ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු සංචිතය නම් කරයි

ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවය 2023

418

2023 යොවුන් ආසියානු දැල්පන්දු ශූරතාවය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩිකාවන් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් (18න් පහළ) ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් නම් කර තිබෙනවා.

මෙම ක්‍රීඩිකාවන් කණ්ඩායමේ පුහුණුකාරිණිය වන අමල්කා ගුණතිලක මහත්මිය යටතේ පුහුණුවීම් කිරීමෙන් අනතුරුව අවසන් ක්‍රීඩිකාවන් 12 දෙනා තෝරා ගැනීමට නියමිතයි.

හිටපු ජාතික නායිකා දමයන්ති ජයතිලක, තිසරංගි කොඩිතුවක්කු සහ චාමිකා ජයසේකර යන තේරීම් කමිටුව මගින් මෙම සංචිතය නම් කර තිබෙනවා.

ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවය ජුනි 10 සිට 17 දක්වා දකුණු කොරියාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා දැල්පන්දු 18න් පහළ සංචිතය} එස්. එන්. උඩගෙදර, Minagi Kankanige, ඩිශාරා උමයංගනී, හිරුණි හේෂානි, දිල්මි විජේනායක, සජිනි රත්නායක, ඉදූශා පෙරේරා, නෙත්මි පෙරේරා, නෙත්මි විජේනායක, උදාරි ගුරුගේ, චලනි නීශා, තරුෂි පෙරේරා, ටී. එම්. වසන්තප්‍රිය, එස්. ටී. පතිරගේ, නෙතංගා ගුණරත්න, සරසි කාවින්දිකා, දෙව්මි බමුණුආරච්චි, ජිනාලි බාලසූරිය.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<