසුබිමක් සකසාලීම සඳහා ඇපකැප වී කටයුතු කිරීම ඔහුගේ කාර්‍යභරයයි.

තම සඟයා වන සෙමෙටි සමඟ මිරයිටෝවා හට ඇත්තේ ඉතාමත් දැඩි මිත්‍රත්වයකි. සෙමෙටි යනු 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල සුරතලා වන අතර සාමකාමී චරිතයක් ලෙස ප්‍රසිද්ධියක් ඉසිලුවත් අවශ්‍ය අවස්ථාවන් හිදී ප්‍රබලව නැඟී සිටීමේ ඉහළ ආත්ම ශක්තියක් සෙමෙටි සතුය. 

බලසම්පන්න චරිතයක් වන සෙමෙටිගේ ශරීර වර්ණයන් සහ හැඩයන් නිර්මාණය කිරීම සඳහා මූලික වී ඇත්තේ සොමෙයියෝෂිනෝ නමැති චෙරි මල් විශේෂයක් ඇසුරු කරගෙන වීම සුවිශේෂී කරුණකි.

ශ්‍රී ලංකා ඔලිම්පික් බලාපොරොත්තු සුන්!

2020 ඔලිම්පික් සඳහා වන සුදුස්සන් තේරීමේ තරග වෙනුවෙන් ශ්‍රී ලංකා..

මෙම සුරතලුන් දෙදෙනා නිර්මාණය කිරීමේ කාර්‍යභාරය අවසන් වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ දී වන අතර එහි දී අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වැඩි ඉඩ ප්‍රස්තාවක් ජපානයේ සහ ජපානයෙන් බැහැර රටවල ස්ථාපනය කර තිබෙන ජපන් පාසල්වල අධ්‍යයන කටයුතුවල නිරත වන සිසුන් හට ලබා දීමට තරගාවලි සංවිධායක කමිටුව විශේෂ වැඩපිළිවෙළක් සකස්කොට තිබුණි. ‘ගෙට් සෙට්’ නමින් හැඳින්වූ මෙම ඡන්ද විමසුමෙහි ප්‍රධානතම අරමුණ වූයේ 2020 ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලවල් සඳහා යොවුන්, තරුණ ජවය සක්‍රීයව දායක කරගැනීමයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<