CH එල්ල කළ අභියෝගය හමුවේ CR නිරුත්තර වෙයි

585

2018/19 ඩයලොග්’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ සත්කාරක CH&FC කණ්ඩායම සහ CR&FC කණ්ඩායම අතර කොළඹ තුරඟ තරග පිටියේ දී අද (12) පැවැත්වුණු තරගයෙන් CR&FC කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කරන්නට CH&FC කණ්ඩායම සමත් වුනේ ලකුණු 33-10ක් ලෙස තරගය නිමා කරමිනි.

ප්‍රිමේෂ් ධනුෂ්ක අවසන් මිනිත්තුවේ දී CR ආරක්ෂක වළලු සුනුවිසුනු කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ ආරම්භක සති අන්තයේ තවත් තරගයක් අද (5) පැවැත්වුණේ CR&FC කණ්ඩායම හා පොලිස් ක්‍රීඩා…

මෙවර තරග වාරය ආරම්භයේ දී CH සහ CR කණ්ඩායම් ද්විත්වයම කලක සිට රග්බි පිටියේ සිය ආධිපත්‍යය පතුරවාලූ මහනුවර කණ්ඩායමට අභියෝගයක් එල්ල කරමින් ශූරතාවලිය තමන් සතුකර ගැනීමේ අභිලාශයෙන් තරග බිමට පිවිසුනත් අනපේක්ෂිත පරාජයන් කිහිපයකට ලක් වීම ඔවුන්ගේ ජයග්‍රාහී ගමන තරමක් මන්දගාමී කළේය.

දෙවන වටයේ තමන් මුහුණ දුන් පළමු තරගය ජයග්‍රාහී මානසිකත්වයෙන් නිමා කිරීමට CH කණ්ඩායම පසුගිය සතියේ සමත් වූයේ දැඩි සටනකින් ලබා දීමෙන් අනතුරුව නාවික කණ්ඩායම පරාජයට පත්කරීමට සමත් වූ නිසාවෙනි.

ඊට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගත් CR කණ්ඩායමට ගෙවුණු කාල පරිච්ඡේදය එතරම් සුභදායී නොවූයේ හැව්ලොක් සහ පොලිස් කණ්ඩායම් හමුවේ අනපේක්ෂිත පරාජයන් කිහිපයකට මුහුණ පෑමට සිදු වීම සහ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ කෝකිල සම්මන්දපෙරුම හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වීම යන කරුණු පදනම් වූ නිසාවෙනි.

CH&FC කණ්ඩායමේ පා පහරින් ආරම්භ වූ තරගයේ මුල් මිනිත්තු කිහිපය තුල දී ප්‍රබල CR ආරක්ෂක මුරකාවල් වෙත දැඩි පීඩනයක් එල්ල කිරීමට CH ඉදිරි පෙළ සමත් වූ අතර එම නිසාවෙන්ම පන්දුවේ ග්‍රහණය තමන් වෙත ලැබුණු අවස්ථාවන්හී පවා ඉන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට CR ක්‍රීඩකයින් අපොහොසත් වූයේ දිගින් දිගටම ඔවුන් අතින් සිදු වූ අත්වැරදීම් දාමය හේතුවෙනි.

CH කණ්ඩායමට තරගයේ පෙරමුණ ගැනීමට ඉතා අපූර්ව අවස්ථාවක් 6 වැනි මිනිත්තුවේ දී උදා වූයේ CR කණ්ඩායම පන්දුව මුදා නොහැරීමේ වරදට හසුවීමෙන් ලැබුණු දඬුවම් පහරත් සමඟිනි. නමුත් පිටිය හරහා හමා ගිය සුළං ප්‍රවාහය සැමුවෙල් මධුවන්තගේ පාද ස්පර්ශය ලද පන්දුව ගෝල කණු පසුකරමින් ඉලක්කයෙන් ඉවතට ගෙන ගියේ ඔහුගේ වෑයම අපතේ හරිමිනි.

