සාන්ත පීතර විද්‍යාලය අවසන් පූර්ව ස්ථානය තහවුරු කර ගනී

U19 Division 1 Schools Cricket Tournament 2023/24

113
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (18) ආරම්භ වුනා.

එහි දී මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර තරගය ඊයේ ආරම්භ වූ අතර, එයින් පළමු ඉනිමේ ජයක් ලැබීමට පීතර ක්‍රීඩකයින් සමත් වුනා.

මේ අතර කොළඹ නාලන්දා විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයත්, කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලයත් අද (19) දිනයේ දී තවත් තරග ද්විත්වයක් ආරම්භ කළා.

මෙම තරගවල දී දැක්වූ ක්‍රීඩක දක්ෂතා මෙසේයි,

කොළඹ නාලන්දා විද්‍යාලයට එරෙහිව කඩුලු 6 දස්කමක් දැක්වීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කවීෂ ඉඳුවර සමත් වුනා.

ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව කඩුලු 7ක දස්කමක් දැක්වීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය නායක විහස් තෙව්මිකට හැකියාව ලැබුණා.

මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව කඩුලු 6ක දස්කමක් දැක්වීමට කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ ශෙනන් රොද්‍රිගෝ සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

කොළඹ නාලන්දා විද්‍යාලය සහ කොළඹ රිච්මන්ඩ් විද්‍යාලය

කිරි මණ්ඩල මාවත ක්‍රීඩාංගණයේ දී (මාර්තු 19  20)

  • කොළඹ නාලන්දා විද්‍යාලය– 95/10 (46.3) සජිත විතානගේ 25, කවීෂ ඉඳුවර 6/33
  • කොළඹ රිච්මන්ඩ් විද්‍යාලය– 115/3 (51) චෙහාන් සුභසිංහ 51, නිකිල් ජයවීර 31, හසිත් රත්නායක 2/18

පළමු දිනයට තරගය නතර කළා.

පළමු කොටසේ Tier B තරග

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (මාර්තු 18 -19)

  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය– 179/10 (41.4) විශේන් හැළඹගේ 33, ඔවීන් සල්ගාදු 32, දුලාර බන්දුලසේන 3/20, නිසල අබේරත්න 2/18 & 245/10 (69.2) විශේන් හැළඹගේ 45, ලශ්මික පෙරේරා 31, දුලාර බන්දුලසේන 3/18, ලක්වින් අබේසිංහ 3/77
  • මහනුවර ධර්මරාජ විද්‍යාලය– 148/10 (46.1) ලක්වින් අබේසිංහ 80, ශෙනෝන් රොද්‍රිගෝ 6/39 & 134/8 (39) ඉරුශ ජයවර්ධන 56*, ඔනජිත් ද සිල්වා 33, ලශ්මික පෙරේරා 3/31

තරගය ජය පැරදුමෙන් තොරයි, කොළඹ සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිමේ ජයක් සමඟින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය

රත්මලාන වාරිමාර්ග ක්‍රීඩාංගණයේ දී (මාර්තු 19  20)

  • ගාල්ල මහින්ද විද්‍යාලය – 161/10 (56.5) දිනුර කළුපහන 64, විහස් තෙව්මික 7/34, තනුග පලිහවඩන 3/59
  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය– 174/7 (38) තනුජ රාජපක්ෂ 82, අරෝශ උදයංග 3/24, සෙනුක දංගමුව 3/37

පළමු දිනයට තරගය නතර කළා.

මෙම තරගවලට අමතරව වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාල අතරත්, කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතරත් සාම්ප්‍රදායික දෙදින තරග දෙකක් ද අද ආරම්භ වුනා. හෙට (20) දිනයෙන් අවසන් වීමට නියමිත එම තරග විස්තර ද ඇතුළු පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්.

රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<