ලෝක කුසලානයට යන දැල්පන්දු මූලික සංචිතය නම් කරයි

දැල්පන්දු ලෝක කුසලානය 2023

454
දැල්පන්දු ලෝක කුසලානය 2023

මෙම වසරේ පැවැත්වීමට නියමිත දැල්පන්දු ලෝක කුසලානය සඳහා ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් නම් කර තිබෙනවා.

දැල්පන්දු ලෝක කුසලානය ජූලි වැනිදා 28 සිට අගෝස්තු 06 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හී පැවැත්වීමට නියමිතයි.

මෙම ක්‍රීඩිකාවන් 20 දෙනාගෙන් යුත් සංචිතය වත්මන් පුහුණුකාරිණිය වන තිලකා ජිනදාස මහත්මියගේ අධීක්ෂණය යටතේ පුහුණුවීම් සිදු කර පසුව අවසන් 15 දෙනා තෝරා ගැනීමට නියමිතයි.

මෙම සංචිතය සඳහා ආසියානු කුසලානය ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් 12 දෙනාගෙන් 09 දෙනෙකු ඇතුළත් වන අතර ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කිරීම නිසා තර්ජනී සිවලිංගම් සහ වෛද්‍ය හේතුවක් නිසා භාශිනී ද සිල්වා තේරීම් තරග සඳහා සහභාගී වන්නේ නැහැ.

හිටපු ජාතික නායිකා දමයන්ති ජයතිලක, තිසරංගි කොඩිතුවක්කු සහ චාමිකා ජයසේකර යන තේරීම් කමිටුව මගින් මෙම සංචිතය නම් කර තිබෙනවා.

ලෝක කුසලානයට නම් කළ මූලික සංචිතය: තිශලා අලගම, සේමිනී අල්විස්, ශානිකා පෙරේරා, හංසිමා දිසානායක, ඉමාශා පෙරේරා, ගයංජලී අමරවංශ, රශ්මි දිව්‍යාංජලී, රුක්ෂලා හපුආරච්චි, පාරමී කොඩිතුවක්කු, චමුදි වික්‍රමරත්න, දුලංගි වන්නිතිලක, මල්මි හෙට්ටිආරච්චි, තරුෂි නවෝද්‍යා, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, දුලංජලී සුරවීර, ගයාත්‍රි කෞෂල්‍යා, ඉශානි මදුශිකා, තර්ජනී සිවලිංගම්, භාෂිනී ද සිල්වා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<