රතු කමිස කාරයෝ කබලෙන් ලිපට ද?

2018-19 අන්තර් සමාජ ලීග් තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් අතර සිටින CR&FC කණ්ඩායම මේ දිනවල බහුලවම කතාබහට ලක්වනු පෙනෙන්නට තිබේ. ඒ අනපේක්ෂිත තරග…

ඉන්පසු ගත වූ කාලසීමාව තුල දී කණ්ඩායම් දෙකම තරගයට අවතීර්ණ වීමට දැඩි උත්සහයක් දැරූ අතර ඒ අතරින් CH කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව වඩාත් කැපී පෙණුනි. අවස්ථා කිහිපයක දී ම CR පසුපෙළ ක්‍රීඩකයින් හට දැඩි හිසරදයක් වෙමින් ගෝල සීමාව ආසන්නයටම CH ක්‍රීඩකයින් පැමිණි නමුත් ඔවුන් අතින් සිදු වූ සමහරක් වැරදීම් සහ අතපසුවීම් වලින් ඵල නෙලාගත් CR ආරක්ෂක පෙළ පන්දුවේ පාලනය නැවතත් තමන් යටතට ගැනීමට සමත් වූයේ ඔවුන්ට තරමක අස්වැසිල්ලක් ගෙන දෙමිනි.

මෙතෙක් වේලාවක් නිහඬව සිටි CR ඉදිරිපෙළ එක්වරම ජීවය ලැබුවේ දක්ෂ පන්දු හුවමාරු කිහිපයක් සමඟින් ඉදිරියට ඇදෙමින් CH කණ්ඩායම වෙත යොමු කළ දැඩි අභියෝගයත් සමඟිනි. ඒ අවසරයෙන් තරින්ද රත්වත්තට CR ලකුණු පුවරුව සක්‍රිය කිරීමට අගනා අවස්ථාවක් උදා වූයේ ඔහුට හිමි වූ දඬුවම් පහර නිසාවෙනි. කෙසේ වුවත් අපේක්ෂිත ප්‍රතිඵලය ලබා ගැනීමට නොහැකි වූයේ ඔහු එල්ල කළ පා පහරේ ජවය ගෝල කණු අතරින් ඇඳී යාමට ප්‍රමාණවත් නොවූ හෙයිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

25 වැනි මිනිත්තුවේ ක්‍රියාත්මක වූ CR නායක තරින්ද රත්වත්ත, කෙවින් ඩික්සන් සහ රීසා රෆයිඩීන් අලංකාර පා චලනයන් සහ පන්දු හුවමාරු කිහිපයක් උපයෝගී කරගනිමින් මධ්‍යය රේඛාවේ සිට පන්දුව CH ගෝල සීමාව වෙත ගෙන ගිය අතර රීසාගේ දෑතට ලැබුණු පන්දුව ඔහු සුරක්ෂිතව උත්සාහක දිනුම් රේඛාවෙන් ඔබ්බට ගෙන යාමට සමත් විය. එහි ප්‍රවර්තන ගෝලය සාර්ථක කරගැනීමට තරින්ද අසමත් විය. (CR 05 – 00 CH)

CR අංක 8 ලෙස කටයුතු කරන ඔමල්ක ගුණරත්න අතින් සිදු වූ වරදක් විනිසුරු ජමාල්ඩීන්ගේ ඇසට හසු වීමත් සමඟ CH කණ්ඩායමට පන්දුවේ අයිතිය ලබා දීමට ඔහු තීරණය කළ අතර අවස්ථානුකූලව දඬුවම් පහරක් වෙත ගමන් කිරීම වඩාත් සුදුසුයි යැයි තීරණය කළ CH කණ්ඩායම විසින් තම කණ්ඩායමේ ලකුණු පුවරුව තරගයේ ප්‍රථම වතාවට පණ ගැන්වීමේ වගකීම සැමුවෙල් මධුවන්ත වෙත පැවරූ අතර ඔහු නිසි අයුරින් එම කාර්‍යභරය ඉටු කිරීමට වගබලා ගත්තේය. (CR 05 – 03 CH)

