රුබෙල් සහ ශෆිඋල් නැවතත් බංග්ලාදේශ විස්සයි විස්ස සංචිතයට?

102

මේ දිනවල බංග්ලාදේශයේ දී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ දී ඇෆ්ගනිස්තානය හමුවේ ලද ලකුණු 25ක පරාජයෙන් පසුව ඉතිරි තරග සඳහා යම් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට බංග්ලාදේශය තීරණය කර ඇත.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්!

බංග්ලාදේශ තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි……

ඔවුන්ගේ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් දෙදෙනෙකු වන රුබෙල් හොසේන් සහ ශෆිඋල් ඉස්ලාම් දෙදෙනාව නැවත කැඳවීමට ඔවුන් තීරණය කර ඇති අතර පසුගිය දිනවල අසාර්ථකත්වයට පත් වූ සෞම්‍ය සර්කර්ව ඒ අතරවාරයේ කණ්ඩායමෙන් ඉවත් කර ඇත.

එමෙන්ම පිට දඟපන්දු යවන මෙහෙදි හසන්ව සහ මේ දක්වා තරගාවලියේ කිසිදු තරගයක් ක්‍රීඩා නොකළ වේගපන්දු යවන්නන් වන අබු හයිඩර් සහ යෙසීන් අර්ෆට් දෙදෙනාව ද කණ්ඩායමෙන් ඉවත් කර ඇත.

ඒ වෙනුවට තවමත් 21 වැනි වියවත් සපුරා නැති යොවුන් ක්‍රීඩකයන් වන නජ්මුල් හොසේන් සහ මොහමඩ් නයීම්ව කණ්ඩායමට කැඳවා ඇත. 

වමත් පිතිකරුවෙකු වන නජ්මුල් හොසේන් මේ වන විටත් බංග්ලාදේශ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නියෝජනය කර ඇති අතර තුන් ඉරියව් පා දඟපන්දු යවන්නෙකු වන අනමුල් සහ ආරම්භක පිතිකරු නයීම් තවමත් කිසිදු තරග රටාවක බංග්ලාදේශය නියෝජනය කර නොමැත. 

29 හැවිරිදි රුබෙල් මේ වන විට පන්දු වාර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 27ක් වෙනුවෙන් බංග්ලාදේශය නියෝජනය කර ඇති අතර අවසන් වරට ඔහු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරනු ලැබුවේ 2018 වසරේ අගෝස්තු මාසයේ දී ය. විස්සයි විස්ස තරග රටාවේ තරමක් වැඩි වශයෙන් ලකුණු ලබා දෙන පන්දු යවන්නෙකු වූවත් නව විස්සයි විස්ස සංචිතයේ අවස්ථාවක් රුබෙල්ට හිමි වී තිබේ.

29 හැවිරිදි ක්‍රීඩකයෙකු වන ශෆිඋල් ද අවසන් වරට විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරනු ලැබුවේ 2017 වසරේ අග භාගයේ දී ය.

මැතිව් වේඩ් ගඟට ඉනි කපද්දී එංගලන්තය තරගාවලිය සම කරති!

ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරු මැතිව් වේඩ් සිව්වැනි ඉනිමේ ලබාගත් විශිෂ්ට…..

නිමා වූ තරග තුනෙන් අනතුරුව බංග්ලාදේශය ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන අතර ඔවුන් ඇෆ්ගනිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් දෙක අතරමැද රැඳී සිටී. බංග්ලාදේශ මුල්පෙළ පිතිකරුවන් සිම්බාබ්වේ සමඟ පැවති තරගයේ දී ද අසාර්ථක වූ අතර අනතුරුව අෆිෆ් හොසේන් රැස් කළ සටන්කාමී ශතකයත් සමඟ ඔවුන්ට එම තරගයට යළිත් අවතීර්ණ වීමට හැකියාව ලැබුණි. මීළඟ තරගය එළඹෙන සැප්තැම්බර් 18 වැනි දින (බදාදා) සිම්බාබ්වේට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත.

සංචිතය – ශකීබ් අල් හසන් (නායක), මුෂ්ෆිකර් රහීම් (කඩුලු රකින්නා), මහ්මදුල්ලා, සබීර් රහ්මාන්, මොසද්දෙක් හොසේන්, ලිටන් දාස්, අෆිෆ් හොසේන්, ටයිජුල් ඉස්ලාම්, රුබෙල් හොසේන්, ශෆිඋල් ඉස්ලාම්, මුස්ටෆිසුර් රහ්මාන්, මොහමඩ් සයිෆුදීන්, මොහමඩ් නයීම් ශයික්, අමිනුල් ඉස්ලාම්, නජ්මුල් හොසේන්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<