Home Sinhala තවීෂ ආදරවන්තයන්ගේ කුසලානය රිච්මන්ඩ් කන්දට රැගෙන යයි

තවීෂ ආදරවන්තයන්ගේ කුසලානය රිච්මන්ඩ් කන්දට රැගෙන යයි

1362

දකුණුලක අගනගරය ක්‍රිකට් උන්මාදයෙන් ඇවිල වූ ගාලු ආදරවන්තයෙන්ගේ 114 වැනි සංග්‍රාමය ජයග්‍රහණය කිරීමට රිච්මන්ඩ් විද්‍යාලය අද (16) සමත් විය.

රිච්මන්ඩ් නායක තවීෂ අභිෂේක්ගේ සටන්කාමී ඉනිම මෙම තරගයේ තීරණයට බෙහෙවින්ම බලපෑ අතර ඔහු තරගය ජයග්‍රහණයෙන් අවසන් කරන විට නොදැවී ලකුණු 99ක් ලබා සිටියේ ය.

රිච්මන්ඩ් සහ දෙවටගහවත්ත කඳු අතර ඇවිලෙන ආදරවන්තයන්ගේ සටන

දකුණුලක ප්‍රමුඛ වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර 114 වැනි වරටත් පැවැත්වෙන ආදරවන්තයන්ගේ සටන මේ මස 15 සහ 16…

තරගයේ දෙවැනි ඉනිමේ දී රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු 215ක ඉලක්කයක් ලැබුණ අතර එය අවසන් පන්දුවාරයේ තවත් පන්දු 3ක් පමණක් ඉතිරිව තිබිය දී ලබා ගත්තේ ය.

හඹා යන ඉනිමේ අවසන් පන්දු වාරයේ දී රිච්මන්ඩ් ජයග්‍රහණය සඳහා ලකුණු 8ක් අවශ්‍ය වූ අතර පන්දුවට පහර දෙමින් සිටියේ තවීෂ අභිෂේක් ය. ඔහු පළමු පන්දුවේ දී අසාර්ථක වූව ද ඊළඟ පන්දු දෙකේ දී හතරේ පහර 2ක් එල්ල කරමින් 2015 වසරට පසුව නැවත වතාවක් ආදරවන්තයන්ගේ කුසලානය රිච්මන්ඩ් විද්‍යාලය සතු කළේය. ඒ අනුව මෙතෙක් තරග 23 බැගින් දිනා තිබූ මහා තරග ඉතිහාසයේ ඉදිරියට පැමිණීමට රිච්මන්ඩ් ක්‍රීඩකයෝ සමත් වූහ.

Photos: Richmond College vs Mahinda College | 114th Lovers’ Quarrel | Day 2

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ ආරම්භ වූ රිච්මන්ඩ් – මහින්ද වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහින්ද ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 197ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් රිච්මන්ඩ් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 144කි.

ලකුණු 53ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ මහින්ද විද්‍යාලය එවර කඩුලු 9ක් දැවී ලකුණු 161ක් ලබා ගත්තේ ය.

තරගයේ පළමු දිනය අවසන් වෙන විට සඳුන් මෙන්ඩිස් සමඟ විමුද් සප්නක නොදැවී පිටියේ රැඳී සිටිය ද, අද දවසේ දී ඔවුන්ට වැඩි යමක් කිරීමට මහින්ද පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. ඔවුන්ගේ ඉනිමට අද දවසේ එකතු කර ගැනීමට හැකි වූයේ ලකුණු 45ක් පමණි. ඒ අනුව රිච්මන්ඩ් පළමු ඉනිම ලකුණු 144ක් විය.

හෂිකගේ සුපිරි ඉනිම ධර්මරාජ බලාපොරොත්තු සුන් කරයි

113 වැනි වරටත් පැවති මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර “කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය” අද (16) ජය පරාජයෙන් තොරව අවසන් විය.

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ සඳුන් මෙන්ඩිස් ය. ඔහු පන්දු 42කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී කුශාන් මධූශ ලකුණු 20කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

ලකුණු 53ක් ද අතැතිව තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 161ක් ලබා ගනිමින් ඉනිම අත්හිට වූහ. ඒ රිච්මන්ඩ් ක්‍රීඩකයන්ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 215ක ඉලක්කයක් ලබා දෙමිනි.