දෙවැනි අර්ධයේ දී CH පෙරමුණ ගනී

2018/19 ‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවැනි අදියරේ පළමු සතියේ තරගයක් ලෙස පැවති CH&FC කණ්ඩායම සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය…

තරගයේ 33 වැනි විනාඩියේ දී CR ක්‍රීඩක වජීඩ් ෆවුමි විසින් හිතාමතා සිදු කළ අවදානම් සහගත tackle කිරීමක් නිසාවෙන් ඔහුට කහ කාඩ්පතක් ලබා දී විනාඩි 10ක කාලසීමාවක් පිටියෙන් ඉවත් කර තැබීමට විනිසුරු කටයුතු කළ අතර එක් ක්‍රීඩකයෙකු නෙමැති වීමේ වාසිය සූක්ෂමව ප්‍රයෝජනයට ගත් නිවංක ප්‍රසාද් CH කණ්ඩායම වෙනුවෙන් අගනා උත්සාහක දිනුමක් වාර්තා කළේ තරගයේ ප්‍රථම වතාවට තම කණ්ඩායම පෙරමුණේ තබමිනි. අමතර ලකුණු එක්කිරීමේ  අවස්ථාව සැමුවෙල් අතින් මඟහැරී ගියේය. (CR 05 – 08 CH)

CR කණ්ඩායම තමන් හට හිමි වූ lineout අවස්ථාවන් හී වාසිය නිසි අයුරින් උපයෝගී කරගැනීමට අපොහොසත් වූයේ ඔවුන්ගේ පන්දු යොමු කිරීමේ සහ පන්දු පාලනයේ තිබූ දුර්වලතා නිසාවෙනි.

තරගයේ පළමු භාගය නිමා වීමට විනාඩියක කාලයක් ඉතිරිව තිබිය දී සිය ආධිපත්‍යය තර කරගැනීමට CH කණ්ඩායම සමත් වූයේ උත්සාහක දිනුමක් සහ ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට සමත් වීමත් සමඟිනි. තමාගේ ආරෝහ පරිණාහ දේහයේ වාසිය භාවිතා කරමින් CR ආරක්ෂක මුරකාවල් බිඳ දමමින් ධවල රේඛාව ඉක්මවා යාමට හිරන්ත පෙරේරා හට හැකි වූයේ CH කණ්ඩායමට තරගයේ දෙවන උත්සාහක දිනුමේ හිමිකාරත්වය පවරමිනි. එහි ප්‍රවර්තන ලකුණු ද්විත්වය වෙනුවෙන් එල්ල කළ පා පහර නිසි ඉලක්කය වෙත යොමු කිරීමට සැමුවෙල්ගේ උත්සහය ප්‍රමාණවත් නොවූවත් පසුව හිමි වූ දඬුවම් පහර අවස්ථාව ඔහු සාර්ථක කර ගත්තේ අහිමි වූ ලකුණු ද්විත්වය වෙනුවට ලකුණු ත්‍රිත්වයක් තම කණ්ඩායමට හිමිකර දෙමිනි. (CR 05 – 16 CH)

පළමු අර්ධය: CH&FC කණ්ඩායම 16 – 05 CR&FC කණ්ඩායම

පළමු අර්ධය පුරාවට පියවරෙන් පියවර ගොඩ නෑගූ සිය අණසක තවදුරටත් තහවුරු කරගැනීමේ අරමුණ පෙරදැරිව ක්‍රීඩා කළ CH ක්‍රීඩකයින් දුර්වල සහ මන්දගාමී ක්‍රීඩා රටාවක නියැලුණු CR ක්‍රීඩකයින් හට පහර පිට පහර එල්ල කරන්නට වූයේ CR කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව තිබූ බලාපොරොත්තු සියල්ල සුනුවිසුනු කර දමමිනි.

