පළමු ජාත්‍යන්තර ලීග් ක්‍රිකට් තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක්!

ILT20 2023

15419
ILT20 2023

නුදුරේ දී ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත පළමු ජාත්‍යන්තර ලීග් විස්සයි විස්ස ක්‍රිකට්  තරගාවලිය (ILT20) සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දොළොස් දෙනෙකු තෝරා ගෙන තිබෙනවා.

කණ්ඩායම් හයක් තරග වදින මෙම තරගාවලිය ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 12 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම තරග 34කින් සමන්විත මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි, අබුඩාබි සහ සාජා ක්‍රීඩාංගණ ත්‍රිත්වය පාදක කර ගනිමින් පැවැත්වෙනු ඇත.

Dubai Capital, Abu Dhabi Knight Riders, Desert Vipers, MI Emirates, Sharjah Warriors, Gulf Giants යන කණ්ඩායම් හය තරගාවලියට ක්‍රීඩා කරන අතර ඉන් කණ්ඩායම් තුනක් පමණක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ව සිය කණ්ඩායම්වලට තෝරා ගෙන තිබෙනවා.

IPL තරගාවලියේ Delhi Capitals කණ්ඩායමේ හිමිකාරිත්වය දරන GMR Sports විසින් Dubai Capital කණ්ඩායමේ අයිතිය ලබා ගෙන ඇති අතර ඔවුන් විසින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පස් දෙනෙක් සිය සංචිතයට එක් කර ගෙන තිබෙනවා.

එමෙන්ම සුපිරි ඉන්දීය නළු Shah Rukh Khan විසින් හිමිකාරිත්වය දරන Knight Riders සමූහයට අයත් Abu Dhabi Knight Riders කණ්ඩායම විසින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සිව් දෙනෙකු සිය සංචිතයට එක් කර ගෙන ඇති අතර, Manchester United හිමිකරුවන් වන Glazers Family සමූහයට අයත් Desert Vipers කණ්ඩායම මගින් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් සිය සංචිතයට එක් කර ගෙන තිබෙනවා.

මේ අතර ILT20 සඳහා තෝරා ගත් ක්‍රීඩකයින් 12 දෙනා අතරින්  St. Anthony’s පාසල නියෝජනය කරමින් 2022 වයi අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වූ අභිරහස් දඟපන්දු යවන ක්‍රීඩක ට්‍රවීන් මැතිව් පමණක් ජාතික වරම් නොලද ක්‍රීඩකයෙකු ලෙස මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් එකතු වනු ඇත.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් මෙසේයි;

  • Dubai Capitals – දසුන් ශානක, භානුක රාජපක්ෂ, ඉසුරු උදාන, නිරෝශන් දික්වැල්ල, චාමික කරුණාරත්න
  • Abu Dhabi Knight Riders – චරිත් අසලංක, ලහිරු කුමාර, ධනංජය ද සිල්වා, ට්‍රවීන් මැතිව්
  • Desert Vipers – වනිඳු හසරංග, දිනේශ් චන්දිමාල්, මතීශ පතිරණ

ILT20 තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<