ආසියානු 23න් පහළ තරගාවලියට ශ්‍රී ලංකාව “D”කාණ්ඩයෙන්

684

දෙවන වරටත් පැවැත්වෙන “ආසියානු 23න් පහළ වොලිබෝල් ශූරතාවලිය” සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම “D” කාණ්ඩයෙන් තරගාවලියට එක්වීමට නියමිත බැව් වාර්තා වේ. මැයි පළමු වැනිදා සිට 09 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වෙන්නේ ඉරානයේ ආඩබිල් නුවරදීයි.

ආසියානු 23න් පහළ කාන්තා තරගාවලියේ දී ශ්‍රී ලංකාව “C “කාණ්ඩයෙන් තරග වදියි

තායිලන්තයේ නාකොන් රචසිමා හිදී පැවැත්වෙන “දෙවන ආසියානු 23න් පහළ කාන්තා වොලිබෝල් ශූරතාවලිය”..

ජපානය සහ තායිලන්තය, “D” කාණ්ඩය තුළ ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රතිවාදීන් වනු ඇති අතර 2015 වසරේ පැවති තරගාවලියේ දී පිළිවෙළින් 6 සහ 7 යන ස්ථාන ලබා ගත්තේ ඔවුන් විසිනි. ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා සහභාගී වන පළමු අවස්ථාව මෙයයි.

තායිලන්තයේ දුසිත් ප්‍රින්සස් ශ්‍රිනකාරින් හෝටලයේ පිහිටුවා ඇති ආසියානු වොලිබෝල් සමාජ සම්මේලනයේ දී, කාණ්ඩ බෙදීමට අදාළ කුසපත් ඇදීම සිදු විය.

“ආසියානු වොලිබෝල් සංගමය විසින් ප්‍රධාන තරගාවලි 8ක් සංවිධානය වෙන නිසා මං හිතන්නේ මේ කලාපය තුළ වගේම තායිලන්තයේත් වොලිබෝල් ප්‍රවර්ධනයක් සිදු වෙනවා. ආසියානු වොලිබෝල් සංගම් මූලස්ථානය බැංකොක් නගරයේ පිහිටා තිබීමත් අප එහි සාමාජිකයෙකු වීමත් අපට ගෞරවයක්. මව් සංගමයට අවශ්‍ය දැඩි සහයෝගය ලබා දීම මඟින් නුදුරු අනාගතයේ දී පැවැත්වෙන ප්‍රවර්ධන වැඩසටහන් වල දී සාර්ථක ප්‍රතිඵල ලබන්නට හැකිවේවි.” තායිලන්ත වොලිබෝල් සභාපති සොම්පොන් චයිබන්යන් මහතා පැවසුවේය.

2015 ශූරතාවලියේ දී ඉරානය ශූරතාවය ලබා ගත් අතර දකුණු කොරියාව සහ චීන තායිපේ කණ්ඩායම් පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන ලබා ගැනීමට සමත් විය.

ලෝක ශූරතා ලෝකඩ පදක්කම් ගෙන ආ පැරා වොලී

පැරා ක්‍රීඩා, එසේත් නැත්නම් “ආබාධිතයන් සඳහා වෙන්වූ ක්‍රීඩා”, ලොව සාමාන්‍ය ක්‍රීඩා මෙන්ම ජනාදරයට පත්ව..

කණ්ඩායම් 12ක්, කණ්ඩායම් 3 කාණ්ඩ 4ක් යටතේ තරග වැදීමට නියමිත අතර ඉරානය, පිලිපීනය, පකිස්තානය ඇතුළත් වන “A” කාණ්ඩයෙන් පිලිපීනය ඉවත් වීමට තීරණය කළ බැවින් සෑම කාණ්ඩයකම පළමු සහ දෙවන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබයි. ඊට සුදුසුකම් ලැබීම සඳහා එක් තරගයක් හෝ ජය ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වේ.

ඊජීප්තුවේ කයිරෝ නුවර දී පැවැත්වෙන, “23න් පහළ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවලට” මෙම තරගාවලිය මඟින් වටපිටාව සකසා දෙන අතර කයිරෝ හිදී පළමු සහ දෙවන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් ලෝක කුසලාන 23න් පහළ තරගාවලියට සුදුසුකම් ලබයි.

කාණ්ඩ

A – ඉරානය, පිලිපීනය, පකිස්තානය.
B – චීන තායිපේ, කසකස්තානය, උස්බෙකිස්තානය.
C – චීනය, ඕස්ට්‍රේලියාව, මැලේසියාව.
D – ජපානය, තායිලන්තය, ශ්‍රී ලංකාව.

 තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට