ධනුෂ්කගෙන් නැවතත් කැපී පෙනෙන දස්කමක්

USATF Golden Games 2022

663
Danushka Sandaruwan

ලෝක මහද්වීපික මලල ක්‍රීඩා රන් සවාරිය යටතේ පැවති USATF Golden Games 2022 සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක ධනුෂ්ක සඳරුවන් එහි පිරිමි දුර පැනීම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගෙන තිබුණා.

තරගාවලියේ පිරිමි දුර පැනීම ඉසව්වේ මීටර් 7.90ක දස්කමක් දැක්වීමට ධනුෂ්ක සඳරුවන් සමත් වූ අතර ඔහුට ලෝකඩ පදක්කම අහිමිව ගියේ මීටර් 0.01ක පමණ කුඩා දුරකින් වීම විශේෂත්වයක්.

එම ඉසව්වේ රන් පදක්කම මීටර් 8.22ක දස්කමක් දැක්වූ බහරේන් ක්‍රීඩක Laquan Nairn විසින් දිනා ගනිද්දී, මීටර් 8.18ක දස්කමක් දැක්වූ ඇමරිකානු ක්‍රීඩක Will Williams දෙවැනි ස්ථානය සහ මීටර් 7.91ක දස්කමක් දැක්වූ ඇමරිකානු ක්‍රීඩක Carter Shell තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබුණා.

ඇමරිකාවේ වාසය කරමින් මලල ක්‍රීඩාවේ නිරත වෙන ධනුෂ්ක සඳරුවන් ගෘහස්ථ තරගයක දී මීටර් 7.75ක දස්කමක් දක්වමින් වසර 27ක් පැරණි ගෘහස්ථ දුර පැනීමේ ජාතික වාර්තාව බිඳ හෙළීමට මෙම වසරේ දී සමත් වුනා.

ඉන්පසුව සහභාගී වූ එළිමහන් තරගයක ද, සුළඟේ වාසිය (+3.4) සමඟ මීටර් 8.10ක කැපී පෙනෙන දස්කමක් දැක්වීමට ද ධනුෂ්කට හැකි වීම විශේෂත්වයක්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<