නවිජ රුහුණු නිල් සටන සියතට ගනී

171
124th Battle of the Blues Ruhuna Day 1

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර 124 වැනි වරටත් පැවැත්වෙන “රුහුණු නිල් මහා සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය ඊයේ (22) පළමු දිනයට නිමා වෙද්දී සාන්ත සර්වේශස් ක්‍රීඩකයෝ තරමක් පසු බැස සිටියා.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත සර්වේශස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 131ක් පමණයි. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි සාන්ත තෝමස් ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 79ක් ලබා සිටියා.

මෙම ඉනිම් ද්විත්වයේ දී ම පන්දු යවන්නෙක් සහ පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දැක් විමට සාන්ත තෝමස් විද්‍යාලයේ නායක නවිජ ද සේරම් සමත් වීම කැපී පෙණුනා.

Battle of the Blues Ruhuna, මාතර, 22, 23, 24 මාර්තු 2024

o කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය

o ක්‍රීඩාංගණය – උයන්වත්ත ක්‍රීඩාංගණය, මාතර

සාන්ත සර්වේශස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දිනිරු අබේවික්‍රමසිංහ (නායක), හේෂාන් මධුශංක, රිසිනු කිත්නුක, විශ්ව සුපුන්, චමරිඳු නෙත්සර, විරාන් චමුදිත, රවින් කවින්ත, ප්‍රවීන් මධුශංක, සනී පෙරේරා, චලන ඉඳූශ, සමිරු ගිම්හාන්.

සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – නවිජ ද සේරම් (නායක), අබ්දුල් මජීඩ් (කඩුලු රකින්නා), ඔචින්ත චාමික, සෙනුර අබේසේකර, පෙසඳු සංජන්, ලෝෂිත ඩික්සිත්, ජිමුත් ඉද්දමල්ගොඩ, මනුග ගුරුගේ, තත්සර දෙව්මිත්, කුමේෂ් නුවන්ජන, බනුක ඉන්සමාම්.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි සාන්ත සර්වේශස් ක්‍රීඩකයෝ තම පළමු කඩුල්ලට හොඳ ආරම්භයක් ලබා ගත්ත ද දිවා විවේකය වෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 62ක් බවට පත් ව තිබුණා.

එහි දී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක සබඳතාවක් එක් කිරීමට හේෂාන් මධුශංක (14) සහ රිසිනු කිත්නුක (28) සමත් වුනා.

ඔවුන්ගේ ඉනිම තේ විවේකයට පෙර අවසන් වෙද්දී විශ්ව සුපුන් පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් ව සිටියා.

කඩුලු දවා ගැනීමේ දී නායක නවිජ ද සේරම් ලකුණු 44කට කඩුලු 5ක් දවා ගනිමින් ප්‍රතිවාදීන් මෙල්ල කිරීමේ වැඩි ගෞරවය ලබා ගනිද්දී මනුග ගුරගේ කඩුලු 2ක් ද සහ ලෝෂිත දික්සිත් කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත තෝමස් ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 3ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ප්‍රතිවාදීන් සමත් වුවා. තරගය තේ විවේකයට නතර කරන විට ඔවුනගේ ලකුණු පුවරුව දැක් වුණේ කඩුල්ලක් දැවී ලකුණු 5ක් ලෙසයි.

තේ විවේකයෙන් අනතුරු ව පළමු දිනයේ දැවී ගිය ක්‍රීඩකයන් අතුරින් පෙසඳු සංජන් පන්දු 70කට මුහුණ දෙමින් ලකුණු 28ක් ලබා ගත්තා.

ඒ අතර තවත් කඩුල්ලක් දැවී ගිය ද සිවු වැනි කඩුල්ල ආරක්ෂා කර ගනිමින් දිනය අවසන් කිරිමට නායක නවිජ ද සේරම් සහ පෙසඳු සංජන සමත් වූවා. ඒ වෙද්දී  නවිජ ද සේරම් නොදැවී ලකුණු 37ක් සහ පෙසඳු සංජන නොදැවී ලකුණු 18ක් ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

සාන්ත සර්වේශස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (43.0) රිසිනු කිත්නුක 28, විශ්ව සුපුන් 32, රවීන් කවින්ත 27, නවිජ ද සේරම් 5/44, මනුග ගුරුගේ 2/26

සාන්ත තෝමස් විදයාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 79 (30.0) නවිජ ද සේරම් නොදැවී 37, පෙසඳු සංජන් නොදැවී 18

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<