දකුණු අප්‍රිකාවට තරගයට අමතරව ප්‍රසාද ලකුණු 6කුත් නැති වෙයි

එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020

114
(Photo by Christiaan Kotze / AFP)

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබාගෙන තිබූ ප්‍රසාද ලකුණු ප්‍රමාණයෙන් ලකුණු 6ක් ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර ඇත.

එංගලන්තය හතරවැනි දවසින් තරගය අවසන් කරයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවති සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දිනයක්……

ඒ දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවති සිව්වැනි ටෙස්ට් තරගය අතරතුර මන්දගාමී පන්දුවාර ක්‍රියාත්මක කිරීමේ වේගයක් රඳවා ගෙන තිබීම නිසයි. එම ප්‍රසාද ලකුණු 6ක් ඉවත් කිරීමට අමතරව ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 60%ක දඩයක් ද නියම කිරීමට ICCය  පියවර ගෙන තිබේ. එම තරගය ලකුණු 191කින් පරාජයට පත්වූ දකුණු අප්‍රිකාව තරග 3-1ක් ලෙස තරගාවලිය ද පරාජයට පත් විය.

මේ සිව්වැනි ටෙස්ට් තරග ක්‍රීඩා කළ කණ්ඩායම සතුව නිත්‍ය දඟපන්දු යවන්නන් නොසිටීම නිසා කණ්ඩායම් දෙකම ඔවුන්ගේ වේගපන්දු යවන්නන් උපරිමයෙන් භාවිතා කළේය. කෙසේ නමුත් එංගලන්තය ඔවුන්ගේ පන්දුවාර ප්‍රමාණය නියමිත වේගයට සරිලන ලෙස ක්‍රියාත්මක කළ නමුත් දකුණු අප්‍රිකාවට එය එසේ කිරීමට අවස්ථාව උදා වූයේ නැත. 

දකුණු අප්‍රිකානු කණ්ඩායම ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග වදිනු ලබන කණ්ඩායම් 9 අතරින් ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානය දිනාගෙන සිටින අතර එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 30ක් දිනා ගත්තේය. කෙසේ නමුත් මේ ලැබුණු දඩය නිසාවෙන් ඉන් ප්‍රසාද ලකුණු 6ක් අඩුවන අතර ඒ අනුව ඔවුන්ට හිමි ප්‍රසාද ලකුණු ගණන ලකුණු 24කි. 

2020 IPL වෙනස් වෙයි; නිපන්දුවට අලුතින් විනිසුරුවෙක්!

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු මස 29 වැනිදා ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය අන් තරගාවලිවලට……

එහි ප්‍රථම ස්ථානය දිනාගෙන සිටින ඉන්දියාව ප්‍රසාද ලකුණු 360ක් දිනාගනිමින් ඉදිරියෙන් සිටින අතර ප්‍රසාද ලකුණු 80ක් දිනාගෙන තිබෙන ශ්‍රී ලංකාව එහි පස්වැනි තැන දිනාගෙන සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<