ජාතික යොවුන් දැල්පන්දු සංචිතය නම් කරයි

ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවය 2023

542
ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවය 2023

2023 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවය සඳහා සහභාගී වන 12 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ජාතික යොවුන් දැල්පන්දු කණ්ඩායම ඊයේ (03) මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

පසුගිය දා පැවති අවසන් තේරිම් තරගයෙන් අනතුරුව තෝරාපත් කරගෙන තිබෙන මෙම සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.

කණ්ඩායමේ පුහුණුකාරිණිය වන අමල්කා ගුණතිලක මහත්මිය යටතේ පුහුණුවීම් සිදු කිරීමෙන් අනතුරුව මෙම අවසන් ක්‍රීඩිකාවන් 12 දෙනා තෝරාගෙන තිබෙන අතර ඔවුන් තවදුරටත් ඇය යටතේම පුහුණුවීම් හි නිරත වෙනවා.

තෝරාගත් අවසන් සංචිත:

බාෂි උඩගෙදර, මිනාගි කංකානිගේ, දිල්මි විජේනායක, සජිනි රත්නායක, ඉදුෂා පෙරේරා, රනුදි පෙරේරා, නෙත්මි විජේනායක, චලනි නීෂා, ටිම් එම්. වසන්තප්‍රිය, නෙතංගා ගුණරත්න, ජිනාලි බාලසුරිය, සාරා පීරිස්.

අතිරේක ක්‍රීඩිකාවන්: දිශාරා උමයංගනී, සසඳි පතිරණ, නෙතාලි ආරියනාත.

මෙම කණ්ඩායම තෝරා ගැනීම සඳහා ක්‍රීඩිකාවන් 33 දෙනාගේ සංචිතය ම නැවත තේරීම් තරග සඳහා කැඳවූයේ මීට ප්‍රථම තෝරා ගත් 18 දෙනාගේ සංචිතයට ඇතුළත් නොවු ක්‍රීඩිකාවකගේ අභියාචනයක් හා ජාතික යොවුන් පුහුණුකාරිණියගේ ඉල්ලීම පිළිබඳව ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය, ජාතික තේරීම් කමිටුව හා දැල්පන්දු තේරිම් කමිටුව යන පාර්ශවයන්ගේ එකඟතාවයෙනි.

ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවය මේ වසරේ ජුනි 10 වැනිදා සිට 17 වැනිදා දක්වා දකුණු කොරියාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර තරගාවලියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<