56 විනාඩියේ දී තරින්ද රත්වත්ත විසින් සිදු කළ ඉතා දුර්වල පන්දු යොමු කිරීමක් තම වාසියට පරිවර්තනය කර ගත් CH කණ්ඩායමේ නිෂෝන් පෙරේරා පන්දුව තම පාලනයට නතු කර ගත් ක්ෂණයෙන් ඉදිරියට ඇදුණේ කිසිදු CR ක්‍රීඩකයෙකුට ඔහුගේ ගමනට බාධා කිරීමට ඉඩප්‍රස්තාවක් නොදෙන අයුරිනි.

ඒ අනුව ඔහු විසින් ඉතා දැකුම්කළු උත්සාහක දිනුමක් සිය නම ඉදිරියේ සටහන් කරගැනීමට සමත් වූයේ  CH කණ්ඩායම තවදුරටත් තරගයේ ප්‍රබල ස්ථානයකට ඔසවා තබමිනි. එවර සැමුවෙල්ගේ පා පහර ගෝල කණු අතරින් ගමන් කළේ අමතර ලකුණු ද්විත්වයේ වාසිය ද හිමිකර දෙමිනි. (CR 05 – 23 CH)

දෙවැනි අර්ධයේ දී CH පෙරමුණ ගනී

2018/19 ‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවැනි අදියරේ පළමු සතියේ තරගයක් ලෙස පැවති CH&FC කණ්ඩායම සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය…

තරගයේ 57 වැනි මිනිත්තුව ගතවත්ම ගෞඩර් සහ හේරත් සුසංයෝගය ජීවය ලැබූ අතර හිරන්ත පෙරේරා විසින් යොමු කළ විශිෂ්ට backhand පන්දුව ගෞඩර් අතට පත් වීමත් සමඟ ඇරඹුණු ආක්‍රමණය ඉතා අගනා නිමාවකින් අවසන් කිරීමට හිරන්ත පෙරේරාගේ දස්කම් උපකාරී විය. එහි ප්‍රවර්තනය ගෝල කණු අතරින් පා කර හැරීමට සැමුවෙල් සමත් වූ අතර 60 වන මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහර ද එලෙසින්ම කිසිදු අත්වැරදීමකින් තොරව ඉලක්කගත කිරීමට හැකි වූ නිසාවෙන් මෙවර තරගවාරයේ ලකුණු 100 කඩඉම පසුකර ගිය ප්‍රථමයා වීමේ ගෞරව නාමය ඔහු තමන් සතු කරගත්තේය. (CR 05 – 33 CH)

CR ක්‍රීඩකයින් තරගයේ අවසන් විනාඩි කිහිපයේ දී උත්සාහක දිනුමක පහස විඳගත්තේ රොහාන් සිල්වාගේ වෑයම සාර්ථක ලෙස ක්‍රියාත්මක කර ගැනීමට ඔහු සමත් වූ නිසාවෙනි. මෙම තරගයේ දී තමාට ලැබුණු එකදු ප්‍රවර්තන හෝ දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්ත අසමත් වූයේ සියල්ලන්ම මවිතයට පත් කරමිනි. (CR 10 – 33 CH)

අවසන් ලකුණු තත්වය: CH&FC කණ්ඩායම  33 – 10 CR&FC කණ්ඩායම

  • ThePapare තරගයේ වීරයා: සුදම් සූරිආරච්චි (CH & FC කණ්ඩායම)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

CH & FC කණ්ඩායම
උත්සාහක දිනුම්: නිවංක ප්‍රසාද් 1, නිෂෝන් පෙරේරා 1,අනුරාධ හේරත් 1,හිරන්ත පෙරේරා 1
ප්‍රවර්තන ගෝල: සැමුවෙල් මධුවන්ත 2
දඬුවම් ගෝල: සැමුවෙල් මධුවන්ත 3

CR & FC කණ්ඩායම
උත්සාහක දිනුම්: රෙහාන් සිල්වා 1, රීසා රෆයිඩීන් 1

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<