Home Sinhala මහානාමය ඉනිමක පරාජයෙන් ගැලවූ කවිඳු සහ දුල්නිත් ද්විත්ව ශතක සබඳතාවක

මහානාමය ඉනිමක පරාජයෙන් ගැලවූ කවිඳු සහ දුල්නිත් ද්විත්ව ශතක සබඳතාවක

18th Battle of the Golds 2024

82
18th Battle of the Golds 2024

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර 18 වැනි වරට පැවැත්වෙන “රන් මහා ක්‍රිකට් සටන” අද දිනයේ (30) ජය පැරදුමෙන් තොරව අවසන් වුනා.

මෙම තරගයේ පළමු දිනයේ දී ඩී.එස් ක්‍රීඩකයින් විසින් සිය පළමු ඉනිම සඳහා ලකුණු 370ක දැවැන්ත ලකුණු පුවරුවක් පිහිටුවීමට සමත් වූ අතර, එයට පිළිතුරු ලෙස මහානාම ක්‍රීඩකයින් පළමු දිනය නිමා වන විට කඩුලු 2ක් දැවී ලකුණු 94ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

කෙසේ වෙතත් අද දිනයේ දී ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 239කින් නතර කිරීමට ඩී.එස් පන්දු යවන්නන් විසින් සමත් වූ අතර, ඉනිමේ සාර්ථක ම පිතිකරුවා වූ දුල්නිත් සිගේරා ලකුණු 63ක් ලබා ගත්තා.

මීට අමතරව ඉනුක කරන්නාගොඩගේ පිත්තෙන් ලකුණු 61ක් වාර්තා වූ අතර, රශ්මික පෙරේරා ද ලකුණු 41කින් ඉනිමට සිය දායකත්වය ලබා දුන්නා.

පන්දු යැවීමෙන් ඩී.එස් වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ අක්මාල් ෆස්ලි කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර, රන්දීශ බණ්ඩාරනායකට කඩුලු 2ක් හිමි වුනා.

කෙසේ නමුත් ඩී.එස් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 131ක් පිටුපසින් සිටීම නිසා මහානාම ක්‍රීඩකයින්ට සිය දෙවන ඉනිම ද ක්‍රියාත්මක කිරීමට සිදු වූ අතර, මෙහි දී ඔවුන් ව ඉනිමක පරාජයෙන් ගැලවීමේ වගකීම බාර ගැනීමට දුල්නිත් සිගේරා සහ කවිඳු අමනෙත් පිටියට පිවිසුණා.

ඔවුන් දෙදෙනා විසින් අද දිනය නිමා වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 207ක දැවැන්ත සබඳතාවක් කරා යෑමට සමත් වූ අතර, ඔවුන් ඒ සඳහා වැය කළේ පන්දුවාර 32 පන්දු 3ක් පමණක් වීම විශේෂත්වයක්.

මෙහි දී දුල්නිත් සිගේරා පන්දු 91කින් ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් එල්ල කිරීමට සමත් වුනා.

මේ අතර කවිඳු අමනෙත් විසින් පන්දු 104ක් තුළ ලකුණු 106ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහුගේ පිත්තෙන් ද හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් එල්ල වීම විශේෂත්වයක්.

Result

Match drawn

D.S. Senanayake College
370/4 (69.2)

Mahanama College
239/10 (70.1) & 207/0 (32.3)

Batsmen R B 4s 6s SR
Gaviru Shenas not out 200 189 27 2 105.82
Pesandu Weerasinghe c Kavindu Amameth b Duvindu Ranathunga 12 31 2 0 38.71
Malitha Perera c Koojana Perera b Chamika Heenatigala 118 152 16 0 77.63
Chenul Pinsara c Eshan Withanage b Duvindu Ranathunga 11 21 1 0 52.38
Dehem Nirmal st Eshan Withanage b Chamika Heenatigala 17 16 0 2 106.25
Akmal Fazly not out 3 7 0 0 42.86


Extras 9 (b 4 , lb 5 , nb 0, w 0, pen 0)
Total 370/4 (69.2 Overs, RR: 5.34)
Bowling O M R W Econ
Duvindu Ranathunga 12 0 80 2 6.67
Inuka Karannagoda 17.2 1 70 0 4.07
Dulnith Sigera 3 0 23 0 7.67
Tharusha Amarasinghe 2 0 31 0 15.50
Koojana Perera 5 0 28 0 5.60
Rashmika Perera 8 0 29 0 3.62
Chamika Heenatigala 16 0 69 2 4.31
Anuka Wijewardana 5 0 23 0 4.60
Gimantha Dissanayake 1 0 8 0 8.00
Batsmen R B 4s 6s SR
Dulnith Sigera c Dehem Nirmal b Dilash Kumaranayake 63 91 10 0 69.23
Kavindu Amameth c Binura Lokupitiya b Akmal Fazly 14 19 1 0 73.68
Koojana Perera b Akmal Fazly 12 10 3 0 120.00
Chamika Heenatigala c Chenul Pinsara b Akmal Fazly 13 34 1 0 38.24
Rashmika Perera c Chenul Pinsara b Randisha Banaranayake 41 67 6 0 61.19
Inuka Karannagoda not out 61 125 10 0 48.80
Gimantha Dissanayake c Gaviru Senhas b Randisha Banaranayake 0 3 0 0 0.00
Eshan Withanage c Chenul Pinsara b Shanal Binuksha 11 38 2 0 28.95
Duvindu Ranathunga c Gaviru Senhas b Akmal Fazly 0 2 0 0 0.00
Anuka Wijewardana c Chenul Pinsara b Akmal Fazly 4 8 1 0 50.00
Tharusha Amarasinghe c Shanal Binuksha b Chenuka Peiris 2 27 0 0 7.41


Extras 18 (b 0 , lb 8 , nb 3, w 7, pen 0)
Total 239/10 (70.1 Overs, RR: 3.41)
Bowling O M R W Econ
Akmal Fazly 24 2 77 5 3.21
Randisha Banaranayake 15 2 45 2 3.00
Dilash Kumaranayake 11 4 29 1 2.64
Chenuka Peiris 5.1 2 17 1 3.33
Dehem Nirmal 6 0 30 0 5.00
Gaviru Shenas 4 1 18 0 4.50
Shanal Binuksha 5 0 15 1 3.00


Batsmen R B 4s 6s SR
Dulnith Sigera not out 100 91 13 1 109.89
Kavindu Amameth not out 106 104 13 1 101.92


Extras 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0)
Total 207/0 (32.3 Overs, RR: 6.37)
Bowling O M R W Econ
Akmal Fazly 5 0 40 0 8.00
Dehem Nirmal 4 0 27 0 6.75
Gaviru Senhas 2 0 10 0 5.00
Randisha Banaranayake 6 0 48 0 8.00
Chenuka Peiris 8.3 0 43 0 5.18
Dilash Kumaranayake 2 1 12 0 6.00
Shanal Binuksha 4 0 20 0 5.00
Chanul Athale 1 0 5 0 5.00



මේ අනුව 18 වැනි රන් මහ සටන අද දිනයේ ජය පරාජයෙන් තොරව නිමාව දුටුවා.

  • හොඳම පිතිකරු– ගවිරු සෙහස් (ඩී.එස්.සේනානායක විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා– අක්මාල් ෆස්ලි (ඩී.එස්.සේනානායක විද්‍යාලය)
  • හොඳම පන්දු රකින්නා– එශාන් විතානගේ (මමහානාම විද්‍යාලය)
  • තරගයේ වීරයා – ගවිරු සෙහස්

පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<