Home Sinhala වසර 7කට පසුව ශ්‍රී ලංකාව ඉන්දියාවේ දී ජයක් ලබයි

වසර 7කට පසුව ශ්‍රී ලංකාව ඉන්දියාවේ දී ජයක් ලබයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

454
BCCI

2023 වසර ආරම්භයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව තරග 3කින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස සමකරන්නට අද (5) සමත් වුනා.

Pune හිදී පැවැත්වුණු මේ තරගය ශ්‍රී ලංකාව විසින් ජය ගැනීමත් සමඟම වසර 7කට පසුව ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය ජයක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

ඉන්දීය කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කරමින් මේ තරගයට අවතීර්ණ වුනේ Sanju Samson සහ Harshal Patel වෙනුවට Rahul Thripathi සහ Arshadeep Singh මේ තරගයට කැඳවමින්. පළමු තරගය ලකුණු 2කින් පරාජය වුනු ශ්‍රී ලංකාව කිසිදු වෙනසක් නොකරමින් තරගාවලිය තුල තවදුරටත් රැඳී සිටීම තීරණය වන මේ තීරණාත්මක තරගයට පිවිසියා.

මෙන්ඩිස් සහ නිස්සංක පන්දු 54ක් තුල ලකුණු 80ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබූ සාර්ථක ආරම්භය ලබා දුන්නා.

Photo Album – Sri Lanka tour of India 2023 | 2nd T20I

ඉන්දීය ආරම්භක වේගපන්දු යවන්නන්ට ආක්‍රමණශීලි ප්‍රහාරයක් දියත් කළ මෙන්ඩිස් සිය විස්සයි විස්ස දිවියේ ලබා ගත් 11 වැනි අර්ධ ශතකය ලබාගෙන පන්දු පන්දු 31ක් තුල ලකුණු 52ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම 4 පහර 3කින් සහ 6 පහර 4කින් වර්ණවත් වුනා. ඉනිම ආරම්භයේ එක් අන්තයක් ස්ථාවර කර ගත් නිස්සංක ලකුණු 33යි.

9 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී මෙන්ඩිස් දැවී ගිය නිසාවෙන් පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් කරමින් රාජපක්ෂ හට ස්ථාන දෙකක උසස් වීමක් ලබා දෙමින් අංක 3 පිතිකරු ලෙස එවූ නමුත්, Malikගේ වේගවත් පන්දු යැවීම හමුවේ රාජපක්ෂ හට සාර්ථක වීමට හැකි වුනේ නැහැ.

අංක 4 පිතිකරු ලෙස පිටියට පැමිණි අසලංක පන්දු 19ක දී ලකුණු 37ක් ලබා ගත්තේ 6 පහර 4ක් එල්ල කරමිනි. පා ඉන්න පෙදසින් එම 6 පහර 4ම එල්ල කළ අසලංකගේ කඩුල්ලත් Malik විසින් දවා ගත්තා.

ලකුණු 28ක් තුල ශ්‍රී ලංකා මැදපෙළ කඩුලු 3ක් බිඳ වැටී තරමක් පසුපසට ගොස් තිබුණු අවස්ථාවේ දී නායක ශානක සමඟ එක්වූ චාමික පන්දු 27ක් තුල නොදැවී ලකුණු 68*ක සබඳතාවයක් ගොඩනංවමින් ඉන්දීය පන්දු යවන්නන්ට අමතක නොවන ප්‍රහාරයක් දියත් කළා.

නිපන්දුවක් නිසාවෙන් එක් අවස්ථාවක දී සිය ඉනිමේ ආයු කාලය වැඩි කර ගත් ශානක ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් පන්දු 20ක් තුල සිය අර්ධ ශතකය ලබා ගත්තේ පන්දු 22ක් තුල නොදැවී ලකුණු 56*ක් ලබාගෙනයි. Pune පිටිය වර්ණවත් කළ එම ඉනිම 4 පහර 2කින් සහ 6 පහර 6කින් වර්ණවත් වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනට වැඩිම ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා වුනු ලසිත් මාලිංග (තරග 84) අද දිනයේ දී සම කළ ශානක පන්දු 20ක් තුල ලබා ගත් මේ අර්ධ ශතකය ශ්‍රී ලංකා පිතිකරුවෙක් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුල ලබා ගත් වේගවත්ම අර්ධ ශතකය ලෙස ද වාර්තා පොත් අලුත් කළා.

පළමු කඩුල්ල සහ 7 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුනු නොදැවුණු අර්ධ ශතක සබඳතාවයන් දෙක සහ ඉන්දියාවේ දුර්වල පන්දු යැවීම සවියක් කරගෙන පන්දුවාර 20 තුල කඩුලු 6ක් දැවී ලකුණු 206ක් ලබා ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුනා.

Arshadeep මේ තරගයේ දී නිපන්දු 5ක් යොමු කළ අතර ඉන්දීය පන්දු යවන්නන් මේ තරගය තුල නිපන්දු 7ක් සමඟ අතිරේක ලකුණු 12ක් ලබා දුන්නා. පෙර තරගයේ වීරයා වුනු Mavi හට මේ තරගයේ දී සාර්ථක වීමට හැකි වුනේ නැහැ.

පිළිතුරු ඉනිම දියත් කිරීමට පිටියට පැමිණි ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 57ක් තුල දවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.

කෙසේ නමුත් ඉන්දීය පසුපෙළ පිතිකරුවන් මැදපෙළ පිතිකරුවන් සමඟ එක්ව ඉතාමත් උණුසුම් සටනක් දක්වා මේ තරගය රැගෙන ආවා.

