ශ්‍රී ලංකාවේ පැරණිතම මහා ක්‍රිකට් ගැටුම සහ ලොව දීර්ඝතම වාර්ෂික ක්‍රිකට් ගැටුම් අතර ඉහළින් ම වැජඹෙන නිල් මහා සටන අද (07) දිනයේ දී කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේ දී ආරම්භ වුනා.
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 145 වැනි වරට පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට රාජකීය නායක සිනෙත් ජයවර්ධන විසින් සමත් වූ අතර, ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දු යැවීමයි.
ඒ අනුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සදෙව් සොයිසා සහ සේනාධි බුලන්කුලමේ විසින් ලකුණු 66ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. සේනාධි ලකුණු 13ක් ලබා ගනිමින් පිටියෙන් ඉවත් වූ පසුව සදෙව් සමඟ දිනෙන් ගුණවර්ධන පිටියේ එක් වූ අතර, ඔවුන් දෙදෙනා අතර ද තවත් ලකුණු 66ක සබඳතාවක් ඇති වුනා.
ඉනිමේ දෙවන කඩුල්ල ලෙස සදෙව් ලකුණු 83කට දවා ගැනීමට සිනෙත් ජයවර්ධන විසින් සමත් වූ අතර, ඉන් පසුව දිනෙත් සමඟ පිටියේ එක් වූ නායක මහිත් පෙරේරා ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක් එක් කිරීමට සමත් වුනා.
මෙම තරග සමයේ සාර්ථක පිතිකරණයක නියැලෙමින් සිටින දිනෙත් අද දිනයේ ද අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉනිම ලකුණු 50ක දී නතර කිරීමට රමිරු පෙරේරා විසින් සමත් වුනා.
- මොරටු රන් සටනත් සූදානම්!
- ජනිත් සහ තිසර ද්විත්ව ශතක සබඳතාවක
- ඔවීන් සහ දිලන ද්විත්ව ශතක සබඳතාවක් කරා!
- සහන්ට එක් දිනක් තුළ කඩුලු 5ක් සහ ද්විත්ව ශතකයක්
- 61 වැනි සහෝදර ගැටුම ජය පරාජයෙන් තොරයි
තෝමසුවන්ගේ තෙවන කඩුල්ල ලකුණු 190දී බිඳ වැටීමෙන් පසුව ඔවුන්ට දීර්ඝ සබඳතා කරා යාමට හැකියාවක් නොලැබුණු අතර, මේ හේතුවෙන් ඔවුන්ගේ ඉනිම 297කට සීමා වුනා.
මුල් පෙළ පිතිකරුවන්ට අමතරව මහිත් පෙරේරා ලකුණු 36කින් සහ නාතන් කල්දේරා ලකුණු 45කින් ඉනිමට දායක වුනා.
රාජකීයයන් වෙනුවෙන් නායක සිනෙත් සහ රමිරු පෙරේරා විසින් කඩුලු 4 බැඟින් බිඳ හෙළීමට සමත් වුනා.
එමෙන්ම ගල්කිස්ස සාන්ත තෝමස් ඉනිමේ නිමාවත් සමඟම තරගයේ පළමු දිනය නිමාවට පත් වුනා. තරගයේ දෙවන දිනය හෙට (08) ක්‍රියාත්මක වීමට නියමිතයි.
පාසල් මහා ක්‍රිකට් සංග්‍රාමයේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<