මහින්ද විද්‍යාලයීය දෙවැනි ඉනිමේ දී හංසික වැලිහිඳ පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා ගනිමින් හොඳම ඉනිම වාර්තා කළේය. පන්දු යැවීමේ දී දිලුම් සුධීර ලකුණු 57කට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඔහු මෙම තරගයේ දී ලකුණු 106කට කඩුලු 9ක් දවා ගත්තේ ය.

ජයග්‍රහණය සඳහා යන ගමනේ දී  ද භානුක මනෝහර පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තේ ය.

අභිෂේක් ආනන්දකුමාර් අන්තෝනි ක්‍රීඩකයෝ මෙල්ල කරයි

කන්ද උඩරට ප්‍රමුඛ පෙළේ පාසල් දෙකක් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවති ’38 වන නිල් මහා සටන’ එක්දින ක්‍රිකට්…

ඊට අමතරව කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේ දිලුම් සුධීර ය. ඔහු නායක තවීෂ අභිෂේක් හා එක්ව 4 වැනි කඩුල්ලට ලකුණු 123ක සබඳතාවක් එක් කරමින් කණ්ඩායමට ජයග්‍රහණය ළඟා කළේය. දිලුම් පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තේ ය.

තරගය ජයග්‍රහණයෙන් නිමා කරන විට තවීෂ අභිෂේක් පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 99ක් ලබා සිටියේ ය.

ආදරවන්තයන්ගේ සංග්‍රාමයේ දී දක්ෂතම පන්දු රකින්නා ලෙසින් මහින්ද විද්‍යාලයේ විනුර දුල්සර සම්මාන ලැබූ අතර දක්ෂතම පන්දු යවන්නා ලෙසින් රිච්මන්ඩ් විද්‍යාලයේ දිලුම් සුධීර ද, දක්ෂතම පිතිකරු සහ තරගයේ වීරයා ලෙසින් රිච්මන්ඩ් විද්‍යාලයේ නායක තවීෂ අභිෂේක් ද සම්මාන ලැබූහ.

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<

Result


Richmond College
144/10 (46) & 215/4 (44.3)

Mahinda College
197/10 (63.3) & 161/9 (34)

Batsmen R B 4s 6s SR
Navod Dinusri Paranavithana lbw b Sandun Mendis 26 30 3 0 86.67
K Kodithuwakku c Kavindu Hansika Edirweera b Dilum Sudeera 36 50 3 0 72.00
D Induwara lbw b Dilum Sudeera 9 18 2 0 50.00
Ravindu Hansika Welihinda c Vinuja Kiriella b Sandun Mendis 0 5 0 0 0.00
Nipun Malinga b Sandun Mendis 44 29 1 4 151.72
Vinura Hiranjith Dulsara c Thaveesha Abhishek b Dimuth Sadaruwan 26 91 2 0 28.57
Ashen Janith Gunasekara Kandambi b Dilum Sudeera 17 18 1 0 94.44
K Madusha c Thaveesha Abhishek b Dilum Sudeera 3 11 0 0 27.27
Pasan Ranmal Pethangoda c Dilum Sudeera b Dimuth Sadaruwan 11 68 1 0 16.18
Kushan Randeepa c Thaveesha Abhishek b Dilum Sudeera 4 28 1 0 14.29
Subanu K Rajapaksha not out 8 29 1 0 27.59


