සුලෝහිත සංග්‍රාම දුනු විදීමේ ජය නාලන්දාවට

1st Battle of the Maroons Archery

52
1st Battle of the Maroons Archery

කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර පසුගියදා නිමා වූ “සුලෝහිත සංග්‍රාම” දුනු විදීමේ තරගාවලියේ ජයග්‍රහණය නාලන්දා විද්‍යාලය සතු වූවා.

ප්‍රථම වරට පැවැති මෙම තරගාවලිය නාලන්දා විද්‍යාලයීය පැසිපන්දු ක්‍රීඩාංගණයේ දී පැවැතියා. ඊට දෙවිදුහල් නියෝජනය කරමින් තරගකරුවන් 50කට ආසන්න සහභාගී වූ බැවි දෙවිදුහල් හී දුනු විදීමේ පුහුණුකරු පේෂල කලංසූරිය මහා ThePapare.com වෙත ප්‍රකාශ කළා.

තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙසින් ආනන්ද සහ නාලන්දා විද්‍යාලයීය විදුහල්පතිවරුන් සහ දුනු විදීමේ ජාත්‍යන්තර විනිසුරුවරියක් වන සුනේත්‍රා සෙනෙවිරත්න මහත්මිය ද සහභාගී වූවා.

තරගාවලියට එක් වූ ආනන්ද කණ්ඩායමේ නායකයා ලෙසින් තිසල් දින්සර කටයුතු කළ අතර නාලන්දා විද්‍යාලයීය නායකයා ලෙසින් කටයුතු කළේ දුලන නලජිත්.

තරගාවලියේ ප්‍රතිඵල

වයස අවුරුදු 10න් පහළ මීටර් 10

  • පළමු ස්ථානය – රිතික බස්නායක (ආනන්ද විද්‍යාලය)
  • දෙවැනි ස්ථානය – සොනිරු ධීරද (නාලන්දා විද්‍යාලය)
  • තෙවැනි ස්ථානය – මිනෝන් සස්මිත දිසානායක (නාලන්දා විද්‍යාලය)

වයස අවුරුදු 12න් පහළ මීටර් 18

  • පළමු ස්ථානය – රවිෂ් සේනානායක(ආනන්ද විද්‍යාලය)
  • දෙවැනි ස්ථානය – රිතික ධර්මදාස(ආනන්දවිද්‍යාලය)
  • තෙවැනි ස්ථානය – විදුර තිරසර (ආනන්ද විද්‍යාලය)

වයස අවුරුදු 14න් පහළ මීටර් 18

  • පළමු ස්ථානය – සෙනුත් ලියනගේ(නාලන්දාවිද්‍යාලය)
  • දෙවැනි ස්ථානය – ජිතිර විද්‍යාරත්න(නාලන්දා විද්‍යාලය)
  • තෙවැනි ස්ථානය – තරුල් ධර්මසේන (නාලන්දා විද්‍යාලය)

වයස අවුරුදු 17න් පහළ මීටර් 30

  • පළමු ස්ථානය – ජෙරාන් ගමගේ(ආනන්ද විද්‍යාලය)
  • දෙවැනි ස්ථානය – නෙතුම් කෝදාගොඩ(නාලන්දා විද්‍යාලය)
  • තෙවැනි ස්ථානය – චේතාන් රුබේරු (ආනන්ද විද්‍යාලය)

වයස අවුරුදු 21න් පහළ මීටර් 30

  • පළමු ස්ථානය – රවින් ප්‍රේමරත්න(නාලන්දාවිද්‍යාලය)
  • දෙවැනි ස්ථානය – රන්දීර් සේනාරත්න(නාලන්දා විද්‍යාලය)
  • තෙවැනි ස්ථානය – තිසල් දින්සර (ආනන්ද විද්‍යාලය)

ආනන්ද විද්‍යාලයිය දුනු විදීමේ කණ්ඩායම

දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<