ජනිඳු ජාතික වාර්තාවක් පිහිටුවද්දී, තරුෂිගෙන් කනිෂ්ඨ වාර්තාවක්

ජාතික මලල ක්‍රීඩා පළමු තේරීම් තරගාවලිය 2023

224

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය (කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ) සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා පැවැත්වෙන පළමු මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය අද (20) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

තරගාවලියේ පළමු දිනය වූ අද දිනය අවසන් වන විට කනිෂ්ඨ ජාතික වාර්තාවක් සහ ජාතික වාර්තාවක් බිඳ හෙළීමට තරුෂි කරුණාරත්නට සහ ජනිඳු ලක්විජයට හැකි වීම විශේෂත්වයක්.

පිරිමි මීටර් 110 කඩුලු පැනීම ඉසව්ව සඳහා සහභාගී වූ වෙළඳසේවා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ජනිඳු තත්පර 13.82ක කාලයකින් තරගය අවසන් කළා. එම කාලයත් සමඟ රොෂාන් ධම්මික විසින් එම ඉසව්ව සඳහා පිහිටුවා තිබූ ජාතික වාර්තාව (තත්පර 11.89) බිඳ හෙළීමට ද ඔහුට හැකි වුනා.

කාන්තා මීටර් 800 ඉසව්වේ ජාතික ශූරිය වන ගයන්තිකා අබේරත්න පරාජය කරමින් ඉසව්ව ජයග්‍රහණය කිරීමට වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය නියෝජනය කරන යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් වුනා.

මිනිත්තු 2:01.39ක කාලයකින් එම තරගය අවසන් කළ තරුෂි තමා විසින්ම පිහිටුවා තිබූ කනිෂ්ඨ ජාතික වාර්තාව අලුත් කිරීමට සමත් වූ අතර එම කාලය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් මීටර් 800 ඉසව්වට වාර්තා කළ දෙවැනි වේගවත්ම සහ ලංකාව තුළ වාර්තා කළ වේගවත්ම කාලය වීම ද විශේෂත්වයක්.

කාන්තා මීටර් 800 ඉසව්ව මිනිත්තු 2:01.54ක කාලයකින් අවසන් කළ ජාතික වාර්තාවට හිමිකම් කියන ගයන්තිකා අබේරත්න එම ඉසව්වට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් වාර්තා කළ සිව්වැනි හොඳම කාලය වාර්තා කළ අතර හිටපු ජාතික ශූරිය වන නිමාලි රත්නායක තරගය අතරතුර ආබාධයකට ලක් වුනා.

කාන්තා මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ දිගු කාලීන ශූරිය වන නිලානි රත්නායක සිය ක්‍රීඩා දිවියේ දෙවැනි වේගවත්ම කාලය වාර්තා කරමින් ඉසව්ව ජයග්‍රහණය කළේ මිනිත්තු 9:40.24ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

1st Selection Trial – Day 1 Result (20.03.2023)

කලකට පසු කාන්තා මීටර් 200 ඉසව්වෙ කැපී පෙනෙන දස්කම් දක්වමින් තරගාවලියේ කාන්තා මීටර් 200 ඉසව්ව තත්පර 23.75ක කාලයකින් අවසන් කර ජයග්‍රහණය කිරීමට රුමේෂිකා රත්නායකට හැකි වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<