ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් තරගවලට නව කාලසටහනක්

100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය 2022

252
100th National Athletics Championship

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ පැවැත්වීමට නොහැකි වූ තරග ඉසව් සඳහා නව කාලසටහනක් ජාතික මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර තිබෙනවා.

තරගාවලිය අප්‍රේල් 08, 09 සහ 10 යන දිනවල දී පවත්වා අවසන් කිරීම සැලසුම වූවත්, දියගම ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාව නිසාවෙන් අවසන් දිනයේ තරග රැසක් අප්‍රේල් 23 වැනිදා දක්වා කල් දැමීමට සිදු වුනා.

ඒ අනුව එම තරග අප්‍රේල් 23 වැනිදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත අතර දිනය ආරම්භ කරමින් පිරිමි මීටර් 1500 අවසන් තරගය පැවැත්වීමට නියමිතයි.

කාන්තා සහ පිරිමි උස පැනීම, කාන්තා සහ පිරිමි යගුලිය විසි කිරීම සහ පිරිමි තුන් පිම්ම පැනීම අවසන් තරග ද එදින පැවැත්වීමට නියමිත අතර කාන්තා සහ පිරිමි මීටර් 400 සහ 100 තරගවලින් තරගාවලිය අවසන් කිරීමට නියමිතයි.

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඇතුළු ප්‍රධාන පෙළේ තරගාවලි රැසකට සුදුස්සන් තේරීම සඳහා පැවැත්වෙන අවසන් තේරීම් තරගාවලිය මෙය වන නිසාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලිය ඉතා වැදගත්.

>> නව තරග කාලසටහන <<

100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් ඉසව්වන්හී සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<