කන්ද උඩරට ප්‍රමුඛ පෙළේ පාසල් දෙකක් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවති ’38 වන නිල් මහා සටන’ එක්දින ක්‍රිකට් ගැටුමෙන් ලකුණු 58ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

හෂිකගේ සුපිරි ඉනිම ධර්මරාජ බලාපොරොත්තු සුන් කරයි

113 වැනි වරටත් පැවති මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර “කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය” අද (16) ජය පරාජයෙන් තොරව අවසන් විය.

අද (16) මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පාසල් දෙක අතර පැවති මහා ක්‍රිකට් ගැටුමේ කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව නායක පුබුදු බණ්ඩාර මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ත්‍රිත්ව ක්‍රීඩකයන් ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසිය ද බලාපොරොත්තු වූ පිතිකරණ ප්‍රගතියක් ඔවුන්ගෙන් දක්නට ලැබුණේ නැත. එකඳු ශතක හෝ අර්ධ ශතක ඉනිමක් ත්‍රිත්ව කණ්ඩායමෙන් වාර්තා නොවීම එය සනාථ කරන්නකි.

Photos: Trinity College vs St. Anthony’s College – 38th One Day Encounter

කෙසේ වෙතත් මන්දගාමී ත්‍රිත්ව ලකුණු පුවරුව ඉහළ දැමීමට යම් තරමින් හෝ සහයෝගයක් දැක්වීමට අශේන් ලොකුකැටිය සහ චානුක කුමාරසිංහට හැකි විය. ඒ අනුව ඔවුන් පිළිවෙළින් ලකුණු 35ක් සහ ලකුණු 31ක්  එක් කළහ.

ත්‍රිත්ව ඉනිමේ සෙසු පිතිකරුවන් කිසිවෙකුට ලකුණු 30 සීමාව හෝ පසුකර යාමට ඉඩනොදුන් නිම්නක ජයතිලක ලකුණු 29කට කඩුලු 4ක් සහ ගිහාන් ඊබර්ට් ලකුණු 36ක් ලබා දී කඩුලු 2ක් දවා ගත්තේය. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ ත්‍රිත්ව කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 188ක් රැස් කළහ.

නුවනිඳු ශතකයක් සහ කඩුලු 4ක් සමඟින් මොරටුව හොල්ලයි

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර 69 වැනි වරට පැවති “මොරටු මහා රන් සටන” අද (16) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී…

අනතුරුව ලකුණු 189ක පහසු ඉලක්කයක් හඹා යාමට සාන්ත අන්තෝනි පිතිකරුවන් පිටියට පිවිසිය ද ආරම්භයේ සිටම අන්තෝනි පිතිකරුවන් අසරණ කරන පන්දු යැවීමක නිරත වන්නට ත්‍රිත්ව පන්දු යවන්නන් උත්සුක විය.

ඒ අනුව අන්තෝනි ඉනිමේ සැලකිය හැකි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට හැකි වූ එකම පිතිකරුවා වෙමින් චමිදු වික්‍රමසිංහ ලකුණු 30ක් ලබාගත් නමුත් වෙනත් කිසිදු පිතිකරුවෙකුට සැලකිය හැකි දස්කම් අතරට පිවිසීමට ත්‍රිත්ව විද්‍යාලයේ අභිෂේක් ආනන්දකුමාර් ඉඩ සැලසුවේ නැත.

අන්තෝනි ඉනිම අකර්මණ්‍ය කරන දරුණු පන්දු යැවීමක නිරත වූ අභිෂේක් ලකුණු 23ක් පමණක් ලබා දී අන්තෝනි ඉනිමේ ප්‍රබල කඩුලු 6ක් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.

ඒ අවසරයෙන් පන්දුවාර 37යි පන්දු 2ක් තුල ලකුණු 130කට අන්තෝනි ඉනිම සීමා වූ අතර සිය පාසලේ අභිමානය වෙනුවෙන් ‘ත්‍රිත්ව – අන්තෝනි’ අතර පැවති 38 එක්දින මහා සටනෙන් ලකුණු 58ක ජයක් ත්‍රිත්වයින් විසින් දිනා ගන්නා ලදි.

ලහිරු රාජකීයයින් ජයග්‍රහණය කරා රැගෙන යයි

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර 44 වැනි වරටත් පැවති එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයේ දී කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට…

තරගයේ දීප්තිමත්ම ක්‍රීඩකයා ලෙස වැඩි ගෞරව හිමිකර ගැනීමට, විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ත්‍රිත්ව විද්‍යාලයේ අභිෂේක් ආනන්දකුමාර්  සමත් විය.

ඒ අනුව මේ වන විට ත්‍රිත්ව – අන්තෝනි පාසල් දෙක අතර මහා ක්‍රිකට් ගැටුම් 38ක් පවත්වා ඇති අතර ඉන් තරග 19ක ජය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයටත්, තරග 17ක ජය සාන්ත අන්තෝනි විද්‍යාලයටත් හිමිවී ඇති අතර තරග දෙකක් සම වී තිබේ.

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<









Title





Full Scorecard

Trinity College

188/9

(50 overs)

Result

St.Anthony's College

128/10

(38 overs)

Trinity won by 60 runs

Trinity College’s Innings

Batting R B
Extras
Total
188/9 (50 overs)
Fall of Wickets:
Bowling O M R W E

St.Anthony's College’s Innings

Batting R B
Extras
Total
128/10 (38 overs)
Fall of Wickets:
Bowling O M R W E