Extras 13 (b 3 , lb 7 , nb 3, w 0, pen 0)
Total 197/10 (63.3 Overs, RR: 3.1)
Bowling O M R W Econ
Kalpa Nethsara 5 0 18 0 3.60
Amshi Oren 5 0 26 0 5.20
Sandun Mendis 18 2 42 3 2.33
Dilum Sudeera 23.3 3 48 5 2.06
Dimuth Sadaruwan 12 3 34 2 2.83
Batsmen R B 4s 6s SR
Adithya Siriwardena st Vinura Hiranjith Dulsara b K Madusha 20 48 2 0 41.67
Vinuja Kiriella b K Malliyawadu 6 25 0 0 24.00
Bhanuka Manohara lbw b Ashen Janith Gunasekara Kandambi 13 29 1 1 44.83
Thaveesha Abhishek st Vinura Hiranjith Dulsara b K Madusha 6 14 1 0 42.86
Dimuth Sadaruwan b K Madusha 0 4 0 0 0.00
Dilum Sudeera c Vinura Hiranjith Dulsara b Ashen Janith Gunasekara Kandambi 0 3 0 0 0.00
Sandun Mendis b Navod Dinusri Paranavithana 36 42 6 0 85.71
Vimud Sapnaka lbw b Navod Dinusri Paranavithana 20 44 0 0 45.45
Amshi Oren c Subanu K Rajapaksha b K Madusha 5 12 1 0 41.67
Chamath Dilsara c Ravindu Hansika Welihinda b K Madusha 15 27 1 0 55.56
Kalpa Nethsara not out 3 2 0 0 150.00


Extras 20 (b 10 , lb 5 , nb 0, w 5, pen 0)
Total 144/10 (46 Overs, RR: 3.13)
Bowling O M R W Econ
Nipun Malinga 10 1 36 0 3.60
Pasan Ranmal Pethangoda 5 0 22 0 4.40
K Malliyawadu 6 1 18 1 3.00
Navod Dinusri Paranavithana 9 2 24 2 2.67
K Madusha 9 2 20 5 2.22
Subanu K Rajapaksha 5 3 7 0 1.40
Ashen Janith Gunasekara Kandambi 2 0 10 2 5.00
Batsmen R B 4s 6s SR
Navod Dinusri Paranavithana b Kalpa Nethsara 30 39 1 2 76.92
K Kodithuwakku b Sandun Mendis 13 12 0 0 108.33
Ravindu Hansika Welihinda lbw b Kalpa Nethsara 71 80 5 1 88.75
Vinura Hiranjith Dulsara c Sandun Mendis b Dilum Sudeera 10 15 1 0 66.67
Nipun Malinga lbw b Kalpa Nethsara 4 10 0 0 40.00
K Malliyawadu c Thaveesha Abhishek b Dilum Sudeera 1 8 0 0 12.50
Ashen Janith Gunasekara Kandambi run out (Chamath Dilsara) 18 16 0 0 112.50
D Induwara b Dilum Sudeera 1 3 0 0 33.33
Pasan Ranmal Pethangoda not out 2 2 0 0 100.00
Subanu K Rajapaksha lbw b Dilum Sudeera 3 2 0 0 150.00


Extras 8 (b 0 , lb 4 , nb 0, w 4, pen 0)
Total 161/9 (34 Overs, RR: 4.74)
Bowling O M R W Econ
Sandun Mendis 6 0 27 1 4.50
Dilum Sudeera 14.5 1 42 4 2.90
Dimuth Sadaruwan 2 0 15 0 7.50
Amshi Oren 4 0 18 0 4.50
Kalpa Nethsara 8 0 22 3 2.75


Batsmen R B 4s 6s SR
Adithya Siriwardena lbw b Subanu K Rajapaksha 26 54 2 0 48.15
Vinuja Kiriella c Ashen Janith Gunasekara Kandambi b K Madusha 1 12 0 0 8.33
Bhanuka Manohara b Pasan Ranmal Pethangoda 40 64 6 0 62.50
Thaveesha Abhishek not out 99 92 6 2 107.61
Dilum Sudeera run out (Ravindu Hansika Welihinda) 42 42 3 0 100.00
Sandun Mendis not out 2 2 0 0 100.00


Extras 5 (b 4 , lb 0 , nb 0, w 1, pen 0)
Total 215/4 (44.3 Overs, RR: 4.83)
Bowling O M R W Econ
Nipun Malinga 10.3 2 38 0 3.69
Ashen Janith Gunasekara Kandambi 3 1 14 0 4.67
Navod Dinusri Paranavithana 8 1 31 0 3.88
K Madusha 12 0 60 1 5.00
Subanu K Rajapaksha 5 0 14 1 2.80
Pasan Ranmal Pethangoda 6 0 31 0 5.17