ලෝක කුසලාන මූලික දැල්පන්දු සංචිතයෙන් 16ක් ඉදිරියට

දැල්පන්දු ලෝක කුසලානය 2023

335
16-player Sri Lanka Netball pool selected 2023

2023 ලෝක කුසලාන දැල්පන්දු ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු මූලික සංචිතය ක්‍රීඩිකාවන් 16 දෙනෙකු දක්වා අඩු කරන්නට දැල්පන්දු සම්මේලනය කටයුතු කරන තිබෙනවා.

දැල්පන්දු ලෝක කුසලානය මේ වසරේ ජූලි 28 වැනිදා සිට අගෝස්තු 6 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී පැවැත්වීමට නියමිතයි. මෙම සංචිතය තවදුරටත්, ජාතික පුහුණුකාරිණිය වන, තිලකා ජිනදාස යටතේ පුහුණුවීම් සිදු කරන ගෙන යන අතර ලෝක කුසලානය සඳහා සහභාගී වන අවසන් 12 දෙනාගේ සංචිතය එළඹෙන මැයි මාසයේ දී නම් කිරීමට නියමිතයි.

ලෝක කුසලානය සඳහා වන මූලික සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 20 දෙනෙක් ඇතුළත් කරගෙන තිබුණු අතර ඒ අනුව නව සංචිතයෙන් ඉවත් වීමට සිදු වූ ක්‍රීඩිකාවන් වන්නේ හංසිමා දිසානායක, පාරමි කොඩිතුවක්කු, දුලංජලී සුරවීම සහ ඉෂානි මධුෂිකා යන ක්‍රීඩිකාවන් සිව්දෙනායි.

හිටපු ශ්‍රී ලංකා දැල්පන්දු නායිකාවක් වන දමයන්ති ජයතිලක, තිසංගනි කොඩිතුවක්ක සහ චාමිකා ජයසේකර යන අයවළුන්ගෙන් සමන්විත තෝරාගැනීමේ කමිටුව විසින් මෙම සංචිතය තෝරාගෙන තිබෙනවා.

20 දෙනාගේ සංචිතය: තිශලා අලගම, සේමිනී අල්විස්, ශානිකා පෙරේරා, හංසිමා දිසානායක, ඉමාශා පෙරේරා, ගයංජලී අමරවංශ, රශ්මි දිව්‍යාංජලී, රුක්ෂලා හපුආරච්චි, පාරමී කොඩිතුවක්කු, චමුදි වික්‍රමරත්න, දුලංගි වන්නිතිලක, මල්මි හෙට්ටිආරච්චි, තරුෂි නවෝද්‍යා, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, දුලංජලී සුරවීර, ගයාත්‍රි කෞෂල්‍යා, ඉශානි මදුශිකා, තර්ජනී සිවලිංගම්, භාෂිනි ද සිල්වා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<