එහි දී Yadav සමඟ එක්වූ Patel සෙමින් සීරුව ඉනිම ගොඩනංවමින් 14 වැනි පන්දුවාරයේ දී හසරංගගේ පන්දුවාරයට එරෙහිව ලකුණු 26ක් ලබා ගනිමින් තරගය වෙනස්ම මාවතකට රැගෙන එන්නට Yadav සහ Patel සමත් වුනා.

ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටි දහසකුත් ඉන්දීය ප්‍රේක්ෂකයින් හට තරගය පිළිබඳව යම් බලාපොරොත්තුවක් රැගෙන ආ සහ ශ්‍රී ලංකාවට විශාල හිසරදයක් වුනු Yadav – Patel 6 වැනි කඩුල්ලේ සබඳතාවය පන්දු 40ක දී ලකුණු 90ක් ලෙස සටහන් වුනා.

කෙසේ නමුත් මදුශංක ක්‍රියාත්මක කළ 16 වැනි පන්දුවාරයේ දී Yadavගේ කඩුල්ල දවා ගනිමින් නැවතත් ශ්‍රී ලංකාවට මේ තරගයේ ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තුවක් රැගෙන එන්නට සමත් වුනා.

පන්දු 36ක් තුල ලකුණු 51ක් ලබා ගත් Yadavගේ ඉනිම 4 පහර සහ 6 පහර 3කින් වර්ණවත් වුනු අතර එය ඔහුගේ දිවියේ ලබා ගත් 13 වැනි ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකයයි.

අංක 7 පිතිකරු ලෙස ක්‍රීඩා කළ Patel පන්දු 31ක දී ලකුණු 65ක් ලබාගෙන මේ ඉනිම තුල වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වුනු අතර ඔහුගේ ඉනිම 4 පහර 3කින් සහ 6 පහර 6කින් හැඩගැන්වුනා.

හසරංග සහ චාමික මේ තරගයේ දී තරමක ප්‍රහාරයකට ලක්ව තිබීම සහ නිසාවෙන් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දසුන් ශානක වගකීම ලබා ගත්තා.

ඒ වන විට ඉන්දියාව පන්දුවාර 19ක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 186ක් ලබාගෙන සිටියා. අවසන් පන්දුවාරය තුල ලකුණු 21ක් ලබා ගැනීමට ඉන්දියාවට අවශ්‍ය වුවත්, එහි දී ලකුණු 4කට කඩුලු 2ක් දවා ගනිමින් සාර්ථක පන්දුවාරයක් අවසන් කිරීමට ශානක සමත් වුනේ, සුවහසක් ශ්‍රී ලාංකිකයින්ට නැවතත් සිනහවක් රැගෙන එමිනි.

  • තරගයේ වීරයා – දසුන් ශානක

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


India
190/8 (20)

Sri Lanka
206/6 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Rahul Trpathi b Axar Patel 33 35 4 0 94.29
Kusal Mendis lbw b Yuzvendra Chahal 52 31 3 4 167.74
Bhanuka Rajapaksa b Umran Malik 2 3 0 0 66.67
Charith Asalanka c Shubman Gill b Umran Malik 37 19 0 4 194.74
Dhananjaya de Silva c Deepak Hooda  b Axar Patel 3 6 0 0 50.00
Dasun Shanaka not out 56 22 2 6 254.55
Wanidu Hasaranga b Umran Malik 0 1 0 0 0.00
Chamika Karunaratne not out 11 10 1 0 110.00


Extras 12 (b 0 , lb 1 , nb 7, w 4, pen 0)
Total 206/6 (20 Overs, RR: 10.3)
Bowling O M R W Econ
Hardik Pandya 2 0 13 0 6.50
Arshdeep Singh 2 0 37 0 18.50
Shivam Mavi 4 0 53 0 13.25
Axar Patel 4 0 24 2 6.00
Yuzvendra Chahal 4 0 30 1 7.50
Umran Malik 4 0 48 3 12.00


Batsmen R B 4s 6s SR
Ishan Kishan b Kasun Rajitha 2 5 0 0 40.00
Shubman Gill c Maheesh Theekshana b Kasun Rajitha 5 3 1 0 166.67
Rahul Trpathi c Kusal Mendis b Dilshan Madushanka 5 5 1 0 100.00
Suryakumar Yadav c Wanidu Hasaranga b Dilshan Madushanka 51 36 3 3 141.67
Hardik Pandya c Kusal Mendis b Chamika Karunaratne 12 12 1 1 100.00
Deepak Hooda  c Dhananjaya de Silva b Wanidu Hasaranga 9 12 0 0 75.00
Axar Patel c Chamika Karunaratne b Dasun Shanaka 65 31 3 6 209.68
Shivam Mavi c Maheesh Theekshana b Dasun Shanaka 26 15 2 2 173.33
Umran Malik not out 1 1 0 0 100.00


Extras 14 (b 0 , lb 4 , nb 0, w 10, pen 0)
Total 190/8 (20 Overs, RR: 9.5)
Bowling O M R W Econ
Dilshan Madushanka 4 0 45 2 11.25
Kasun Rajitha 4 0 22 2 5.50
Chamika Karunaratne 4 0 41 1 10.25
Wanidu Hasaranga 3 0 41 1 13.67
Maheesh Theekshana 4 0 33 0 8.25
Dasun Shanaka 1 0 4 2 4.00